දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jul 15, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

එක් පුද්ගලයෙක් නිතරම හිතුවා තමන් කවදා හරි දිව්‍ය ලෝකේ  යන බව .මේ පුද්ගලයා තමා කරන සෑම කටයුත්තක්  කරන අතරේ ම තමන්ගේ  සිතුවිලි මෙහෙයවූයේ මම කවදා හරි දිව්‍ය ලෝකේ  යනවාමයි කියන ශුභවාදී සිතුවිල්ලෙන්…..

ඔහු හැම වෙලේම සිහින මැව්වේ  දිව්‍ය ලෝකේ  ගිහින් තමා විදින සැප සම්පත් ගැන .ඒ නිසාම ඔහුගේ  මනස නිරන්තරයෙන් පිරිලා තිබුණේ ම මේ දිව්‍ය ලෝක සිතුවිලි වලින්….

වාසනාවට වගේ දවසක් මේ පුද්ගලයට දිව්‍ය ලෝකේ ට  යන්න පුළුවන් වුණා .නින්දෙන් අවදි වුන කෙනෙක් වගේ වටපිට බලද්දි ඔහු දැක්කේ  පුදුමාකාර ලස්සන පරිසරයක් .දිය පිරුණු ඇළ දොළ ,කොළපාට තණ පිට්ටනි, මල් පිරුණු ගස් ,සතුටින් ඉගිලෙන ලස්සන කුරුල්ලන් , දිව්‍යාංගනාවන් දකිමින් ඔහු දිව්‍ය ලෝකේ  ඇවිදිනවා .සුන්දර දේවල් ම දැකලා  දැකලත් දැන් ඔහුට එපා වෙලා තිබුණේ .ඔහු මහන්සියට ගහක් යට වාඩි වුණා .මට මේ මොකද වුණේ  මම හිටියේ  කොහෙද ? මම දැන් ඉන්නේ  කොහේද කියලා  හිතට ආවත් ඔහු ඒ ගැන වැඩිපුර හිතන්න උත්සහ කලේ නැත්තේ  මේ සොදුරු බව හැර වෙනත් දේ අනවශ්‍ය යැයි සිතුන නිසාමයි…

ඔහුට ඒ වෙලාවේ තද පිපාසයක් දැනුණා.

“බොන්න මොනව හරි තිබුනනම් ” ඔහුට හිතුනා  විතරයි බොහෝ පාන වර්ග ඔහුගේ  ඉදිරියේ  මැවුනා .හරිම සතුටින් ඒවා  අනුභව කරපු ඔහු

“කන්න මොනව හරි තිබුණා  නම් ” කියලා හිතුවා  විතරයි ඔහු ආස නොයෙක් කෑම වර්ග ලැබුණා  .ඒත් ඔහු මේ තමා සිටින්නේ කොහේදැයි හිතන්නට උත්සහ කලේ නෑ .කෑමෙන් බීමෙන් කුස පුරවා ගත් ඔහු ඊ ලගට හිතුවේ

“දැන් මගෙ බඩ පිරිලා තියෙන්නේ හදිස්සියේ  කොටියෙක් ආවොත් මට දුවන්න වත් බැරි වෙයි ” කියලා  .

ඒ සැනින් ඔහු ඉදිරියට කොටියෙක් ආවා.දුවන්න බැරි වෙයි කියලා හිතපු නිසාම ඔහුට දුවන්න බැරි වුණා …

“මේ කොටියා දැන් මාව හපා කාවි ” කියලා  හිතපු නිසාම කොටියා  ඔහුව සපා කෑවා.

ඒ මොහොතේ ඔහු සිතුවේ

” මන් දැන් මැරෙයි ” කියලා  .ඒ වගේම ඔහු මරණයට පත් වුණා…. .

ඔබ දන්නවද ඔහු වාඩි වී සිටියේ සිතූ පැතූ සම්පත් දෙන කල්ප වෘක්ෂය යටයි.

ඔහුට තමා ආවේ  කොහෙන්දැයි අමතක වුණා  .තමා සිටින්නේ දිව්‍ය ලෝකේ යැයි අමතක වුණා .කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමා වාඩි වූ තැන ඔහුට අමතක වුණා .ශුභවාදී සිතුවිලි නිසා ඔහුට යහපත් දේ ලැබුණා.නිකන් ලැබුන දේවල් වලින් කුස පිරෙද්දි ඔහුට හිතන්න වෙන දෙයක් තිබුනේ  නෑ .ඔහුගේ  මනසට අශුභවාදී සිතුවිලි ගලාගෙන ආවා .එයම ඔහුගේ  විනාසයට හේතු වුණා…. .

(මෙය ප්‍රබන්ධයකි )

ඔබට වැටහෙනවා ඇති එළඹ සිහියෙන් වැඩක නිරත නොවීමේ අවාසිය මෙන්ම තමා සිටි තැන අමතක වීමත් .වෙහෙසකින්  තොරව යමක්  ලැබෙන විටදී මිනිසුන් හැසිරෙන හැටිත් ,තමා ලොවට දෙන දේ පෙරලා තමන්ට ලැබෙන ආකාරයත් , අනවශ්‍ය සිතුවිලි නිසා විනාශය ලගාවන හැටිත් …..

අතීතයේදී ඇහැට දකිනකම් , කනට ඇහෙනකම් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියලා තමයි කීවේ….

නමුත්…

වර්තමානයේ  ඇහැට දකින්න කලින්, කණට ඇහෙන්න කලින් එය විශ්වාස කළ යුතුය..

යතාර්ථය විශ්වාස කිරීම නොව, විශ්වාසය සිහිකල්පනාවෙන් යතාර්ථයක් කරගමු…

ඉතිං ….

නරක යතාර්ථය විශ්වාස නොකර….. සුභවාදී විශ්වාසය යතාර්ථයක් කර ගමු…..

සිහියෙන් වැඩ නොකිරීමේ ඵලවිපාක සමහර විට රීලෝඩ් ගෲප් එකේ සාමාජිකයින් අද හෙටම අත්විඳීවි කියලා හිතනවා. තමන්ට කරන්න තියෙන එකම රාජකාරීය තත්පර 2කට ගෲප් චැට් එක බැලීමයි. එයටත් සිහියක් නැති එක් අයෙක් දෙදෙනෙක් නිසා මුලු ගෲප් එකම ඵලවිපාක ඉක්මනින්ම අත්විඳීවී… ඒවාට අප වගකියන්නේ නැත.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූලි14 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූලි15 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments