දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 13, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

“සාර්ථක වෙන්න බැරිද?”

“ඔව් ඔයාටත් පුළුවන්……………….”

මේ කරුණු ටික සාර්ථක වීමේ උණ තියෙන අයට විතරයි.

????නිෂ්චිත අරමුණක්.

ඔයාට ලබාගන්න ඕන මොනවද? වෙන්න ඕන කවුරුද? කරන්න ඕන කුමක්ද? මේ කිසිම දෙයක් ගැන නිෂ්චිත අරමුණක් ඔයාගෙ හිතේ නැතිවීම නිසා ඔයා අසාර්ථක වෙන්න පුළුවන්.

ඔයාට සාර්ථක පුද්ගලයෙක් වෙන්න අවශ්‍යයි. නමුත් කොයි වගේ සාර්ථක පුද්ගලයෙක්ද? ව්‍යාපාරිකයෙක්ද? ව්‍යවසායකයෙක්ද? වෘත්තිකයෙක්ද? චිත්‍ර කලා ශිල්පියෙක්ද? ගායකයෙක්ද? නළුවෙක්ද? තොරතුරු තාක්ෂණ ශිල්පියෙක්ද? අලෙවිකරුවෙක්ද? ඔයා ඒ ගැන තවම හිතල නැද්ද? එසේ නම් ප්‍රථමයෙන් ම ඔයාට ලඟා වෙන්න ඕන තත්ත්වය නිෂ්චිතවම තීරණය කරන්න. පුංචි කාලයක් අරගෙන නිදහසේ සිතන්න. ඊට පස්සෙ ඔයා වැඩියෙන්ම කැමති දෙයට අනුව ඔයාගේ  අනාගත ඉලක්කය හදාගන්න. නිෂ්චිත සිහිනයක් මවාගන්න.

????අනුගමනය කරන්න නිවැරැදි ක්‍රමයක්.

ඔයාට දෙයක් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන කරුණක් තමයි වැරදි ක්‍රමයක් අනුගමනය කිරීම. ඔයා සාර්ථක වෙන්න උත්සාහ කරනවා. නමුත් ඔයාට සාර්ථකත්වයක් ලැබෙන්නෙ නැහැ. මෙහිදී ඔයා කරන්න ඕන ක්‍රමය වෙනස් කරන එක. ඒකට ඔයාට තව දැණුම අවශ්‍යනම් අන්තර්ජාලයෙන්, පොතපතින් හෝ දැණුම ඇති අයෙකුගෙන් එය ලබාගන්න පුළුවන්. එහෙම නැතිනම් ඇතැම් විට අළුත් ක්‍රමවේද අත්හදා බලමින්  නිවැරැදි ක්‍රම‍ය හොයාගන්න ඔයාටම පුළුවන්.  ඒ නිසා දිගින් දිගටම වැරැදි ක්‍රමයක් අනුගමන‍ය නොකර වෙනස් වෙන්න.

????සුදුසු පුද්ගලයින් පමණක් හවුල් කර ගන්න

යම් කාර්‍යයක් සඳහා ඔයා තෝරාගෙන ඉන්න පිරිස අකාර්‍යක්ෂම නම්, උද්‍යෝගයෙන් තොර නම්, කම්මැලි නම්, නිතරම සෘණාත්මක වචන ප්‍රකාශ කරනවානම් ඔයාට ඒ කාර්‍යය සාර්ථක කරගන්න අවශ්‍ය කායික හා මානසික ජවය නොලැබෙන්න පුළුවන්. ඒ නිසා බලන්න ඔයා තෝරාගෙන ඉන්න පිරිස ඇත්තටම ඒ කාර්‍යය වෙනුවෙන් කැපවී වැඩ කරන ධනාත්මක පුද්ගලයින්ද කියා. එසේ නොමැතිනම් ඔයාට වඩාත් සුදුසු පුද්ගලයින් තෝරාගන්න සිදු වෙනවා.

????වැදගත් චර්‍යාවන් පවත්වාගෙන යන්න.

ඔයා තුළම තියෙන වැරදි චර්‍යාවන් හේතුවෙන් ඔයාගේ  සාර්ථකත්වයක් ඇති නොවෙන්න පුළුවන්. ඇතැම් විට වැරැදි පුද්ගලයින්ගේ ඇසුර, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, අනවශ්‍ය වියදම්, ආහාර පාන වලට අධික ගිජු බව, අධික ලෙස නින්දට ඇබ්බැහි වීම ආදී නොයෙකුත් වැරැදි ජීවන රටාවන් නිසා ඔයාගේ  අරමුණට විශාල බාධා  ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ඔයාගේ  වැරැදි පුරුදු ඉවත් කරගන්න කටයුතු කරන්න. වැදැගත් චර්‍යාවන් පවත්වාගෙන යන්න.

????ධනාත්මක පුද්ගලයින්ගේ ඇසුර.

ඔයා නිතර ඇසුරු කරන පිරිස සෘණාත්මක නම් ඔවුන්ගේ හැඟීම් ඔයාගේ  මනස ග්‍රහණය කරගන්නවා. එයින් සිදු වෙන්නෙ ඔයාගේ  මානසික ජවය හීන වීම. ඒ වගේම ඔයාගේ  හිතේ නව අදහස් ඇති වීමට බාධා වීම. ඔයාගේ  සාර්ථකත්වයට ඒ අයගෙන් කිසිම දිරිගැන්වීමක් නොලැබීම. ඒ නිසා ඔයාට සාර්ථක වෙන්න අවශ්‍යනම් හිස් පුද්ගලයින් බැහැර කර සාර්ථක, උද්‍යෝගීමත් පුද්ගලයින් ඇසුරු කරන්න පටන් ගන්න.

????නිසි උපදේශන ලැබීම.

සාර්ථකත්වයක් අත් පත් කරගන්න නම් අපි තුළ තියෙන හැකියාවන් වගේම බාහිරින්ද යම් යම් දේවල් අපට අවශ්‍යයි. උපදේශනය කියන්නෙ එවැනි වැදගත්ම දෙයක්. නමුත් ඔයා ඒ ගැන දක්වන උනන්දුව අඩුද කියලා  බලන්න. ඔයා විභාගයකට සූදානම් වෙද්දී ගුරුවරුන්ගෙන් හෝ ඒ සඳහා සුදුසුකම් ලත් කෙනෙකුගෙන් උපදේශනයක් ලබාගන්න අවශ්‍යයි. ව්‍යාපාරයක් ආරම්භ කරනවානම් ව්‍යාපාර උපදේශකයෙකුගේ උපදේශනයක්, මඟපෙන්වීමක් අවශ්‍යයි. විභාගයක් සමත් වීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පමණක්ම නොවෙයි ඔයාගේ  හිතේ තියෙන ඕනෑම වැදගත් අරමුණක් වෙනුවෙන් උපදේශනයක් ලබා ගන්න පුළුවන්‍.. ඒක ඔයා කරන වටිනා ආයෝජනයක්.

ඉතින් සාර්ථකත්වයට සිහින මවන ඔයාට ඒ සාර්ථකත්වය ලඟාකරගන්න අවශ්‍ය ජවය හා අනෙකුත් සියල්ල දැනටමත් ඔයා තුළ සහ ඔයා අවට වටපිටාවෙ, ලෝකයේ තියෙනවා. ඔයා කරන්න ඕන දැන් ඔයා වාඩිවෙලා ඉන්න තැනින් නැගිටලා ක්‍රියාත්මක වෙන එක.

ඔව්….නැවුම් හුස්මක් අරගෙන ක්‍රියාත්මක වෙන්න. ඒක ඔයාට කරන්න පුළුවන්…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April12 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April13 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments