දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jul 17, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

එක්තරා ගමක පුංචි පවුලක් ජීවත් වුණා . මේ ගෙදර ගෙහිමි කාන්තාව නිතරම අනුන් දිහා සැකෙන් බලන්න පුරුදු වෙලා හිටියේ . අල්ලපු ගෙදර දෙන්න දෙමහල්ලෝ ඒ අයගේ  කතාවකට හිනා වුනත් ඇය හිතන්නේ  ඒ ඇයට හිනාවුණා  කියලා . පාරේ  යද්දි වෙන ගෙදරක වෙනම කතාවක් ඇහුනත් ඇය හිතුවේ  ඒ එයාට ඇනුම් පදයක් කිවුවා  කියලා  .   කඩ මන්ඩියේදි ඉස්සර අකුරු හැමෝටම බැරි හින්ද  පත්තර කියෙවුවේ  එක්  කෙනෙක් ……. අනිත් අය අහගෙන ඉන්නවා පත්තරයක තියෙන දෙයක් කෙනෙක් කියනවා ඇහුනත්

“තෝ මටද බොල ඔය කිව්වේ” කියලා  කඩා පනින්න පුරුදු වුණා .නමුත් අනිත් අය එයාගේ හැටි දන්න නිසා ඒවා  ගනන් ගන්නේ  නෑ .ඇයගේ  සැමියා  මේ ගැන තේරුම් කරන්න උත්සහ කලත් ඇය හිටියේ  ඇයගේ ම මතයේ. .ගමේ හැමෝම එක්ක   මෙයා තරහ වුණත් එක් කල්‍යාණ මිත්‍රයෙක්  ඇයට  හිටියා .නිතරම ඇගේ දියුණුව ප්‍රාර්ථනා කරන්න ඒ මිතුරිය පුරුදු වෙලා හිටියත් මේ කාන්තාව නිතර හිතුවා

“මා එක්ක හැමෝම තරහයි  .මේකි මගෙත් එක්ක චාටුවෙන් ඉන්නේ  මගෙන් මොනව හරිකඩා වඩා ගන්න කියලා  තමයි ඇය හිතුවේ .. .ඇය හැමදාම ලොතරැයි ගන්න පුරුදු වෙලා හිටියා  .වගේම හැමදාම  ප්‍රාර්ථනා කරේ තමන්ට ලොතරැයි දිනුමක් ලැබෙන්න කියලා  .ඒ අතර ඇගේ කටේ නිතරම තිබ්බේ

“මට ස්විප් එකක් වැටුනොත් මන් මේකෙ එවුන්ට පෙන්නනවා.. මන් කවුද කියලා ” ඉතින් එයාගේහ් සැමියා මේ කතාව එක්ක හැමදාම ඇයට කියනවා .

“නෝනෙ ස්විප් වැටෙන්න ඕන .තමන් කවුද කියලා  පෙන්වන්න නෙමේ තමන් දියුණු වෙන්න .හිත කුහක වුනාම වැටෙන්න තියෙන එකක්වත් වැටෙන්නේ  නෑනේ  .”කියලා .නමුත් ඇය හිටියේ  ඇගේ මතේමයි .ඇය පරණ ලොතරැයි පවා එකතු කරන කෙනෙක් .දවසක් ඇයට ලොතරැයි දිනුමක් ඇදුණා .

ප්‍රීතියෙන් පිනා ගිය ඇය අවට සියළුම දෙනා තරහ කරගත්තා.තමන්ට ලගින් හිටිය කල්‍යාණ මිත්‍රයත් බොරු හේතුවක් නැතුව තරහ කරගෙන ඇයටත් දොස් කියන්න පුරුදු වුණා .අවට ගෙවල්වල අයත් අර මිතුරියටම දොස් කිවුවා..

“අපි උඹට කිවුවා  නේද ඔය ගෑනිගේ  හැටි ” කියලා  නමුත් ඇය උපේක්ෂාවෙන් සියල්ල දරාගත්තා.කොහොම හරි දිනුම ගන්න මෙයාලා ලොතරැයි මණ්ඩලයට ගිහින් තමන්ගේ  ලොතරැයිය ඉදිරිපත් කරා .අදාල නිලධාරීන් එය පරීක්ෂා කර බලා……

“මිස් මේ ලොතරැයිය ගිය සතියේ  එක නෙමේ .මේක ගිය අවුරුද්දේ  එකක් .ඇයි දිනේ හරියට බැලුවෙ නැද්ද ” කියා ලොතරැයිය ආපසු දුන්නා . .

ඉතිං ඔබ කියවන වැදගත් කරුණු සහිත එකම එක පිටුවක් පවා …

අපේ සිතුවිලි වලට දෙන පෝෂණය ප්‍රභලයි….

යහපත් සිතුවිලි සහ පැහැදිලි අරමුණු කියන්නේ විශ්වයට කතා කරන භාෂාවයි…

අවස්ථාවන් මග නොහැර ගන්න..ඔබ සිහින මවනවා නම් , විශ්වය ඔබට ඒ සිහින  යථාර්ථයක් කර ගැනීමට ශක්තිය ලබා දේවී…

ඔබ එම සිහින හොදින් කියවා අවබෝධයෙන් පෙරවදන ලිවිය යුතුය…

කියවීම මගින් ජීවිතය වෙනස් කර ගන්න …. කියවීම පුරුද්දක් කර ගන්න….

දිනපතා CharityShop පෝස්ට් කියවන්න. ජීවිතයට අලුත් යමක් එකතු කරගන්න…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූලි16 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූලි17 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments