ඔබත් විශ්වයෙන් ඔටුන්නක් පලදින්න…….. ????

by | Apr 15, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

ඔබත් විශ්වයෙන් ඔටුන්නක් පලදින්න…….. ????

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ඔබත් විශ්වයෙන් ඔටුන්නක් පලදින්න…….. ????

ඔයාගේ සිතිවිලි වලට පුලුවන් මේ නොපෙනෙන විශ්ව ශක්තිය ඔයාට ආකර්ෂණය කරගන්න….

කරන්න තියෙන්නෙ පොඩි දේවල් ටිකක් විතරයි….

ඔයාට දැනටමත් ලැබුණ දේවල් වලට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න.

ඔයාට ඉදිරියෙදි අවශ්‍යයි කියන දේවල් ගැන නිතරම ලැබුණා කියලා හිතාගෙන විශ්වයට හා ඔයාගේ යටිසිතට සතුට දනවන්න…

ස්තූති පූර්වක වෙන්න….

ඒ විතරක් මදි ඒ අවශ්‍ය දේ වෙනුවෙන් කරන්න තියෙන දේවල් වෙනුවෙන් කැප වෙන්න. සැලසුමක් සකස්කර ඒ ඔස්සේ ගමන් කරන්න ……

සාර්ථක මනුෂ්‍යයෙක් වෙන්න ඔයාට ගොඩාක් දේවල් අවශ්‍ය වෙන්නෙ නෑ. මේක කියවන ගොඩාක් දෙනෙකුට සාර්ථක වෙන්න අවශ්‍ය සම්පත් මේ වන විට වැඩියෙනුත් එක්ක ලැබිලා ඇති….

ඔයා මේ මොහෙතෙ හරි කමක් නෑ ඔයාට තියෙන දේවල් ගැන සතුටු වෙන්න..

මොකද මේ ලෝකේ පිපාසයට පිරිසිදු වතුර ටිකක් නැතුව දුක් විදින මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.ඒ අතින් ඔයා සහ මම කොතනද ඉන්නේ..ඒ ගැන සතුටු වෙන්න…..

ඔයාගේ උත්සාහය, කැපවීම හා හිතේ දැඩි විශ්වාසය තියෙනවා නම් මේ ලෝකේ දිනන්න බැරි දෙයක් නෑ….

සමහර වෙලාවට අපේ හිත් කඩන් වැටෙනවා නේද?

අපි කොච්චර හිතින් ශක්තිමත් වෙන්න සිතුවත් අපට නොදැනීම අපි හිතින් ඕන තරම් වැටෙනවා..

ඒ වැටෙන හැම මොහොතකම නොවැටී ඉන්න පුලුවන් නම් ඔයාත් හරි ශක්තිවන්තයෙක්..

සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන් ඔබ්බට ගිහින් වැටෙන මොහොතක් පාසා තව තවත් හිතින් ප්‍රබලයෙක් වෙන්න.

මොකද අරමුණක් සාර්ථක කරගන්නෙ එහෙම නොවැටී නොසැලී ඉන්න අය විතරයි..

සත්‍ය පරාජිතයෙක් වෙන්න කලින්, හිතින් පරජිතයෙක් වෙලා ඔයාගේ ගමන නවත්තන්න එපා…

‘සිතිවිලි වලින් ජයග්‍රාහකයෙක් වෙන්න’.ඒ ජයග්‍රහණය ඔයාව සත්‍ය ජයග්‍රාහකයෙක් කරාවි..

ඔයාගේ හීන ජයගන්න ඉදිරියටම යන්න..

ඔයාට පුළුවන් ජයග්‍රහණයේ කිරුළු පළදින්න…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April15 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April15 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments