විශ්වීය සත්වයන් ලෙස අප මේ ලෝකෙට පැමිණි අරමුණ නිවැරැදිව හදුනා ගත් කිහිප දෙනෙකු පමණක් මේ ලොව සතුටින් ජීවත් වෙති.
ජීවිතයට වැරදි මිනිසුන් පැමිණෙන්නේ ….. , ඍණාත්මක තත්ත්වයන් ඇති කරවා වර්තමානයේ මේ මොහොත නිවැරැදි ලෙස ගත කිරීමට අවශ්‍යය ශක්තිය හා අවබෝධය ලබා දීමට බව තේරුම් ගත් මිනිසුන් පමණක් ජීවිතේ යතාර්ථය හදුනා ගෙන සතුටින් ජීවත් වෙනු ඇත.
මේ අන්ත දෙකෙන් කොහේවත් නැති මිනිසුන් අතීතය ගැන දුක් වෙමින්, අනාගතය ගැන බය වෙමින් තමාගේ අසාර්ථකත්වයට මුළු ලොවටම චෝදනා කරමින් නීරස ජීවිතයක් ගත කරනු ලැබේ.
සාර්ථක සිතුවිල්ලක් සිතට ආ සැනින් එහි බලය අඩු කිරීමට දෙවැනියට හිතට එන “ඒත්, නමුත්, යන වචන දෙක ඉවත් කරමු. 100% තිබිය යුතු විශ්වාසය 99%ක් බවට පත් කරන්නේ මෙම වචන දෙකයි….
සිතන පතන සියල්ල ලැබී ඇත්නම් ඔබ හැසිරෙන ආකාරය, කතා කරන විලාසය, ජීවන රටාව.. කෙසේ වේවිද..
සිතන්න …….
ඔව්, දැන් ඔබ වෙනුවෙන් සියල්ල ඉටු වී අවසන්..
ඔබේ මනස මේ දිනය වෙනුවෙන් දැන්ම පුහුණු කරන්න..ඒ වෙනුවෙන් වැඩ කරන්න..ඒ දවස වැඩි ඈතක නොවේවි…
ඔබ, ඔබව විශ්වාස කරන තරමට,කැප වෙන තරමට ඔබේ ප්‍රතිඵල ඉක්මණින් ලැබේවි..
“මනස” කියන්නේ නිතර නිතර අප විසින්ම බල ගන්වා රැගෙන යා යුත්තකි..
එය බැටරියක් නම්, බලය බැස යාමට නොදී ඉහළ මට්ටමෙන් රදවා ගැනීමට නිරන්තරයෙන් රීචාජ් කිරීම ඔබ සතුයි..
CharityShop කියන්නේ ඔබව හැම මොහොතෙම චාර්ජ් එකේ තියන PowerBank එකක්. ලඟින්ම තියාගන්න… අත්‍යවශ්‍යම වෙලාවට භාවිතා කරන්න. හැබැයි CharityShop අනවශ්‍ය ලෙස භාවිතා කලහොත් අන්තිමේදී අපේ ???? බැටරිය බැස ගිය දවසට ඔබට වෙන ක්‍රමයක් සොයාගන්න වේවි චාර්ජ් කරගන්න…. එයත් සිහියේ තබාගන්න.
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූලි13 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021ජූලි14 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)
සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.