දවසේ සිතුවිල්ල ~ ගුරුතුමනි මට සාර්ථක වෙන්න උගන්වන්න

by | Aug 29, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ ගුරුතුමනි මට සාර්ථක වෙන්න උගන්වන්න

දිනක් zen ගුරුවරයෙක් මුහුදු වෙලළේ ඇවිදිමින් සිටියා…

ඔහුගේ වටිනා කම දන්න එක් තරුණයෙක් ඔහුව සොයාගෙන එනවා….

” ගුරුතුමනි , මට සාර්ථක වෙන්න උගන්වන්න ”

ගුරුතුමා නිසොල්මනේ කිසි කලබලයක් නැතිව අතේ තිබූ යශ්ඨියෙන් පොලවෙහි ඉරක් ඇන්දා…

තරුණයා, මට මේ ඉර කෙටි කර පෙන්වන්න..

තරුණයා මදක් කල්පනා කරල ඉරෙන් කොටසක් මකා දැමුවා…

ගුරුතුමා මෙසේ පැවසුවා…

තරුණයා, යන්න ගිහින් ඉගෙනගෙන එන්න…

තරුණයා ටිකක් තරහෙන් උනත් වෙන කරන්නට දෙයක් නැති නිසාවෙන් ආපසු හැරුනා…

කාලයක් ගතවුනා..

තරුණයා නැවත දවසක් ගුරුතුමා සොයා පැමිනියා..

අද නම් හරියටම උත්තර දෙනවා, ඔහු ඔහුටම කියාගත්තා…

” ගුරුතුමනි මට සාර්ථක වෙන්න උගන්වන්න, ”

නැවතත් ගුරුතුමා වෙරළේ ඉරක් ඇන්දා…

“මට මේ ඉර කෙටි කර පෙන්වන්න,”

ම්ම්ම්ම්ම් හරි ගුරුතුමනි , තරුණයා ඉරෙහි කොටසක් අතින් වසාගෙන සිටියා…

” යන්න තරුණයා, ගිහින් ඉගෙනගෙන එන්න ”

දැන් නම් තරුණයාට ටිකක් කේන්තියි , ඒත් කරන්න දෙයක් නෑ… ආපහු ගියා..

ආයෙත් කල්පනා කරල, ටිකක් කල් අරගෙන ආයෙමත් ගියා…

“ගුරුතුමනි , මට සාර්ථක වෙන්න උගන්වන්න ”

නැවතත් ගුරුතුමා වෙරළේ ඉරක් අඳිනවා..

” තරුණයා, මට මේ ඉර කෙටි කර පෙන්වන්න ”

තරුණයා මොහොතක් අරගෙන ඒ ඉරට ටිකක් ලඟින් ඊට වඩා දිග ඉරක් අඳිනවා…

එතකොටම අර ඉර කෙටි ඉරක් බවට පත් වෙනවා… !

හරියටම හරි තරුණයා,

සාර්ථක වෙන්න අවශ්‍ය නම් අනිත් ඉරි අතින් වහන්නවත්, අතින් මකල දාන්න වත්, යන්න එපා..

ඔයා ඊට වඩා දිග ඉරක් වෙන්න…

????????????????????????????????????????????????

ඔයා සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙක්ද ? ජීවිතේ වෙනස් කරන්න ඕන, දිනන්න ඕන කියල හිතන කෙනෙක්ද ? මේ ලෝකයේ නම කතා කරන, මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වෙන්න ඕනද ?

එහෙනම් කිසිම දවසක අනිත් අයගේ දක්ෂතාවයන් , හැකියාවන් මකන්න, වසා තබන්න උත්සාහ කරන්න එපා…

ඔයා ඔයාගෙ හැකියාවන්, දක්ෂතාවයන්, ගුනාංග, වැඩි කරගන්න, තවත් කෙනෙකුට වඩා ඔයා තුල ඇති විභවයන් වැඩි කරගන්න, දැනුම එකතු කරන්න,හොඳින් පුහුණු වෙන්න…

ව්‍යාපාරයකට උනත් මේක අදාලයි,

ඔයාට තරඟ කරන ව්‍යාපාර ගොඩාක් බිහිවේවි, ඒ ව්‍යාපාර වට්ටල දාන්න, කඩල බිඳල දාන්න, ඔයා උත්සාහ කරන්න එපා, ඔයාම තමයි ඒකෙන් පිරිහිලා යන්නේ…

එහෙනම් ඔයා වෙන්න ඕන, ඔයා හිතන්න ඕන, ඇයි ඔයා ලඟට පාරිභෝගිකයන් එන්න ඕන, මොකක්ද එයාල මගෙ ලඟටම එන්න ඕන හේතුව, මොනවද අනිත් අයට වඩා ඔයා ලඟට එන පාරිභෝගිකයන්ට ඔයාගෙන් ලැබෙන්නේ.

එහෙනම් ඔයා වෙන්න ඕන දිග ඉරක් !

හැමදාම ඒ ඉර දිග වැඩියෙන් තියාගෙනම ඉන්න නම් හැමදාම ඔයා ලඟ වැඩියෙන් යමක් ගොඩනගා ගන්න …

අපි CharityShop වල වුණ සිදුවීමක් සමඟ මෙය සසඳමු. අදහස් හොරකම් කිරීමේ අරමුණින් අපගේ පාඨමාලාවට සම්බන්ධ වුණ මනුස්සයෙක් හිටියා. හැබැයි අපගේ Techඉස්කෝලේ ආරම්භයත් සමඟම එසේ දැනුම අවභාවිතා කරන මිනිස්සුන්ට එයට ප්‍රවේශ වීමට නොහැකි ලෙස අපි වෙනස්කම් කලා. ඉන්පසුව එම පුද්ගලයා කලේ අපේ ආයතනයට වැරදි පටවලා අපෙන් අයින් වෙලා ගිය එක. ගිහින් අපේ තියෙන දේවල්ම ආරම්භ කරන්න පටන් ගත්තා. කොහොමත් මීට මාස 3 පෙර තමයි මෙය ආරම්භ කලේ.

1️⃣ CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) නම වෙනුවට ….. Campus Entrepreneurs Club කියලා නම දාලා ගෲප් එක හැදුවා

2️⃣ ලෝකයේ පළමු වතාවට අප විසින් ආරම්භ කල Lifetime පාඨමාලාව කොපි කර Lifetime පාඨමාලාවක් ආරම්භ කලා.

3️⃣ පාඨමාලා ගාස්තුව රු.5000ක් කලා

4️⃣ අපගේ පෝස්ට් වල අන්තර්ගතයන් කොපි කරලා මැදින් වචන වෙනස් කරලා ලීවා.

5️⃣ අපි මුදල් හොයන ක්‍රම 150ක් දෙනකොට එයත් 150ක්, 200ක් දෙනකොට එයත් 200ක් දෙන්න පටන් ගත්තා. තැනින් තැන අපේ පෝස්ට් කොපි කරලා ගත්ත නිසා එකම පෝස්ට් එකේ ක්‍රම 150/200 දෙකම සඳහන් කල අවස්ථාත් අපි දැක්කා.

6️⃣ අපි ඉගැන්වූ ක්‍රම වේද හරහා තමයි පෝස්ට් ඩිසයින් / රෙෆරල් ලින්ක් නිර්මාණය ආදිය කලේ.

අපෙන් අයින් වෙන්න කලින් තමයි ඔය දේවල් කලේ….

අපෙන් අයින් වෙලා ගියාට පස්සේ අර මුදල් හොයන ක්‍රම 200 අඩු වුණා ක්‍රම 40කට. මොකද අපේ ගෲප් එකෙන් කොපි කරන්න අදහස් නැතිව එයාට ඒ ගෲප් එකේ දෙන්න අදහස් නෑ.

Techඉස්කෝලේ කියලා එකකුත් පටන් ගත්තා…

අපේ කරන හැම දෙයක්ම ඒ ගෲප් එකේ දෙනවා කියලා පෝස්ට් දානවා. හැබැයි දෙන්නේ නෑ. මොකද දෙන්න බෑ. දන්නේ නෑනේ.

1️⃣රීලෝඩ් දාලා අමතර ආදායමක් හොයන්න

2️⃣අපගේ පෝස්ට් ශෙයා කරලා අමතර අදායමක් හොයන්න

3️⃣අපගේ පාඨමාලා සමග පිරිස එකතු කරලා අමතර ආදායමක් හොයන්න

4️⃣අපගේ සීට්ටුව සමග එකතු වෙලා අමතර ආදායමක් හොයන්න

5️⃣අපගේ ආයතනයට එන භාණ්ඩ හා සේවා නැවත විකුනා අමතර ආදායමක් හොයන්න

6️⃣රීලෝඩ් ඇප් එක ප්‍රවර්ධනය කරලා අමතර ආදායමක් හොයන්න

7️⃣අපගේ පාඨමාලා ප්‍රවර්ධනය කරලා අමතර ආදායමක් හොයන්න

8️⃣වීඩියෝ බලලා අමතර ආදායමක් හොයන්න

ඔන්න ඔය වගේ අපේම දේවල් දාලා පෝස්ට් හදලා දාන්න පටන් ගත්තා. දැන් ක්‍රම 100ක් දෙනවලු.

අපේ ටීම් එකේ අයනම් උත්සාහ කලේ ගෲප් එක රිපෝට් කරලා දාන්න. ඒත් මනුස්සයෙක් කන්න හොයාගන්නනේ මේක කරන්නේ කියලා මම කීවා ඕන නැහැ කියලා.

කවුරු හරි රැවටිලා රු.5000 ගෙව්වොත් තමා ප්‍රශ්නය වෙන්නේ. ඒ මනුස්සයා අමාරුවේ. ඇයි ඉතිං අපිනේ ක්‍රම 200 දන්නේ. එයාට අපගේ ඉගැන්වීම් බලන්න විදිහක් නෑනේ ගෲප් එකෙන් අයින් වෙලා නිසා….

අපිට වැදෙන්න වගේ පෝස්ට් දදා ඉන්නවා ඒ ගෲප් එකේ.

තමන් අලුත් දෙයක් ආරම්භ කලානම් අපි හැමෝම උදව් කරනවා. නමුත් ඔහුට ඕන වුනේ අපිව විනාශ කරලා දියුණු වෙන්න.

අන්න එතනයි ඔහුට වැරදුනේ…

සාර්ථක වෙන්න ඕනද? එහෙනම් ඔයා වෙන්න ඕන දිග ඉරක් !

හැමදාම ඒ ඉර දිග වැඩියෙන් තියාගෙනම ඉන්න නම් හැමදාම ඔයා ලඟ වැඩියෙන් යමක් ගොඩනගා ගන්න …

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

අගෝස්තු මාසයේ 15 වෙනිදා සිට අපගේ පාඨමාලාව නොමිළයේ ලබාදීම නතරකලා. මේ ගෲප් එකෙන් දැන් නොමිළයේ ලැබෙන්නේ  ජීවිතය ජයගන්න උපදෙස් සහ අතේ තියෙන මුදල රැකගන්න උපදෙස් පමණයි.

තාක්ෂණික කරුණු සහ මුදල් ඉපයීම් සම්බන්ධ සියලුම කරුණු සඳහා අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන්න ඕන. නොමිළයේ ඉගෙන ගන්න අවශ්‍ය අයට මේ ගෲප් එකේ පලකර ඇති පෝස්ට් 2,600 කියවා ඔන්ලයින් මුදල් ඉපයීම ගැන A-Z දැනගන්න පුළුවන්. ඒවා කියවා ඉගෙන ගන්නවාද නැද්ද යන තීරණය ඔබේය.

ඊයේ දිනයේ පෝස්ට් කියවන්න #2021අගෝස්තු28 ටච් කරන්න.

#2021අගෝස්තු29 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

CharityShop Team

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments