දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jul 12, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ඔබේ වටිනාකම හඳුනා ගන්න ……

ඔබේ වටිනාකම කොපමණද ?

ඔබේ වටිනාකම ඔබ දන්නවාද ?

ඔබේ වටිනාකමට  ජීවිතයේ නිසි තැනක් ලැබී නැතිද?

ඔබ නොවටිනා පුද්ගලයෙකු සේ ඔබට හැඟෙනවාද ?….

ලෝකය ඔබට සලකන ආකාරයට ඔබ කැමති නැහැ ..

ඔබ කරන දේට කිසිවෙකු නියම වටිනාකමක් දෙන්නේ නැහැ …

කොටින්ම ඔබට ඔබ ගැන ආත්ම  තෘප්තියක් නැහැ

කවුද වගකියන්න ඕනේ ???

කාටද ඔබ චෝදනා කරන්නෙ ???..

ඔබේ දෙමාපියන්ට ද?

රටේ ආර්ථිකයට ද?

අසාධාරණ සමාජ ක්‍රමයටද?

දේශපාලනයටද?

ජීවිතය ගැන කනිපින්දම් කියන හුගාක් අය කරන්නෙ ඒක…

ඒත් ලෝකයේ සාර්ථකම මිනිස්සු ..

තමන්ට නියම වටිනාකමක් ගත්තු මිනිස්සු …

කවදාවත්  තමන්ගේ ජීවිතයේ වගකීම් අනුන් මත පටවන්නේ නැහැ ..

ඒ වෙනුවට ඔවුන් සොයනවා..තමාවම…

මිනිස්සු උද්ඝෝෂණ කරලා නිසි තැන ඉල්ලද්දි….

ඔවුන් නිසි තැන හොයා ගන්නවා…

හුගාක් මිනිස්සු ශ්‍රමයට  සරිලන වැටුපක් ඉල්ලද්දි…….

ඔවුන්  තමන්ම තමන්ගේ ශ්‍රමයට මිලක් නියම කරනවා..

ඔබේ ජීවිතයට නිසි වටිනාකමක් නැතිනම් ඒ ඔබේ ගැටළුවක් ..

මොකද ඔබ ඔබේ ජීවිතයේ වටිනාකම  නොදන්නා තෙක්..

ඔබ ඔබව අවතක්සේරුවට ලක් කරන තෙක්..

ලෝකය ඔබට වටිනාකමක් දෙන්නේ  නැහැ …

නමුත් ඔබට ඔබේ වටිනාකම දැනෙන්න නම්…

ඔබ ඔබේ ආකල්ප දියුණු කර ගත යුතුයි …

ඔබේ කුසලතා දියුණු කර ගත යුතුයි ….

ඔබ අවංකව කැපවී වැඩ කරන්නෙකු විය යුතුයි …

ඒ සියල්ල තිබුණත් ..ඔබ ඔබට ඔබේ වටිනාකම් වලට නිසි තැන දෙන පුද්ගලයන් හා ආයතන සොයා ගත යුතුයි …

වැරදි පුද්ගලයන්

වැරදි ආයතන …

ඔබේ ජීවිතය වගේම වටිනාකම්ද විනාශ කරනවා..

හුගාක්  වටිනා ජීවිත වැරදි සම්බන්ධතා නිසා..

වැරදි විවාහයන් නිසා බිඳ වැටෙන්නෙ ඒකයි ..

භෞතික ජීවිතයේ දී පමණක් නොවෙයි

ආධ්‍යාත්මික ජීවිතයේ දීත්  දිනන්නේ  තමන්ගේ වටිනාකම හඳුනා ගත් මිනිස්සු …

ලෝකයෙන්  අනන්ත පීඩා එල්ලවන විට ඒවා මතින් තමන්ගේ විමුක්තිය සොයාගන්න සමහරු  දක්ෂ උනේ ඒකයි…

මොකද බහුතරයක් අනෙකාට චෝදනා කරද්දි ..වෙනස්ව හිතූ ඔවුන් දැන සිටියා…තමාගේ ගැලවුම් කරු තමන් බව..ඒ තමයි ආර්‍යන් වහන්සේලා ජීවිතයට දුන් වටිනාකම ..

ඒ නිසා ඔබේ වටිනාකම හඳුනා ගන්න..

ලෝකය ගැන සොයන්නට වෙහෙසෙනවා වෙනුවට ඔබේ වටිනාකම් වැඩි කරගන්න වෙහෙසෙන්න …

CharityShop වලින් ඒ වටිනාකම ඉස්මතු කරගන්න ඔබට පුළුවන්…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූලි11 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූලි12 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments