දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Aug 2, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

අගෝස්තු මාසයේ ඉඳන් CharityShop වල නීති වැඩියි. ඔබ අධ්‍යාපනයට මුල්තැනක් දෙන්න ඕන. දවසේ සිතුවිල්ල කියවන්න පෙර ඊයේ දිනයේ සියලුම පෝස්ට් කියවා, අවබෝධයෙන් කමෙන්ට් කිරීම අනිවාර්ය දෙයක්.

#2021අගෝස්තු1 යන්න ටච් කරන්න. එවිට ඔබට ඊයේ දිනයේ පළකල සියලුම පෝස්ට් බලන්න පුළුවන්. ඊයේ දිනය අවසන් කර අද දවස ආරම්භ කරන්න. මන්ද අද සිට පාඨමාලාව හදාරන අයට හෝ Free Plan ඕනෑම කෙනෙක්ට, ආදායම් උපයන ඕනෑම කෙනෙක්ට සල්ලි හෙව්වට විතරක් බෑ. Withdraw කරන්න නම් එදිනෙදා උගන්වන දේවල් පහසු ඕනෑම වෙලාවක් ඉගෙන ගෙන අවසන් කරන්න ඕන. මන්ද මෙය පාඨමාලාවක්. ඉගෙන නොගෙන ආදායම් උපයන්න බෑ. පෙරදින ඉගැන්වීම් කියවා අවසන් කර තමයි ඊලඟ දිනයේ ආදායම් ඉපැයීම් ආරම්භ කරන්න ඕන.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ජීවිතේ ඔබ දැන් සිටින තැනම ඉදන් හෙට ගැන අනාවැකි කියන්න එපා.අද ඔබට අතේ සතේ නැති වෙන්න පුළුවන් .හෙටත් ඔබට ඉන්න ඕන ඔය විදියටමද ?

ඔබේ දරු පැටවුන්ට ඔබේ ආදරණීයන්ට හෙටත් උරුම ඔය ජීවිතයමද ?

හිතන්න ….

ඔබට අතීතය වෙනස් කල නොහැක.නමුත් අනාගතය ඔබේ අතේය..

වර්තමානයේ ජීවත් වෙන තත්පරයක් ගානේ පියමං තැනෙන්නේ ඔබේ අනාගතයටය.

ඔබ අද සිටින තැනින් අඩියක් හෝ ඉදිරියටම එනවාද නැද්ද යන තීරණය ඔබ සතුය.

යැපෙන්නෙක් නොවී උපයන්නෙක් වීමේ අනභිභවනීය කර්තව්‍යය ඇත්තේ ඔබ දෑතේය.

ඔබට හැකි, ඔබ කැමති මාර්ගයක් ජීවිතේට ඈදා ගන්න.කට්ට කෑවොත් ජීවිතේ ඉස්සරහට අති සාර්ථක වේවී….

කරදර නැති ජීවිතය ලුණු නැති හොද්දක් සේ යැයි සිතන්න.පැමිණෙන කරදර බාධක ඔබේ ජීවිතයට ආශිර්වාදයක් යැයි සිතන්න .

ජයග්‍රාහී සිතුවිලි වලින් පොහොසත් වන්න .

ඔබ…

එකිනෙකාගේ ජීවිත ෆොටෝ කොපි ගසාගෙන ජීවත්වෙන ෆොටෝ කොපි මැෂිමක් නොවී ඔබේම ජීවිතයෙන් උල්පත් පාදාගෙන සෑදෙන දිය කඳුරක් වන්න…

ලෝකය ඔබ දෙස බලන දෑසින් නොව ඔබ, ඔබේම අමු දෑසින් ඔබ දෙස බලන්න. ලෝකයා ඔබ නමින් සැදූ ප්‍රතිමා වැඩක් නැත. ඔවුන් ඔබට සිනාසෙමින් සැදූ රෑකඩද ඵලක් නැත. ඔබ ඔබේම චරිතයේ රචකයා වන්න..! එය අති සාර්ථක වනුඇත…

Charityshop Team

#2021අගෝස්තු2 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. අයිතිය කතෲ සතුය.

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments