දවසේ සිතුවිල්ල – යම් අයෙකුගේ හැරයාමක් ඔබේ සාර්ථකත්වයේ හැරයාමක් වෙන්න පුලුවන්…

by | Feb 11, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල – යම් අයෙකුගේ හැරයාමක් ඔබේ සාර්ථකත්වයේ හැරයාමක් වෙන්න පුලුවන්…

සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

දවසේ සිතුවිල්ල :

යම් අයෙකුගේ හැරයාමක් ඔබේ සාර්ථකත්වයේ හැරයාමක් වෙන්න පුලුවන්…
ඒ නිසා හැරයන මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්න…

මෙයට මගේ ජීවිතයේනම් ඕන තරම් උදාහරණ තියේ. අද මගේ සාර්ථකත්වය ඇත්තටම හැර ගිය මිනිස්සු නිසයි…
මං තවමත් ඔවුන්ට පිං දෙනවා ඔවුන්ගේ හැර යාම නිසා…

මගේ පදනමට මුල් අඩවියේ මගේම කියලා ආයතනයක් තිබුණේ නැහැ. ඉතිං මං දන්න කියන යාලුවන්ගේ ආයතන එක්ක එකතුවෙලා මගේ වැඩසටහන් කරන්න උත්සාහ කලා. නමුත් ඔවුන් මගේ හැකියාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කලේ. ඉතිං නොහොඳ නෝක්කාඩුකම් නිසා ඔවුන් මාව හැරගියා…. අවසානයේ මගේම රජයේ ලියාපදිංචි පදනමක් ආරම්භ කරලා රටේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය ලෙස විවිධ ආයතන ඔස්සේ එක දිගට වසර 7ක් සම්මාන ගන්න මට හැකිවුණා…

ගොඩක් යාලුවෝ මට ලංවෙන්න උත්සාහ කරන්නේ මං සැපවත්, නිදහස්, ලංකාව පුරා සංචාරය කරලා විනෝදෙන් ඉන්න ජිවිතයක් ගත කරනවා කියලා හිතලා. එයාලටත් නිකන් ඉඳලා ඒ ජීවිතය ගත කරන්න මං ලඟට එනවා…

හැබැයි මගේ විනෝදය අර්ථ දැක්වීම වෙනස්. මගේ සාර්ථකත්වය මම මනින්නේ දවසට උදව් කරන අසරණ මිනිස්සුන්ගේ ප්‍රමාණය වැඩි වුණහම, මාසෙට Travel කරන්න පුලුවන් වුණ කිලෝමීටර් ගණන වැඩි වුණහම. සතුට තියෙන්නේ දවසට කී පාරක් දණගහලා ආශිර්වාදය ගන්න පුලුවන් වුනාද කියන එක මත, දවසට වැඩිහිටියන් කී දෙනෙක්ගෙන් උම්මා ගන්න පුලුවන් වුනාද කියන එක මත… විනෝදය තියෙන්නේ දවසට මාරු කරන ඇඳුම් ප්‍රමාණය වැඩි වුණහම….

ඉතිං සම්ප්‍රදායික ජීවිත ගත කල අයට මගේ ජීවිතයට හැඩගැහෙන්න බෑ. මොකද මම උපතින්ම මෙහෙමයි. ඉතිං ගොඩක් අය එනවා. කාලයක් අවංක යාලුවෙක්, හැමදේම කරන්නේ අවංකව කියලා පෙන්වන්න උත්සාහ කරනවා. තමන්ට අවශ්‍ය දේවල්, වාසි, වරප්‍රසාද ගන්න බෑ කියලා දැනගත්තට පස්සේ ඉවත්වෙලා ගිහින් උත්සාහ කරනවා මගේ ජිවිතය විනාශ කරන්න. හැබැයි විනාශ කරන්න උත්සාහ කරන්නේ වෙන මොකක්වත් නෙමේ මගේ අසරණ මිනිස්සු ලක්ෂ ගාණකට උදව් කරන පදනම….

හැබැයි ඒ අය මාව හැරගිය නිසා අද අවංකවම ආදරය කරන අය මං ලඟ ඉන්නවා. ඒ අය හරියට අඳුරගන්න පුලුවන් වුණා…

ඊටත් වඩා හොඳම උදාහරණය මං ආදරය කල ගැහැණු ළමයි… ඒ අය තමයි මාව විනාශ කිරීමේ ගේම් එකේ උඩම ඉන්නේ. මං සාමාන්‍යයෙන් නිදහස්, කෙලින් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඕනම කෙනෙක්ට මං කියන්නේ මං ජීවිතය ගත කරන්නේ මෙහෙමයි. එය වෙනසක් වෙන්නේ නෑ. කැමතිනම් ඉන්න පුලුවන්, නැත්නම් යන්න පුලුවන් කියලා. මොකද අවුරුදු 35ක් ජීවිතය ගතා කලානම් තනියම, මටනම් කිසි අවශ්‍යතාවයක් නෑ ඒ ජීවිතයේ තීරණ ගැනීම තවත් අයට බාරදීලා ජීවිතය අපායක් කරගන්න.

ගොඩක් මිනිස්සු කරන්නේ තව කෙනෙක්ට ජීවිතය පාලනය කරන්න දීලා කියලා උඩින් පෙන්වලා යටින් තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන ගමන් අනුන්ට කියනවා මේක තමයි ජීවිතය, මෙහෙම ජීවත් වෙන්න කියලා. ලොකූ දාර්ශනික කතා කියනවා. ඔවුන්ගේ ජීවිත හිස් හැබැයි. බොරුවට අපට උපදෙස් දෙනවා…

වරක් ගැණු ළමයෙක් එක්ක යාලුවුණා තාක්ෂණික හැකියාව සහ සමාජසත්කාර වලට කැමැත්ත තිබේ කියලා හිතලා. ප්‍රධාන අරමුණ වුනේ දෙන්න එක්ක එකතුවෙලා හොඳ වෙබ් අඩවියක් නිර්මාණය. නමුත් වසර දෙකක කාලයක් නාස්ති වුණා පමණයි. හැදුනු වෙබ් අඩවියක් නෑ. කාලය නාස්තියක් පමණයි. ඇයගෙන් ඉවත් වූ පසු වසරේ විශිෂ්ටතම වෙබ් අඩවිය සම්මානය මට හිමිවුනේ මගේ තනි මහන්සියෙන්…

ඇය සිටින කාලය තුල ජිවිතය අඳුරු වලාකුලකින් වැසුනා වගේ වුනා… ඒ තරම් මුස්පේන්තු, ජීවිතයට අවාසනාව ගෙනෙන කෙනෙක් මගේ ජීවිතයට ඇවිත්ම නැහැ. ඇය නිසා ඉදිරියේදී හෝ කාගෙවත් ජීවිතයක් විනාශ නොවේවි කියා මා ප්‍රාර්ථනා කරනවා. මොකද පිටට ලෝකයට පේන්නේ ඇය ලෝකයේ හොඳම කාන්තාව ලෙසයි…

වරක් ජීවිතයම සමාජසත්කාර, ආදරයක් ඕනත් නෑ. මිනිසුන්ට පිහිට වෙන ඔයා තරම් හොඳ කෙනෙක්ගේ මේ වගේ විශිෂ්ට වැඩසටහනකට උදව් කරන එක තමයි ජිවිතය කීව ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ආරම්භ කලා. ලෝකෙට පෙන්නුවේ යශෝධරාවක් කියලා. නමුත් චිංචිමානවිකවක් වගේ. වෙන්ව ගියාට පස්සේ දවසේ පළමු කාර්යය අද දවසේ මෙයාගේ වැඩසටහන විනාශ කරන්න මොකද මම කරන්නේ ? කාටද මෙයා ගැන වැරදි කියන්නේ කියලා කල්පනා කරන එක.

ජීවිතයේ මම ගත්ත තීරණ වලින් ගත්ත වැදගත්ම, බුද්ධිමත්ම තීරණය එයයි. තව පොඩ්ඩක් එහා මෙහා වුණානම් මගේ ඉතිරි ජීවිත කාලයම අපායක් වෙනවා. බොරු මවා පෑම් කරන ගැහැණියකට රැවටෙනවා. සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් වෙන් වුණහම පෞද්ගලිකව පළිගන්න එක අපට සාධාරණීකරණය කරන්න පුලුවන්. නමුත් රටටම වැඩක් වෙන සමාජසත්කාර වැඩසටහනක් තමන්ගේ පෞද්ගලික නොහැකියාවට විනාශ කරන්න උත්සාහ කරනවානම් ඒ තරම් නීච, තුච්ච, අධම කෙනෙක් තවත් නැති තරම්. මෙච්චර කාලෙකට හැරගිය අනෙක් අය අනේ ඇත්තටම එයාලා මට කොච්චර උදව් කලාද, හිටියනම් සතුටුයි කියලා මම හැමවෙලාවෙම මෙනෙහි කරනවා.

හැබැයි මෙච්චර කාලෙකට වැඩියෙන්ම ආදරේ කල පුද්ගලයා වුනත් සමාජසත්කාර විනාශ කරන්න උත්සාහ කලා කියලා දැනගත්ත මොහොතෙම හිතේ තිබුණු පුංචිම හැඟීම් පවා නැතිව ගියා. අවංකවම අද වෙනකොට වැඩියෙන්ම ආදරේ කල ඇයගේ කෙටි නමවත් මට මතක නෑ. හැබැයි වසර 15කට පෙර මගේ 3 වෙනි ආදරය “සමරදිවාකර කරුණානායක චන්ද්‍රසේකර වාසල කුමාරසිංහ මුදියන්සේ රාළහාමිලාගේ DYC” ඔය විදිහට මතකයි…. එතන ආදරයක් තිබෙබේ නැහැ. හැබැයි ඇයයි සමාජසත්කාර වලට මග පෙන්නුවේ…

මේ පෝස්ට් එක මගේ පෞද්ගලික ප්‍රොෆයිල් එකේ නොදැම්මේ ඇයව පෞද්ගලික ප්‍රොෆයිල් එකේ අයව දැනගෙන හිටිය නිසා. එයට මෙය පළකලොත් ඇයගේ චරිතයට හානියක් වෙන නිසා. නමුත් මේ ගෲප් එකේ 99.9% ආගන්තුකයින්. අන්න එහෙමයි අපිට වෛර කරන මිනිස්සුන්ටත් සලකන්නේ…

හොඳම දේ යමෙක් අපි එක්ක අවුරුදු දෙකක් සිටියා කියා සිතන්න. ඔවුන් යම් හේතුවක් නිසා වෙන්ව ගියොත් ඔවුන් සමාජයට කියන්නේ ” ආ ඒ අවුරුදු දෙකනම් මම හිටියා තමයි. එයා ඒ වුණාට හොඳ නෑ. මං කෝමාවක වගේ හිටියේ, බලෙන් තියාගෙන හිටියේ. ඒ අවුරුදු දේකේ මම එයා ගැන කීව හොඳ ඇත්ත නෙමේ, බොරු.. එයා ඇත්තටම හොඳ නෑ.. ඒවා අනික මම කියපුවා නෙමේ. මගේ ඇඟට වෙන කෙනෙක් ඇතුල් වෙලා කියපුවා වෙන්න ඇති..” ඔන්න ඔයවගේ විකාර තමයි.. බුද්ධිමත් මිනිස්සු තේරුම් ගනී…

ඉතිං යන මිනිස්සුන්ට යන්න දෙන්න….
ඔවුන්ගෙන් පාඩම් ඉගෙන ගන්න…
ජීවිතයේ අඩුපාඩු හදාගෙන තනියම හරි අලුත් අයත් එක්ක හරි ගමන යන්න…

දාලා ගිය හැමෝටම ස්තූතියි. අද ඔයාලා හිටියනම් මම තවමත් 8-5 රස්සාවක් කරන ගෙදරට හිරවුණ කාගේ හරි අතකොලුවක්, රූකඩයක්….

මගේ සාර්ථකත්වය ආරම්භ වුනේ ඔබේ හැරයාමත් සමඟින්…

Charityshop Team

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments