දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්
විදේශිකයෙක් එක්තරා රටක ග්රාමීය පෙදෙසක් නරඹමින් සිටින මොහොතක යම් වැඩ බිමක සේවයේ නිරත වෙමින් සිටි කම්කරුවන් පිරිසක් දුටුවා.
ඔවුන් සමග කතා කරන අරමුණෙන්, ඔහු අසලට පැමිණියා. බිත්තියක් බඳිමින් සිටි අයෙක් ගෙන් ඔහු මෙසේ ඇසුවා. “ඔබලා මොකද මෙතන කරන්නෙ?” .. “ඇයි ඔහෙට පේන්නෙ නැද්ද? මම මෙතන බිත්තියක් බදිනවා” කියල ඔහු ක්ෂණිකව උත්තර දුන්නා.
ඔහු මදක් එහායින් හිටපු තවත් පුද්ගලයෙකුගෙන් නැවත එය විමසුවා. “අපි මේ දේවස්තානයක් හදනවා. මේ ගමට දේවස්තානයක් නෑ. කවද හරි අපේ ළමයි මේ දේවස්තානය භාවිතා කරයි එයාලගෙ මගුල් උත්සව සිද්ද වෙයි. එයාලා සතුටින් ඉදියි.” ඔහු පැවසුවා.
එකම රාජකාරිය දෙස ඔවුන් බැලූ ආකාරය වෙනස්. කෙනෙක් තමන්ගේ රාජකාරිය දෙස බලන ආකාරයට එහි දුක, සතුට, සාර්ථක, අසාර්ථක භාවය රැදී තිබේ. තමුන් කරන කුමන කටයුත්ත වුවද එහි විශාල රූපය දෙස බලා කටයුතු කලහොත් එහි ප්රතිඵල ද සතුටුදායක වනු ඇත. සැමවිටම තමන්ගේ රාජකාරියෙහි විශාල චිත්රය දෙස බලන්න.
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු16 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
අද දවස ගොඩක් අයට තීර්ණාත්මක දිනයක්… අද පෝස්ට් සියල්ලම කියවන්න මතක තබාගන්න…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු17 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)