දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Aug 27, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ඇමෙරිකාවේ එක් පාසැලක උසස් පෙල සදහා පාසැලේ ආරම්භක දිනයයි.

ඔවුන්ගේ පලමු දේශනය  මහාචාර්යවරයෙකුගෙනි.

“සුභ උදෑසනක් වේවා, ඔබ සැමට !”

“සුභ උදෑසනක් වේවා, ප්‍රොෆෙසර් !”

ඔහු දේශනය ආරම්භ කලා.

“අද ඔබගේ පාසැල් වාරයේ ආරම්භක දිනයයි.”

“මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා  ගමනක ආරම්භය පිලිබඳව.ඒ වගේම ඔබේ ජීවිතයේ ආරම්භය පිලිබඳව.”

“තව වසර 2ක කාලයකින් ඔබ සියලුදෙනාම උසස්පෙල අවසන් කරාවි. ඊලග වසර 3ක කාලය ලෝකයේ කොහේ හෝ ඔබ ඔබේ උසස් අධ්‍යාපනය ලබාගනීවි. ඔබේ කැමැත්ත අනුව තෝරාගත් විශ්වවිද්‍යාලයක් තුල.”

සිසුන්ගේ අවධානය පලමු විනාඩි කිහිපයේදීම ලබාගැනීමට මහාචාර්යවරයා සමත් උනා.

“අදින් වසර 05කට පසුව ඔබ ඔබේ වෘත්තීයමය ජීවිතය ආරම්භකරාවි.

මේ පංති කාමරයේ සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් ලෝකයේ හොදම සමාගම් සහ ආයතන වෙනුවෙන් වැඩකරන්න පටන්ගනීවි.”

“ඉන්පසුව ඔබ විවාහ වේවි, ඔබගේම නිවසක් මිලදීගනීවි.”

සිසුන් නිහඩව තම අනාගතය දකිමින් සිටින අතර ඔහු දිගටම කතාකරන්නට වුණා..

“වසර 10ක කාලය ඇතුලත ඔබේ ජීවිතයේ සෑමදෙයක්ම ස්ථිර ලෙස ඔබ සකසාගනීවි.”

“ඒ වගේම වසර 15කින් ඔබට වයස 30ක් වේවි. එවිට ඔබේ රැකියාව, පවුල, ආදායම, දරුවන් මේ හැමදෙයක්ම තහවුරු වී තිබේවි.”

“එක්ස් කියුස් මී ප්‍රොෆෙසර් ?”

එක් සිසුවෙකු අත ඔසවා නැගී සිටියා.

“මට සමාවෙන්න මහාචාර්යතුමනි,

ඔබ පවසන දෙය සමග මට එකගවීමට අපහසුයි.කරුණාකර මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න.”

“ඔව්, ඔබට අවස්ථාව ලැබෙනවා.”

මහාචාර්යවරයාගේ අවසරයෙන් ඔහු කතාකරන්නට පටන්ගත්තා.

“මම දන්නවා පුද්ගලයින්ව අවුරුදු 21න් උපාධිය ලබාගත්තත්, අවුරුදු 27ක් වන තුරු රැකියා විරහිතව හිටපු.

ඒ වගේම, මම දන්නවා පුද්ගලයින්ව අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරලා ඉතා ඉක්මනින් රැකියා හොයාගත්තු.”

“මම දන්න සමහරු කවදාවත් විශ්වවිද්‍යාලකට ගිහින් නෑ.ඒත් ඔවුන් ආදරය කරන වෘත්තීය අවුරුදු 18න් හොයාගෙන තියෙනවා.”

ඔහු දිගටම කතාකරන්නට උණා…

“තවද, උසස් පෙළින් පසුව රැකියා සොයාගෙන ඉතා හොද ආදායම් ලබන අයව මම දන්නවා. ඒත් ඔවුන් තමන්ගේ  රැකියාව ගැන පොඩ්ඩක්වත් සතුටු නෑ.”

“කිසියම් කාලපරාසයක් අරන් තමන්ගේ ජීවිතය හදාගත්තු මිනිසුන්ව මම දන්නවා.”

“අවුරුදු 16දී තමන් කරන්නේ මොනාද කියලා සැලසුම් කරපු, ඒත් අවුරුදු 26දී ඒ සැලසුම් වෙනස්කරලා වෙන වෘත්තීන් තෝරගත්තු අයව මම දන්නවා.”

සියලු දෙනාම ඔහුට සවන්දෙමින් සිටියා.

“ඒ වගේම දරුවන් ඉන්න, විවාහ නොවුනු අයව මම ආශ්‍රය කරලා තියෙනවා. විවාහවෙලා වසර 8ක් 10ක් යනකම් දරුවන් නැති පවුල් මම දැකල තියෙනවා.

“තවද,විවාහ වුනු ඒත් වෙනකෙනෙකුට ආදරය කරන අය මේ සමාජයේ ජීවත්වෙනවා. ඒ වගේම එකිනෙකාට ආදරය කරන, ඒත් කවදාවත් එකතුවෙන්න බැරි අයව මම දැකලා තියෙනවා.”

“මහාචාර්යතුමනි,

මම හිතන විදියට ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නෙ අපිට නියමිත කාල පරාසයක් තුල, අපි වෙනුවෙන්ම නිමැවුනු ඔර්ලෝසුවකට අනුව.”

“අපිට හිතෙනවා සමහර අපේ මිතුරන් අපිව පහුකරන් ගිහින් කියලා, තවත් සමහරු අපිට පිටුපසින් කියලා. ඒත් හැමදේම සිද්ධවෙන්නෙ තමන් වෙනුවෙන් නියමිත කාලයේදි. ඒ වගේම තමා ඔබටත්. බලාපොරොත්තු බිදනොවැටී අනාගතය ගැන බලාපොරොත්තු  තබාගැනීමයි වැදගත්.”

“අවුරුදු 25 දී මාක් කූබන් (Mark Cuban) කියන්නෙ ඩලාස්වල (Dallas) ආපනශාලා සේවකයෙක්.”

“ජේ. කේ. රෝලින්ග්ට (J. K. Rowling) අවුරුදු 32ක් වෙනකම් හැරී පෝටර් (Harry Potter) එලිදක්වන්න බැරි වුනා, ප්‍රකාශකයන් 12දෙනෙක් ප්‍රතික්ෂේප කරපු නිසා.”

“ජැක් මා (Jack Ma), අලිබාබා (Alibaba) පටන්ගත්තෙ වයස 35දී.”

“ඔටේගා (Ortega) සාරා (Zara) දියත්කෙරුවෙ අවුරුදු 39දී.”

“මෝගන් ෆ්‍රීමන්(Morgan Freeman)

ජීවිතය ගොඩනගන්න ගත්තෙ අවුරුදු 52දි.”

“ස්ටීව් කැරල්(Steve Carell) වෘත්ත්තීය ජීවිතය පටන්ගත්තෙ වයස අවුරුදු 40දි.”

“මේ විදියට බලද්දි අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරනවා කියන්නෙත් වටිනා දෙයක්. අවුරුදු 30ක් වෙනකොටත් අවිවාහකයි, ඒත් සතුටින් නම් ඒකෙ වරදක් නෑ. අවුරුදු 35දී පවුල ආරම්භ කරනවා කියන්නෙ  කරන්න පුලුවන් දෙයක්. අවුරුදු 40න් පස්සෙ උනත් නිවසක් මිලදීගන්න පුලුවන් වුනොත් ඒක ඉතාම වටිනවා.”

“ඒ නිසා තවත් කෙනෙකුගේ කාලපරාසය දිහා බලලා අපි ජීවිතේ අවතක්සේරු කරන්න අවශ්‍ය නෑ.

ඇල්බට් අයින්ස්ටයින් කියල තියෙනවා.

“Not everything that counts, can be counted.

and not everything that’s counted, truly counts.”

“වැදගත්වන්නේ මෙයයි. ඔබ, ඔබ වෙනුවෙන් ස්වාධීන, අර්ථවත්, නිදහස් සහ ගැලපෙන ජීවිතයක් ගොඩනගා ගන්න ඕනෙ. ඒ සදහා වයස, සමාජ පසුබිම හෝ වෙන කිසිවක් බලපාන්නෙ නෑ.”

“අවශ්‍යම දේ වෙන්නේ ධනාත්මක ආකල්ප සහ ස්ථාවර අධිෂ්ඨානයයි.”

“මම හිතන විදියට නිවැරදි සාර්ථකත්වය එයයි.”

රැකියා විරහිත සහ විවිධාකාර ගැටලු වලින් මානසිකව වැටුනු බොහෝ අය අපිත් එක්ක එකතුවෙලා ඉන්න පුළුවන් ….

Charityshop කියන්නේ හැකියාවට රැකියාවක් දෙන එකම තැන …..ඔබේ හැකියා දක්ශතා අනුව ජීවිතය සාර්ථක කරන්න…..විශ්වාසයෙන් රැදෙන්න Charityshop සමග…..

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

අගෝස්තු මාසයේ 15 වෙනිදා සිට අපගේ පාඨමාලාව නොමිළයේ ලබාදීම නතරකලා. මේ ගෲප් එකෙන් දැන් නොමිළයේ ලැබෙන්නේ  ජීවිතය ජයගන්න උපදෙස් සහ අතේ තියෙන මුදල රැකගන්න උපදෙස් පමණයි.

තාක්ෂණික කරුණු සහ මුදල් ඉපයීම් සම්බන්ධ සියලුම කරුණු සඳහා අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන්න ඕන. නොමිළයේ ඉගෙන ගන්න අවශ්‍ය අයට මේ ගෲප් එකේ පලකර ඇති පෝස්ට් 2,600 කියවා ඔන්ලයින් මුදල් ඉපයීම ගැන A-Z දැනගන්න පුළුවන්. ඒවා කියවා ඉගෙන ගන්නවාද නැද්ද යන තීරණය ඔබේය.

ඊයේ දිනයේ පෝස්ට් කියවන්න #2021අගෝස්තු26 ටච් කරන්න.

#2021අගෝස්තු27 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

CharityShop Team

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments