තමන්ගෙ හැකියාව ගැන විශ්වාස කරන්න

by | Mar 18, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

තමන්ගෙ හැකියාව ගැන විශ්වාස කරන්න

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

තමන්ගෙ හැකියාව ගැන විශ්වාස කරන්න….

එක්තරා තරුණ චිත්‍ර ශිල්පියෙක් තම අධ්‍යාපනය අවසන් කොට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන මැව්වා. ඔහුට තම චිත්‍ර ගැන මිනිසුන් සිතන්නේ කෙසේදැයි බැලීමට සිතුනා.

දිනක් ඔහු චිත්‍රයක් ඇද එය මිනිසුන් ගැවසෙන වීදියක තැබුවා.  තබා එය යටින් මෙසේ සටහන් කර තැබුවා.

“කරුණාකර මේ චිත්‍රය බලන්න. එහි වරදක් ඇත්නම් එම වරද ඇති තැන කතිරයක් යොදන්න.”

හවස් වී ඔහු මිනිසුන්ගේ ප්‍රතිචාර බැලීමට චිත්‍රය රැගෙන ඒමට ගියා. චිත්‍රය පුරාම මිනිසුන් කතිර ගසා තිබුනා. ඔහු දුටු දෙයින් දැඩි කනස්සල්ලට පත් උනා. ඔහුට චිත්‍ර අදින්න නොහැකි යැයි සිතුනා.  ඔහු කණගාටුවෙන් තම ගුරුතුමා හමුවීමට ගියා. සිද්දිය සැල කලා.

“කණගාටු වෙන්න එපා. ඔබ ඒ චිත්‍රයම නැවත අදින්න. අපි නැවත බලමු.”

ගුරුතුමා කිව්වා. ඔහු නැවත එම චිත්‍රයම ඇන්දා. එය ගෙන ගොස් එම වීදියේම තැබුවා. පින්සල් දිය සායම් එතන තබා එය යටින්

“මෙහි වරදක් ඇත්නම් කරුණාකර එය නිවැරදි කරන්න. කියා ලිව්වා.

එදින හවස ඔහු චිත්‍රය බැලීමට ගියා. චිත්‍රයෙහි කිසිදු වෙනසක් තිබුනෙ නෑ. ඔහු තව දින කිහිපයක් බැලීමට තිරණය කලා. දින කිහිපයක් අවසන් වූ විටත් චිත්‍රයේ වෙනසක් තිබුනේ නැහැ. එය බලා ගුරුතුමා මෙසේ කිව්වා.

“දරුවා… කෙනෙකුට විවේචනය කරන්න ලේසියි. ඒත් යමක් කරන්න අපහසුයි.

තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තබන්න. විශිෂ්ඨයෙක් වෙන්න අවශ්‍ය වන්නේ එපමණයි”

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු17 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මාර්තු18 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments