දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Mar 31, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

එක්තරා මහලු මවක් හිටියා, ඇයට දූවරු දෙන්නෙක් හිටියා. දෙන්නම විවාහ වෙලා. ලොකු දුව කුඩ වෙළෙන්දෙක් සමග සහ පොඩි දුව නූඩ්ල්ස් හදලා විකුණන වෙළෙන්දෙක් එක්කයි විවාහ වෙලයි හිටියේ. හැබැයි මේ මහලු මව හැමදාම කල් ගත කළේ ඇඬූ කඳුළින්. මුහුණේ කවදාවත් හිනාවක් තිබුණේ නෑ. හැම වෙලාවෙම කල්පනා කර කඳුළු සැලුවා.

හොඳින් ඉර පායලා තියෙන දවස් වල ඈ මෙහෙම හිතමින් දුක්වුණා.

“වැහි පොදක් නැහැ, ලොකු දුවගේ සැමියගේ කුඩ ගන්න කිසිම කෙනෙක් එන එකක් නෑ එහෙම පාඩු වෙලා කඩේ වහන්න වුනොත් එයාලට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති වෙයි ” කියලා.

ඒ වගේම වැහිබර දවස් වලදීත් ඇය දුක් උනා ඇගේ පොඩි දුව ගැන සිතමින්.

” මෙහෙම වැස්සොත් පොඩි දුවගෙ සැමියාට නූඩ්ල්ස් ටික වේලගන්න බැරි වෙයි. කඩයට එන මිනිස්සුන්ට හරි වෙලාවට නූඩ්ල්ස් ටික විකුණගන්න බැරි වෙලා එයාලට පාඩු විඳින්නේ වෙයි. එහෙම වුනොත් එයාලට ජීවත් වෙන්න ආදායමක් නැති වෙනවා නේ .”

ඉතින් මේ විදිහට වැස්සත්, පෑව්වත් මේ මහලු මව ඉන්නෙ හැඬූ කඳුළෙන්. කිසිම කෙනෙක්ට බැරිවුණා ඇයව සතුටු කරන්න. මූණට හිනාවක් ගේන්න.

එක දවසක් මේ විදියට හඬමින්  පාරේ යද්දි ඇයට එක්තරා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් මුණගැසුණා. ඔහු ඇය හැඬීමට හේතුව විමසා බලා සියල්ල තේරුම් ගෙන ඇයට සතුටින් සිටීමට වටිනා උපදෙසක් දුන්න.

“අම්මෙ අද ඉඳලා ඔයා දුවලා ගැන හිතලා කිසි දෙයකට දුක් වෙන්න එපා. මම ඔයාගේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳලා දෙන්නම් . ඔයාට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.

ඔයා හිතන විදිය වෙනස් කරන්න. පායන දවස් වලට ලොකු දුව ගැන හිතන්න එපා, පොඩි දූ ගැන හිතන්න. පායන දවස්වලට ලොකු දුවගේ කුඩ වෙළදාම ගැන නොහිතා පොඩි දුවගේ නූඩ්ල්ස් විකුණ ගන්න හැකිවීම ගැන හිතන්න.  නූඩ්ල්ස් වැඩිපුර විකුණලා ලබන ලාභය ගැන හිතලා සතුටු වෙන්න.

ඒ වගේම වැහිබර දවස් වලට පොඩි දුව ගැන වෙනුවට ලොකු දුවගෙ කුඩ වෙළදාම ගැන හිතන්න. ලොකු දුවගේ කුඩ වැඩිපුර විකුණල ලැබිය හැකි ලාභය ගැන හිතලා සතුටු වෙන්න”.

මහලු මවට තේරුම් ගියා මෙච්චර කාලයක් එයා දුක්වුනේ එයා තෝරගත්ත  වැරදි චින්තන රටාව නිසා බව. ඇය එදින සිට ම ප්‍රඥාවන්ත මිනිසා උපදෙස් දුන් ආකාරයට තමන්ගේ චින්තනය වෙනස් කර ගත්තා . ඉන්පසු කිසි දා ඇගේ ඇසේ කඳුළක් තිබුණේ නෑ. හැමදාම සතුට ඉතිරෙන සිනහව පිරුණු මුහුණකින් ජීවත් වුණා .

අපේ ජීවිතයේ හැම සිදුවීමකම පැති දෙකක් තියෙනවා. හරියට කාසියක පැති දෙකක් තියෙනවා වගේ. ඒ පැති දෙකෙන් තෝරගත්ත පැත්ත අනුව තමයි අපිට ඒ සිදුවීම පේන්නේ . අපි ඒ ගැන සතුටු වෙනවද, දුක් වෙනවද කියන දේ තීරණය වෙන්නේ අපි ඒ බලන විදිය අනුව. මේ කතාවේ මහලු මවට හැමදාම සතුටින් ජීවත් වීමට හේතුව උනේ අව්වේ හෝ වැස්සේ වෙනස් වීම නෙවෙයි. දුවලාගේ වෙළදාම් වල ඇති වූ වෙනස් වීමකුත් නෙවෙයි. ඒ මවගේ සිතිවිලි වල  සහ ජීවන දර්ශනයේ ඇති වූ වෙනස් වීමම පමණි.

ඔබත් අද සිටම ඔබ සිතන ආකාරය වෙනස් කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන් වේවි.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු30 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මාර්තු31 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments