“කොල්ලෙක් කියන්නෙ අභිමානවත් චරිතයක්”

by | Apr 17, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

“කොල්ලෙක් කියන්නෙ අභිමානවත් චරිතයක්”

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

“කොල්ලෙක් කියන්නෙ අභිමානවත් චරිතයක්”

“අද මම ලියන්නෙ මම නියෝජනය කරන පරපුරට”

“එහෙමත් නැතිනම් අපේ තරුණයින්ට…..”

තරුණයෙක් කියන්නෙ ස්වාභාවයෙන්ම අභිමානවත් චරිතයක්. ස්ත්‍රීන්ට වඩා වැඩි ජවයක් සේම වේගයෙන් යමක් හඹා යෑමේ ශක්තියක් ද, ගාම්භීර කතා විලාශයක් ද ඔවුන්ට තියෙනවා. මෙය කියවන ඔබ ලෝකයට වටින ජවසම්පන්න තරුණයෙක්. නමුත් ඇතැම් කරුණු නිසා ඔබේ අභිමානය බිඳ වැටෙන අවස්ථා තියෙනවා. එවිට ඔබට ඔබේ ඉලක්ක කරා යන්න තියෙන හැකියාව අඩු වෙන්න පුළුවන්.

තරුණයෙක් විදියට ඔබේ අභිමානය පවත්වාගන්න මේ කරුණු ටික වැදැගත් වේවි.

???? ඉලක්කය සමඟ ජීවත් වෙන්න.

ඔබට ජීවිතයේ ලඟා විය යුතු වැදැගත් ඉලක්කයක් තිබේනම් ඔබේ අභිමානය තව තවත් ඔප්නැංවෙනවා. ඔබ ඒ සඳහා වැඩ කරනවා. සිතනවා.

???? කඩාවැටීම් ගැන කතා කිරීම නවත්වන්න.

අභිමානවත් තරුණයෙක් අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැරෙන්න තම ජීවිතයේ අතීත කඩාවැටීම් ගැන කතා කරන්නෙ නැහැ. කඩා  වැටුණු ප්‍රේම සබඳතා, අනිත් අයගෙන් තමන්ට සිදු වූ අසාධාරණ ක්‍රියා, තරහකාරයින් ගැන……….මේ වගේ කිසිම හරයක් නැති දේවල් කතා කරන්න එපා. එසේම බිඳ වැටුණු ප්‍රේම සබඳතා ගැන කියැවෙන බාල බොළඳ විරහ ගීත අහන එක නවත්වන්න.

???? ඉලක්කයකට වැඩ කරන චරිත ඇසුරු කරන්න.

ඔබ නිතර ඇසුරු කරන්නේ කුමන ආකාරයේ සමාජයක් ද? කිසිම ජීවන ඉලක්කයක් නැති,  මත්ද්‍රව්‍යට හෝ වෙනත් වැරැදි චර්‍යාවන්ට ඇබ්බැහි වූ හිස් පුද්ගලයින්ද? එසේනම් ඔබේ අභිමානය කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. ඉලක්කය ජීවිතය කරගත් අභිමානවත් පුද්ගලයින් ඇසුරු කරන්න. එවිට ඔබට ඔබේ ඉලක්කය කරා නොනැවැතී ගමන් කිරීමට පෙලඹවීමක් ඇතිවෙනවා. ඒ වගේම ශක්තිමත්ව අභියෝගවලට මුහුණ දීමේ හැකියාවක් ඇති වෙනවා.

???? නියම පිරිමියෙක් වෙන්න.

ස්ත්‍රීන්ට උදව් කරන්න. පිහිට වෙන්න. නමුත් ඔබ ඔබේ අභිමානය සුරක්ෂිත කරගන්න. ස්ත්‍රීන් සමඟ ගමන් කරද්දී ඔබ පිටුපසින් ගමන් කිරීම වැරැදියි. ඔබ ඉදිරියෙන් ගමන් කරන්න. ස්ත්‍රීන් දෙස නැවැත නැවැත හැරී නොබලන්න. එසේම බලහත්කාරයෙන්, වධයක් වන ආකාරයට ස්ත්‍රීන් සමඟ කතා බහ කිරීමට යෑම, බොළඳ බස් කීම වැනි දේ ඔබේ අභිමානයට හානියක්. ඔබේ අභිමානය ඉස්මතු වන ආකාරයට අඳින්න. කොණ්ඩය නිසි ආකාරයට සකසාගන්න. පිරිසිදු බව, පිළිවෙල හරිම වැදැගත්. උද්‍යෝගීමත් ගමන් විලාශයක් ඇති කරගන්න. කතා බහ වගේම සිනහව මනා පාලනයකින් කරන්න.

???? වාද වලට පැටලෙන්න එපා.

ඔබේ අභිමානය කඩා වැටෙන තව තැනක් තමයි අනවශ්‍ය වාද විවාද වලට පැටළෙන එක. “මෝඩයින් එක්ක වාද කරන්න එපා” කියල ඔබ අසා තිබෙනවා ඇති.

???? කාරුණිකත්වය හා ගෞරවය.

ඔබ අන් අයට කාරුණික වෙන්න. උදව් අවශ්‍ය විටදී උදව් කිරීමට පසුබට වෙන්න එපා. ඒ වගේම ගරු කළ යුතු අයට අනිවාර්‍යයෙන්ම ගරු කරන්න. එය ඔබේ අභිමානවත් බව ඉස්මතු කරවන වැදැගත්ම කරුණක්.

???? “ජෝකර් කෙනෙක්” වෙන්න එපා.

ඔබ වෘත්තීයමය වශයෙන් ජෝකර් චරිතයක් විය හැකියි. නමුත් ඔබ සමාජයෙදී ජෝකර් චරිතයක් වෙන්න එපා. සීමාව ඉක්මවා විහිළු තහළු කිරීම ඔබේ අභිමානයට බලවත්ම හානියක්. අනිත් අය ඔබ දෙස ගෞරවයෙන් බලන ආකාරයට ඔබේ අභිමානය පවත්වාගන්න………

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April16 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April17 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments