දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 21, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ප්‍රතික්ෂේප වීම අපි කාටත් පොදුයි…..

“ඔයා ප්‍රතික්ෂේප වුණොත්…?”

“කමක් නැහැ. සතුටු වෙන්න.”

“සතුටු වෙන්න කිව්වට සතුටු වෙන්නේ කොහොමද? එයා තමයි මගේ පණ. මට එයාවමයි ඕන…..” ඔයා එහෙම හිතනවා ඇති.

මමත් එහෙම හිතපු කාලයක් තිබුණා. නමුත් අද මම සතුටු වෙනවා වගේම මාව ප්‍රතික්ෂේප කරපු අයට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ අය  මට ලබා දුන්නෙ අසීමිත නිදහසක් වගේම අසීමිත මානසික ශක්තියක්.

ඒ නිසාම,

එදා කෙනෙකුගෙන් ලබන්න බැරි වූ ආදරයට වඩා සිය දහසක් දෙනාගෙන් අසීමිතව ලැබෙන ආදරය හා ආශිර්වාදය අද මම අත් විඳිනවා.

මේ ලෝකයේ සාර්ථකත්වයේ ඉහළටම ගිය අය අතරින් බොහෝමයක් දෙනා ජීවිතයේ යම් කාලයක කුමන හෝ කෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වී මානසික කඩාවැටීම් වලට ලක් වී තිබෙනවා. ඔයා දන්නවා දීපිකා පදුකෝන්. බොලිවුඩයේ සුරූපීම රංගන ශිල්පිණියක්. නමුත් ඇය යම් කාලයකදි ඇයගේ පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසාම ඇය මානසිකව කඩාගෙන වැටුණා. ඇය විෂාදයට ගොදුරු වුණා. නමුත් ඇය එතනින් නැගී සිටියා. අද ඇගේ තත්ත්වය කෙබඳුද? ජැක් මා කියන්නේ  ගිය ගිය හැම තැනින්ම ප්‍රතික්ෂේප වූ කෙනෙක්. නමුත් අද ලෝක ධනවතුන් අතර ඉහළින්ම සිටින ප්‍රබලයෙක්. ලෝක ප්‍රසිද්ධ අලිබාබා සමාගමේ නිර්මාතෘ ඔහු.

ලෝක ප්‍රසිද්ධ තෝමස් අල්වා එඩිසන් කුඩා කාලයේම ඔහුගේ පාසලෙන් ඉවත් කර දැමුවා. ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ යම් කලෙක ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර දැමුවා. ලෝක ප්‍රසිද්ධ වෝල් ඩිෂ්නි යම් කලෙක ඔහුගේ රැකියා ස්ථානයෙන් එලවා දැමූ කෙනෙක්. ලෝක ප්‍රසිද්ධ කැටී පෙරී ගායිකාව යම් කලෙක ඇයගේ ස්වාමියාගෙන් ප්‍රතික්ෂේප වූ කෙනෙක්.

ඉතින් ප්‍රතික්ෂේප වුණේ ඔයා විතරද…..?

අමාරුවෙන් හරි හිත හදාගෙන නැගිටින්න…….

ඔයාව ප්‍රතික්ෂේප කරපු අයට ඊර්ෂ්‍යා හිතෙන තරමට සාර්ථක වෙන්න. ඔයාව අත්හැරපු අයට ඔයාගේ වටිනාකම දැනෙන තරමට සාර්ථක වෙන්න. අනිත් අය ඔයාගෙන් ආදරය ලබන්න තරඟ කරන තරමට ඔයා සාර්ථක වෙන්න. ලෝකයෙන්ම ආදරය ලබන තරමට ඔයා සාර්ථක වෙන්න. එදාට ඔයාට දැනේවි ඔයා ඇත්තටම ජීවත් වෙනවා කියලා . එදාට ඔයාට හදවතින්ම ආදරය කරන, හදවතින්ම ගරු කරන බොහෝ පිරිසක් ඉදීවි……

ඉතින් වේදනාව ශක්තියක් කරගෙන නැගිටින්න.

“නැහැ”  “බැහැ” ” ඔයා ඕක කරන්න එපා” වැනි දේවල් නිතර ඇහෙන සමාජයක කෙනෙක් ශක්තිමත් ව නැගී සිටියොත් ඔහු වීරයෙක්…..

ඊයේ දවසේ ඔබ පරාජිතයෙක් වෙන්න පුළුවන් …නමුත් අද දවසේ ඔබ ඔබේ අරමුණු උදෙසා වෙහෙසුනොත් හෙට දවසේ ඔබ ජයග්‍රාහකයෙක්….

සිහින දකින්න වෙහෙසෙන්න සිහින හැබෑ කර ගන්න ප්‍රතික්ෂේප වීම ශක්තියක් කර ගන්න……

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April20 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April21 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments