දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jun 13, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

දුර දිවීම් තරඟයකදී  කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර විය.

පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එම නිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.

අවසානයේ මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්‍රශ්න කලා.

“ඇයි ඔබ එහෙම කළේ?”

* අයිවන් :

මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්‍රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි……

* මාධ්‍යවේදියා :

නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ?

* අයිවන් :

මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.

* මාධ්‍යවේදියා :

නමුත් ඔබට ජයග්‍රහණය කළ හැකිව තිබුනා.

* අයිවන් :

නමුත් ඒ ජයග්‍රහණයේ අර්ථය කුමක්ද?

එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇති ද?

මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

ඔහු හිතුවේ අනුන්ගේ අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කළහොත් තමන්ගේ අම්මා තමන්ගේ සාරධර්ම පිළිබඳව සිතන ආකාරය ….

සිතන්නට යමක්…….

ඔබත් ඔබේ සාරධර්ම රැකිය යුත්තේ ඔබේ දෙමාපියන් ඉදිරිපිට පමණද ?

ඔබ සාරධර්ම වලින් පිරිපුන්ව  නිසැකවම ජය අත් කර ගැනීමට නම් ….

ඔබවම පරාජය කල යුතුය. යමක් අළුතින් කිරීමට ඔබ සුබවාදීව සිතන විට, ඔබේ අතීතය ඔබව බැඳීම් රාශියකට හසු කර ගැනීමට උත්සාහ දරනු ඇත.

අතීතයේ ඔබේ නොහැකියාවන් හෙවත් ඍණාත්මක හැඟීම්, අසාර්ථකත්වයන්, පරාජයවීම් සහ ඔබේ සුවපහසු කලාපය ඔබව බැඳීම් වලින් වෙලාගෙන, ඔබව අළුතින් යමක් කිරීමෙන් වලකාලීමට උත්සාහ දරනු ඇත.

ඔබ කිසිවෙකුත් සමඟ තරඟ කල යුතු නැත.

ඔබ තරඟ කල යුත්තේ  ඊයේ සිටි ඔබ සමඟ ම පමණි. ඔබ ඊයේ,ට වඩා පියවරක් අද ඉදිරියට තැබූවේ නම් ඔබ සාර්ථකත්වයේ ගමන්මඟෙහි ගමන ආරම්භ කර ඇත.

ඔබ පරාජය කල යුත්තේ ඔබවමයි. ඔබ පරාජය කල යුත්තේ ඊයේ තිබූ ඔබේ නොහැකියාවන් පමණි. එවිට ඔබේ සාර්ථකත්වයේ ගමන කිසිවෙකුටත් උදුරා ගත නොහැක. ඔබේ සාර්ථකත්වයට මෙන්ම පරාජයවීම් වලට වගකිව යුත්තේ ඔබ පමණි.

එමනිසා ඔබේ ජයග්‍රහණය ට  ඔබම වග කියන්න.

අපගේ සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ….

අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?

අපද අපගේ දරුවන්ට ජයග්‍රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු…

අපි ඔබට නිරන්තරයෙන්ම සාරධර්ම , විනය , සදාචාරය අංක එකට හදුන්වා දෙන්නේ ඔබ ඉහත සියල්ලෙන්ම පරිපූර්ණ  යහපත් සිතුම් පැතුම් වලින් සන්නද්ද අම්මාගේ තාත්තාගේ නම්බුව රකින නම්බුකාර පුරවැසියන් ලෙස සමාජගතකොට ඔබට සහ ඔබේ දරුවන් උදෙසා යහපත් හෙටක් නිර්මාණය කිරීමටයි…..

CharityShop වල අපි අනික් eMoney ආයතන වල මෙන් විනයක් නැතිව අනෙක් අයගේ පෝස්ට් වල කමෙන්ට් කරන්න එපා කියන්නේ ඒ නිසයි… වෙන ආයතන එම ආයතනයේ සාමාජිකයෙක් රෙෆරල් සොයද්දී තව අය 100ක් පමණ ඒ පෝස්ට් එකේම එකිනෙකා සමඟින් රණ්ඩු කරමින් රෙෆරල් සොයනවා… එකම පෝස්ට් එකේ කමෙන්ට් කරනවා. ඒ තරඟය අපේ නැත… අපි අපේ සාමාජිකයෙක්ගේ පෝස්ට් එකකට Recommend කරන කමෙන්ට් එකක් කරනවා පමණි…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි12 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි13 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments