ඔන්න ජපානේ සබන් හදන කර්මාන්ත ශාලාවක් තිබුනා. දිනක් ඔවුන්ගේ පාරිභෝගිකයෙක් ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ, ඔහුට හිස් සබන් පෙට්ටියක් ලැබුණු බව සදහන් කරමින්. මෙයින් කලබලයට පත් වෙච්ච සමාගම මේ ගැන හොයන්න පටන් ගත්තා. එවිට ඔවුනට එය සත්‍යයක් බව තේරුම් ගියා.
මේ සදහා පිළියමක් යොදන්න ආයතනයේ ඉංජිනේරුවන් පිරිසකට භාර දුන්නා. ඔවුන් දැඩි ලෙස මහන්සි වෙලා ලොකු වියදමක් දරලා සියලු සබන් පෙට්ටි ස්කෑන් කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කලා. ඒ සදහා අධික වියදමක් යොදලා x-ray උපකර්ණ, ස්කෑන් යන්ත්‍ර උපකරණ, අධිතාක්ෂණ ටීවී තිරයක් එහෙම යොදාගෙන සේවකයන් දෙදෙනෙක්ට ඒවා නිරීක්ෂණය කල හැකි වන පරිදි සකස් කලා. ඒත් මේක හදන්න පුලුවන් උනේ කර්මාන්ත ශාලාවෙ එක අංශයකට විතරයි, අධික වියදමක් යන නිසා.
මේ දෙස බලාගෙන හිටිය එක්තරා සුලු සේවකයෙක්, තරමක වේගයෙන් කැරකෙන විදුලි පංකාවක්, සබන් පෙට්ටි ගමන් කරන පටිය අසල තිබ්බා. එවිට සබන් නොමැති හිස් පෙට්ටි සුළගට ගසාගෙන ගියා. ඉතාමත් සරල ලෙස ප්රශ්නය විසදුනා.
ඕනෑම ප්‍රශ්ණයකට සරලම විසදුම ගැන මුලින්ම හිත යොදන්න. ප්රශ්නය දිහා වෙනස් විදිහකට බැලුවොත් ප්රශ්නය හරි හැටි තේරුම් ගැනීමට ලෙහෙසියි, පහසුයි.
වෙනස් විදිහකට හිතන පුද්ගලයා ලෝකෙම වෙනස් කරනවා.
සැමවිටම අලුත් / වෙනස් විදිහකට සිතන්න පුරුදු වෙමු….!
මං පුංචි කාලේ ඉඳන් හිතුවේ වෙනස් විදිහකට. අන්න ඒ නිසා අද මේ ලෝකයට වෙනස්ම දේවල් ගොඩක් නිර්මාණය කරන්න මට පුලුවන් වුණා…
අගෝස්තු මාසයේ ඉඳන් CharityShop වල නීති වැඩියි. ඔබ අධ්‍යාපනයට මුල්තැනක් දෙන්න ඕන. අද දවසේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට පෙර ඊයේ දිනයේ සියලුම පෝස්ට් කියවා, අවබෝධයෙන් කමෙන්ට් කිරීම අනිවාර්ය දෙයක්.
#2021අගෝස්තු7 යන්න ටච් කරන්න. එවිට ඔබට ඊයේ දිනයේ පළකල සියලුම පෝස්ට් බලන්න පුළුවන්. ඊයේ දිනය අවසන් කර අද දවස ආරම්භ කරන්න. මන්ද අද සිට පාඨමාලාව හදාරන අයට හෝ Free Plan ඕනෑම කෙනෙක්ට, ආදායම් උපයන ඕනෑම කෙනෙක්ට සල්ලි හෙව්වට විතරක් බෑ. Withdraw කරන්න නම් එදිනෙදා උගන්වන දේවල් පහසු ඕනෑම වෙලාවක් ඉගෙන ගෙන අවසන් කරන්න ඕන. මන්ද මෙය පාඨමාලාවක්. ඉගෙන නොගෙන ආදායම් උපයන්න බෑ. පෙරදින ඉගැන්වීම් කියවා අවසන් කර තමයි ඊලඟ දිනයේ ආදායම් ඉපැයීම් ආරම්භ කරන්න ඕන.
Charityshop Team
#2021අගෝස්තු8 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.