දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jul 2, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

මහාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම  විදිහේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුළත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේ දී මැළි බවක් දක්වනවා.

ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුණ දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර කරන්න කියලා.මහාචාර්යවරයා බලාපොරොත්තු උනේ කාන්තාවක් ඉස්සරහට ඒවි කියලා,මොකද මේ වගේ දේවල් වලට දක්‍ෂ කාන්තාවොනේ. නමුත් මහාචාර්යවරයා පුදුමයට පත් කරමින් පන්තිය ඉස්සරහට ආවේ වයස අවුරුදු 40ක් පමණ වෙන පිරිමි කෙනෙක්…..

“මහාචාර්යතුමනි ඔබ ගිය සතියේ ඒ පැවරුම දුන්න වෙලාවේ මම ඔබත් එක්ක තරහින් හිටියේ. මට හිතුනේ නෑ ඒ විදියට ආදරෙයි කියලා කියන්න ඕනි කෙනෙක් මගේ ජීවිතේ ඉන්නවා කියලා. අනිත් එක එහෙම කෙනෙක් හිටියත් එහෙම කියන්න කියලා මට කියන්න ඔබ කවුද කියලත් මට හිතුනා.ඒත් මම ගෙදර යන අතරතුර මගේ හෘද සාක්‍ෂිය මට කතා කලා. එය මට පැහැදිලිවම කිව්වා මම ආදරෙයි කියලා කියන්න ඕනි කාටද කියලා.

වසර 5කට විතර කලින් මමත් මගේ පියාත් අතර බහින්බස් වීමක් ඇති වුණා. එදා ඉදලා ආයේ කවදාවත් අපි දෙන්නා සුහද උනේ නෑ. අපි දෙන්නා මුණ ගැහුණේ පවුලේ අය එකතු වෙන සාදයකදී විතරයි,ඒ හමු උනත් අපි වචන දෙක තුනකට වැඩිය කතා කරන්නේ නෑ.ඉතින් එදා රෑ වෙලා ගෙදර යනකොට මම තීරණය කලා මම ආදරෙයි කියලා කියන්න ඕනි මගේ තාත්තට බව.

මම ගෙදර යනකොට මගේ බිරිද නිදාගෙන හිටියේ. මම ඇයව ඇහරවලා මේ බව කිව්ව ගමන් ඇය පැනලා මාව බදාගෙන මාව සිප ගත්තා. අපේ විවාහ ජීවිතයේ පළවෙනි වතාවට ඇය මගේ කදුළු දැක්කේ එදා.එදා ඈ අපි දෙන්නා ගොඩාක් රෑ වෙනකම් කෝපි බිබී කතා කර කර හිටියා.ඇත්තෙන්ම එය නියමයි.

පහුවදා ගොඩාක් ප්‍රබෝධමත් දවසක් උනා. උදේ පාන්දරම නැගිට්ට මම වෙනදට කලින් කාර්යාලයට ගියා. වෙනදා මුළු දවසෙම කරන වැඩ එදා මම පැය දෙකෙන් අවසන් කලා. 10ට විතර මම තාත්තාට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා ඇමතුමට පිළිතුරු දුන්නම මම ඇහුවා ….

“තාත්තේ මට අද හවස 5.30ට තාත්තව හමුවෙන්න පුලුවන් ද?තාත්තට කියන්න දෙයක් තියනවා මට”

තාත්තා තරහින් “ඒ පාර මොනවද”කියලා ඇහුවා.

නමුත් මට වැඩි වෙලාවක් අවශ්‍ය නොවන බව ඒත්තු ගන්වන්න පුලුවන් උන නිසා ඔහු කැමති උනා හවසට හමු වෙන්න.

හවස 5.30 වෙනකොට මම තාත්තලගේ නිවසට ගියා. දොරට තට්ටු කරනකොට මට බය හිතුණා අම්මා ඇවිත් දොර අරී කියලා. ටික වෙලාවකින් තට්ටු කරනකොට දොර ඇරුණා,දොර ඇරියේ තාත්තා.මම කාලේ නාස්ති කලේ නෑ.

“මම ආවේ මම තාත්තාට ගොඩක් ආදරේ බව කියන්නයි”තාත්තා දෙසට පියවරක් තබන ගමන් මම කිව්වා.

මේ කතාව අහපු ගමන් තාත්තාගේ මූණ ගොඩක් වෙනස් උනා,පෙන්නගෙන හිටිය තරහා මූණ අයින් වෙලා ඉස්සර මට පුරුදු මගේ තාත්තගේ මූණ මතු උණා.තාත්තාගේ ඇස් වලට කදුළු ආවා.අඩන ගමන් තාත්තා කිව්වා.

“පුතාට මමත් ගොඩක් ආදරෙයි පුතේ..ඒත් මට ඒක පුතාට කියා ගන්න පුලුවන් උනේ නෑ”කියලා.

තාත්තයි මමයි ගොඩක් වෙලා බදාගෙන හිටියා.ඒ වෙලාවේ මගේ අම්මත් ඇවිත් අපි දෙන්නව බදා ගත්තා.ඒක වචන වලින් විස්තර කරන්න බැරි මොහොතක්…මට ඒ වගේ සැනසිල්ලක් අවුරුදු ගාණකින් දැනිලා නෑ….

ඒත් මගේ කතාව එතනින් ඉවර නෑ. මම ඔහුගේ නිවසට ගිය දවසට දවස් දෙකකට පස්සේ ඔහුට හෘද්‍යාබාධයක් හැදුණා,ඔහු මට කවදාවත් කියලා නෑ ඔහුට හෘද්‍යාබාධයක් තියනවා කියලා. ඔහු තවම රෝහලේ. ඔහුට තවමත් සිහිය නෑ. වෛද්‍යවරුන්ගේ මතයට අනූව ඔහුගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.

මට ඔයාලා හැමෝටම පණිවිඩයක් දෙන්න තියනවා.කරන්න ඕනි බව දන්න කිසිවක් කරන්න මොහොතක්වත් පමා වෙන්න එපා.හිතන්න මම තාත්තව මුණගැහෙන්න යන්නේ නැතිව හිටියා නම් ආයේ කවදාවත් මට ඔහුට කියන්න බැරි වෙන්න තිබුණා. මම ඔහුට කොච්චර ආදරේද කියලා. ඉතිං කරන්න අවශ්‍ය දේ මේ  මොහොතේ ම කරන්න….

ඒ වෙනුවෙන් ……

ඔබේ කාලය මේ දැන්ම මිඩංගු කරන්න.” කියමින් ඔහු කතාව අවසන් කළේය..

මෙලොව පවතින සියලුම දේ අතුරින් අවිනිශ්චිතම දෙය නම් කාලයයි….ගෙවී යන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න…. මේ මොහොතේ කළ යුතු දෙය මේ මොහොතේ ම කරන්න……කිසි විටෙක කල් නොදමන්න……

මගේ තාත්තා 2009 දී නැතිවුණා. මට තාත්තට ජීවත්ව ඉන්න කාලේ ආදරෙයි කියාගන්න බැරිවුණා. මම තවත් ඒ ගැන හිතින් දුක් වෙනවා  මගේ සමාජසත්කාර පදනම ආරම්භ කරලා මම අසරණ මිනිස්සුන්ට පිහිටවෙන්න පටන්ගත්තේ, මගේ ජීවිතේම ඒ වෙනුවෙන් කැපකලේ මං තාත්තට කොච්චර ආදරේද කියලා මගේ හදවතට කියලා දෙන්න…

හිත හිතා ඉන්න එපා, CharityShop පාඨමාලාවට සම්බන්ධ වෙන්න. දැනුම ලබාගන්න, ආදායම් උපයන්න. ප්‍රමාද නොවෙන්න…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූලි1 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූලි2 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments