දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 3, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක් සිංහයාට චැලේන්ජ් කරාලු,

“අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට”

සිංහයා එක පාරට මේ අසූචි වලේ ඉන්න ඌරා දිහා බලලා “අපෝ මේකට පාඩමක් උගන්නන්න මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟත් ජරා වෙනවා නේද, මූ වගේම මාත් ගඳ ගහයි නේද” කියලා හිතලා එතනින් නිහඬව යන්න ගියාලු…

දැන් ඉතින් අසූචි වලේ ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්නේ සිංහයත් ඌට බයයි කියලා, ඇත්ත කාරණේ නුවණක්කාර සිංහයා ඌරගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි!

අපේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බවෙනවා, උන්ගේ අසූචි වලවල් වලට පැනලා උන්ට පාඩම් උගන්වන්න ගියොත් අපිත් ගඳ ගහනවා, උගේ තත්වෙටම වැටෙනවා, නුවණක්කාර සිංහයා වගේ වෙන්න, අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බ වුනොත් මග හැර යන්න!

ඔන්න ඔය වගේ CharityShop වලදිත් අපිට හම්බවෙනවා ඌරෝ. අසුචී වලක ඉන්න ඌරෙක් කියලා දැනගත්ත ගමන් අපි මෙතනින් පන්නලා දානවා. මොකද උන්ට පාඩම් උගන්වන්න ගිහින් අපි මොකටද ගඳ ගස්සවගන්නේ.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April2 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April3 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments