දිනක් තරුණයින් දෙදෙනෙක් තමන්ගෙ ගුරුවරයා බලන්න ගියා. එක් තරුණයෙක්,
“මට ජීවත් වෙන්න ඕන. මට යමක් දෙන්න” කියලා ගුරුවරයාගෙන් ඉල්ලුවා.
ගුරුවරයා ඔහුට තරමක් විශාල ලී කොටයක් දුන්නා. දෙවන තරුණයාත්,
“මට පොහොසත් වෙන්න ඕන ගුරුතුමනි. මට යමක් දෙන්න” කියල ඉල්ලා සිටියා.
ගුරුවරයා ඔහු දෙස බැලුවා. ඔහු අනෙක් තරුණයාට වඩා වෙනස්ම කෙනෙක්. ඔහු තුළ යම් සුවිශේෂී හැකියාවක් ඇති බව ගුරුවරයා හඳුනාගත්තා. ගුරුවරයා ඔහුට කුඩා ලී කොටයක් දුන්නා. දෙදෙනාම ගෙදර ගියා. පළමු තරුණයා ආයුධයක් අරගෙන ලී කොටය කැබැලි කළා. ඒවා මිටි බැඳැගෙන නගරයට ගියා. විකිණුවා. පුංචි මුදලක් උපයාගත්තා. දෙවන තරුණයාට ඕන වුණේ පොහොසතෙක් වෙන්න. ඔහු ලී කැබැල්ල දිහා බලාගෙන දිගින් දිගටම කල්පනා කළා. ඔහු දැක්කා ලී කැබැල්ල අතරින් තම ජීවිතයේ විශාල වෙනසක් වන හැටි. ඔහු දැක්කා ඔහුගේ ජීවිතය ආලෝකමත් වන හැටි. ඔහු සිහින මවන්න පටන් ගත්තා. ඉන්පසු ඔහු තම පියාගේ වඩු මඩුවෙන් ආයුධ කිහිපයක් අරගෙන ලී කොටය කැටයම් කරන්න පටන් ගත්තා. ඔහු දින කිහිපයක් එක දිගටම වෙහෙස වුණා. අවසානයේ හිතාගන්නත් බැරි තරමේ හරි අපූරු පිළිමයක් ඔහුගේ අතින් නිර්මාණය වෙලා. ඔහුට පුදුම සතුටක්.
නඟරයේ විශාල උත්සවයක්. ඒ එක්කම සල්පිලක්. රටේ සිටින ධනවත්ම පුද්ගලයින් ඒ උත්සවයට පැමිණියා.
පෙර කී තරුණයා තමන් විසින් නිර්මාණය කළ පිළිමයත් අරගෙන උත්සව භූමියට ගියා. මිනිස්සු දැක්කා හරි අපූරු ලී පිළිමයක්. එහි අලංකාර නිමාවක් තිබුණා. සල්පිලේ තිබුණු අනෙකුත් නිර්මාණ වලට වඩා වෙනස්ම විදියේ එකක්. මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. එක් ධනවත් පුද්ගලයෙක් මේ පිලිමය දැක්කා. ඔහු විශාල මුදලක් ලබා දී මේ පිලිමය ලබා ගත්තා. තරුණයාට හරිම සතුටුයි. ඔහු තෑගි බෝග අරගෙන ගුරුවරයා බලන්න ගියා. ගුරුවරයා ඔහුට උපදෙසක් දුන්නා.
“ඔබ ඔබේ හැකියාව හඳුනාගත්තා. එයින් මුදලක් උපයා ගත්තා. නමුත් ඒ මුදල නිකන්ම විනාශ වෙලා යන්න දෙන්න එපා. ආයෝජනය කරන්න. ඔබට පුළුවන් තවත් පොහොසත් වෙලා ලෝකෙටම උදව් කරන්න”
තරුණයා ඉස්සෙල්ලාම තමන්ටම ආයුධ කිහිපයක් මිල දී ගත්තා. දිගින් දිගටම නිර්මාණ කළා. අවසානයේ ඔහු ඒ නඟරයේ සිටින මහා පොහොසතෙක් බවට පත් වුණා.
ඊට පෙර කියූ අනෙකුත් තරුණයා නැවැත වතාවක් ගුරුවරයා හමුවෙන්න පැමිණියා. ඔහු පැමිණියේ හිස් අතින්. ඔහු ඇඳැගෙන සිටියේ ඉරී ගිය පරණ ඇඳුම්. ඔහු නැවතත් ගුරුවරයාගෙන් “ජීවත් වෙන්න යමක් දෙන්න” කියා ඉල්ලා සිටියා.
ඔයාට තියෙන හැකියාවන් මොනවාද? ඔයා ඒ ගැන හිතල තියෙනවාද? ඔයා හැම දාම ඉන්නෙ ඔයාට නැති දේවල් ගැනම කල්පනා කරමින්ද? එහෙනම් ඒක අද වෙනස් කරන්න. ඔයාගෙ සුවිශේෂී හැකියාවන් ඔයාම හඳුනාගන්න. ඒවා ඔප දමන්න. ඔයාට තියෙන සම්පත් ගැන හිතන්න. ඔයාට තියෙන අසීමිත අවස්ථාවන් ගැන හිතන්න. ඔයාට තියෙන්නෙ පුංචි දේවල් ටිකක් වෙන්න පුළුවන්. නමුත් ඒවා උපරිමයෙන් පාවිච්චි කරන්න පටන් ගන්න. ඔයා කැමැති ඒ ලස්සන ජීවිතය උරුම කරගන්න සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඒක ඔයාට කරන්න පුළුවන්…
ඇඩ් ක්ලික් නෑ, ආයෝජන නෑ, පිරමීඩ ක්‍රම නැති නිසා ලේසියෙන් සල්ලි හොයන්න බෑ CharityShop වලින් කියලා හිත හිතා ඉන්නේ නැතුව දැනට සක්‍රීය ක්‍රම 50 වඩා තිබෙනවා මුදල් උපයන්න. ඇයි ඔබ ඒවා උත්සාහ නොකරන්නේ?
නැති දේවල් ගැන නොසිතා, තියෙන දෙයින් දියුණු වෙන්න උත්සාහ කරන්න….
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April5 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021April6 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)