දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 12, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ඔබ  කවුද ……?

ඔබේ දක්ශතා මොනවද…..?

ඔබේ  ඉලක්කය කොතනද….?

ඔබ මුලින්ම මේ ප්‍රශ්න තුනට පිළිතුරු හොයා ගන්න..

ජීවිතේ කවදාවත් නැති විදිහට ජීවිතේ ගැන හිතන්න කාලයක් උදා වෙලා…

කවුද හරි කවුද වැරදි කියලා හොය හොය  කාලෙ නාස්ති නොකර ඔබ ඔබේ ජීවිතයට මේ කාලයේදි තව තව වටිනාකම් එකතු කරගන්න…

ඔබට ඔබ කවුද යන වගට පැහැදිලි පිළිතුරු ලැබෙයි….

ඔබ කවුද කියලා දැන් දන්නවා …..

එහෙනම් දැන් බලන්න ඔබේ  දක්ශතා..

ඔබේ දක්ශතා පිළිවෙලින්  ලියාගෙන යන්න….

එයින් ඔබට වඩාත් දක්ශතාවය ඇති දේ තොර ගන්න..

ඔබේ  ඒ දක්ශතාව ඔබට අලුත් පාරක් පෙන්නාවී.. හිතන්න ඒ ඔස්සෙ … කරුණු කාරණා සොයන්න..ඔබේ දක්ශතාව ඇති තවත් අය හොයාගන්න ඒ අය දිහා බලාගෙන ඉන්න… එයින් ඔබට ගත හැකි දේ ගන්න … නමුත් තමන් තමන්ම වෙන්න … අනුකරණය කරමින් උනුන් පරදා යන්න උත්සහා ගන්න එපා ඒ ගමන කෙටියි  .. ඒ නිසා තමන්ටම ආවේනික රටාවකට ඔබේ ගමන හදාගන්න…ඔබ ඔබේ  දක්ශතා සමග ඉලක්කයක් හදාගන්න…

ඒ ඉලක්කය ඔබේ ජීවිතයට ආලෝකයක් වෙන බව නිතර සිහියේ තබා ගන්න…

ඔබේ ඉලක්කයට යම් කිසි කාලයක් වෙන් කරන්න.  ….

ඒ කාලය උදා වන දින ඔබ ඔබේ ඉලක්කය සපුරාගෙන ඔබේ ජීවිතයට තවත් වටිනාකමක් එකතු කරගන්න….

ඔබ ඔබම වෙන්න…

ඔබේ අදක්ශතා වලට දුක් නොවන්න..දුර්වල තැන හදුනගෙන එතන ඔපමට්ටම් කර ගන්න. එවිට ඔබේ දක්ශතා තියුණු වේවි…

ඔබේ සාර්ථකත්වයට මෙහෙය වන සෙවනැල්ලක් සේ ලග රැදෙන ඔබේ

“සහයකයා”   ඔබම වන්න..

බාධක එන්නේ ඔබ යන මග අහුරන්න නෙමෙයි..

ඔබේ ඉලක්කයට යන මාර්ගය පැහැදිලි කර දෙන්න..

එම නිසා බාධක වලට නොබියව මුහුණ දෙන්න…

එවිට ඔබ ගමන් කරන මාර්ගය පැහැදිලි වනු ඇත…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April11 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April12 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments