දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 18, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

“මේක කෙල්ලන්ටමයි…………..”

ඉතින් මම මීට පෙර තරුණයින් ගැන ලියපු නිසා අද ලියන්නෙ අපේ තරුණියන්ට. එහෙමත් නැතිනම් කෙල්ලන්ට……

තරුණිය………….

සමාජයෙන් එන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන අතරම සමාජ ප්‍රගමනය උදෙසා අසීමිත සේවයක් සලසන කෙනෙක්.

තරුණයින්ට වගේම තරුණියන්ට මේ ලෝකේ යා හැකි දුර අසීමිතයි. මොකද විශේෂයෙන්ම ලංකාව වගේ රටක තැරුණියන් ගත්තොත් හොඳ බුද්ධි මට්ටමක සිටිනවා දකින්න පුළුවන්. ඒ වගේම විවිධ හැකියාවන් වලින් පිරිපුන් ඉතා දක්ශ කාන්තාවන් , තරුණියන් ඉන්නවා…නමුත් ඇතැම් විට විවිධ කරුණු නිසා ඔවුන් මානසිකව වැටෙන අවස්ථා බොහොමයි…

පවුල , ගම හෝ සමාජය තුළින් ඇතිවන බලපෑම්. ප්‍රේම සබඳතා බිඳ වැටීම්, කායික හැඩගැසීම් හෝ සමේ පැහැය, ආර්ථිකමය කරුණු වැනි නොයෙක් හේතු නිසා ඔයා ඉන්නේ  නොසතුටින් නම් අනිවාර්යයෙන් ම  මේක කියවන්න……

ජෙසිකා කොක්ස්.

ඇය උපතින්ම දෑත් අහිමි දැරියක්. ඇයට තම කටයුතු තනියම කරගන්න නොහැකි වුණා. ඒ නිසාම ඇය අසීමිතව මානසික කඩා වැටීමකට ලක් වුණා. නමුත් ඇයට වයස අවුරුදු නවයේදී ඇගේ දෙමාපියන් ඇයව යම් තැනකට රැගෙන ගියා. ඒ වාර්ෂිකව පවත්වන ආබාධිත පුද්ගලයින්ගේ හමුවකට. එහිදී ඇය දුටුවා එහි පැමිණි විවිධ ආබාධ සහිත පුද්ගලයින්ගේ මානසික ශක්තිය. ඔවුන් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන හැටි. ඇය එදා යම් දැඩි තීරණයක් ගත්තා. කවදාහරි මමත් දෑත් තියෙන කෙනෙක් තරමටම සාර්ථක වෙනවා කියලා… ඇය ජීවිතයේ නව පිටුවක් පෙරලන්න සිතුවා. ඇය තම වැඩ කටයුතු තමන් විසින්ම හොඳින් කරන්න පටන් ගත්තා. ඉගෙන ගත හැකි හැම දේම ඉගෙන ගන්න පටන් ගත්තා. ජිම්නාස්ටික්, නැටුම්, පිහිනීම වගේම තවත් බොහෝ දේ ඈ ඉගෙන ගත්තා.

ඇගේ ජීවිත කතාව වගේම ලෝකයේ සිටින සියළුම කාන්තාවන්ගේ ශක්තිය එක් තැනකට එක් වන සිදුවීමක් සිදු වුණා…..

කුමක්ද?

එය ලෝකය මවිත කළ ප්‍රථිඵලයක්. ඒ 2008 වසරේදී ලෝකයේ ප්‍රථම වරට දෑත් අහිමි ගුවන් නියමුවරියක් විදියට ගුවන් යානයක් පදවාගෙන ගොස් ගිනස් වාර්තාවක් තැබීම.

නමුත් ඇය එතැනින් නතර වුණේ නැහැ. තව තවත් ඇගේ දක්ෂතාවලින් ඉදිරියට ගියා. ඇය ලෝකයට වීර කාන්තාවක් වුණා.

මොහොතක් සිතන්න……..

ඔබට කොහොමද හිතෙන්නේ ඔබගේ ජීවිතය ගැන?

ඔයාගෙ හැකියාවන් ගැන ඔයා හිතල තියෙනවද? එහෙමත් නැතිනම් නැති දේවල් ගැන හිතමින් දුක් වෙමින් ඉන්නවාද? එහෙමත් නැතිනම් ඔයා තුළ තිබෙන ඒ දැවැන්ත ප්‍රතිරූපය ඉස්මතු කරගෙන නැගී සිටිනවාද?

තමන්ට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න…

තමන්ට නැති දේ ගැන දුක් නොවන්න…

තමන්ගේ උත්සාහය , කැපවීම හා දැඩි විශ්වාසය සමග කටයුතු කරන්න…

තරුණියක්………….එහෙම නැතිනම් කෙල්ලෙක් කියන්නෙ ලෝකයට සම්පතක්. ශක්තිමත් ජීවයක්…

දරාගැනීමේ  ප්‍රතිමූර්තියක්……

ඔයාට පුළුවන් මේ ලෝකයම

දිනන්න.

ලෝකයම මවිත කරමින් කිරුළු පලදින්න…

උදාහරණ ඕනද…. ම්ම්ම්ම්ම්…. පෝස්ට් එකේ ෆොටෝ එක බලන්න… පැහැදිලි කරන්න ඕන නෑනේ ඉතිං…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April17 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April18 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments