ඒකාකාරී සිතට මායාකාරී වෙනසක්.
සිත හරිම මායාකාරී. නමුත් ඒකාකාරී. ඒ ඒකාකාරී සිතට වෙනස්ම විදියේ මායාකාරී වෙනසක් එකතු කරන්න කැමතිද?
කඳු මුදුනක ඇවිද යන විශාල මකරුන්…….
හිම මත ලිස්සා ගිය එස්කිමෝවරයෙකුගේ සටහනක්…….
දිය යටින් පිහිනා යමින් එලිය විහිදුවන මාළුවන්…….
කහ පාට මල් යායක් මැදින් පියඹා යන හෙලිකොප්ටරයක්………
රාත්‍රී අහසේ වේගයෙන් පියඹා යන දැවැන්ත පක්ෂීන් සමූහයක්………
අභිරහස් මාලිගාවක රහස් සොයන පරීක්ෂක කණ්ඩායමක්……..
මුහුදු පත්ලේ ගිලී ගිය දැවැන්ත නෞකාවක ඇති විශාල මැණික් පෙට්ටියක් විවර කිරීමට සැරසෙන මුහුදු කොල්ලකරුවන් පිරිසක්……
මිනිසුන් නැති පාළු නඟරයක තනිවම ඇවිද යන අද්භූත මිනිසෙක්………
උමඟක් දිගේ දිව යන කුරුමිට්ටන් සමූහයක්…….
ඒ වාක්‍ය ගැන ඔයාට මොකද හිතුණේ……?
ඔයාගේ හිත ටික වෙලාවකට විවිධ මායාකාරී ලෝකවල සැරිසැරුවා නේද? ඒක තමයි සිත හරිම මායාකාරී කිව්වේ.. නමුත් ඒ වාක්‍ය හරහා ඔයා තුළ තිබුණු ඒකාකාරී බව ස්වල්ප මොහොතකට හෝ නැති වී ගියා නේද? ඒ වෙනස ඇති වුණේ ඇයි? ඔයා එකිනෙකට වෙනස් වාක්‍ය පෙලක් කියැවූ නිසා. ඒකෙන් කියැවෙන්නේ අපිට වෙනසක් අවශ්‍යනම් විවිධ දේවල් කරන්න ඕන කියන එක. වෙනස්ම විදියේ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න ඕන කියන එක.
මායාකාරී වෙන්න.
ඔයා චිත්‍රයක් අඳින්නේ කොහොමද?
පැන්සලක් අරගෙන කඩදාසියක අඳිනවා……
වෙනත් ක්‍රම නැද්ද?
තියෙනවා…..
මොනවද?
ඔයා මෙතෙක් උගත් ක්‍රමවේද ටික කියාවි නේද?
ඔව්.
නමුත් ඊටත් වඩා වෙනස් විදියේ ක්‍රම නැද්ද?
තියෙනවා…..
මම එකක් කිව්වොත්……?
Charityshop අපි වෙනස් දෙයක් කරනවා…
ඔව්…ලෝකෙ වෙන කවුරුත් සිදුකර නැති වෙනස්ම දෙයක් අපි කරනවා. ජීවිතයට මායාකාරී වෙනසක් ඇති කර ගන්නවා.
කලාව කියන්නෙ කොටුවක් නොවෙයි. කලාව කියන්නෙ කොපියකුත් නොවෙයි.
කලාව කියන්නෙ අහසක් වගේ නිදහස් දෙයක්…….
ඔයාට වෙනසක් වෙන්න අවශ්‍යනම් මායාකාරී සිත්තරෙක් වෙන්න.
හැම දාම හිතපු විදිය වෙනස් කරලා මායාකාරී විදියට හිතන්න පටන් ගන්න.
අනුන් විසින් හදපු කොටුවක් තුළ හිරවෙන්නෙ නැතිව අපි සුවිශේෂී ලෝකයක් නිර්මාණය කරගනිමු….
ලියනාඩෝ ඩා වින්සි ඔහුගේ ලෝකය නිර්මාණය කළා.
පැබ්ලෝ පිකාසෝ ඔහුගේ ලෝකය නිර්මාණය කළා.
තෝමස් එඩිසන් ඔහුගේ ලෝකය නිර්මාණය කළා.
දැන් අපි අපේ ලෝකය නිර්මාණය කරන්න පටන් ගනිමු..
කවුරුත් නොදැකපු සිහිනයක් දකින්න.
Charityshop අපි වෙනස් ලෝකයක් තනමු……ලෝකයම දිනමු….
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April15 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021April16 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)