දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 11, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

විද්‍යාඥයින් කියන විදිහට …….

වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

~ඉතින්,

තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

~නමුත් ….

ඩිම්බ දෙසට පිස්සුවෙන්  වගේ දුවන  මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300-500 ක් විතරමයි

~ඉතිරි ශුක්‍රාණු …..

වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි.  ශුක්‍රාණු 300-500  අතර ප්‍රමාණයක්‌  ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත.  ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී.  ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.

~ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

  1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ … නමුත් ඔයා ජය ගත්තා .
  2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නෑ, මොළයක් තිබුනෙත් නෑ …. පවුලක් , යාළුවෝ  …. කිසිම දෙයක් නෑ … එත් ඔයා  ජයග්‍රහණය කලා .
  3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ …. කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත්  ඔයා ජයග්‍රහණය කලා .
  4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තයට ගියා . අවසානයේ  ඔයා ජයග්‍රහණය කලා .

~ඔයා ජයග්‍රණය කරන අතරතුර …..

????මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ … ඔයා  සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

????ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

????ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

????බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ

????බොහෝ දෙනෙක් අඩු වයසෙන්  ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

~එත් ඔයා අද ……

යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා ..

ඔබ කලකිරීමට පත් වෙනවා ….. ඇයි ඒ ?

ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?

ඔයාගේ  විශ්වාසය නැති වුනේ ඇයි?

දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන්  ඉන්නවා . එත්  ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගෙන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී …… අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී  ……..උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .

මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?

ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?

ඇයි ඔයා කලකිරෙන්නේ?

ඔයාට සමහර දේවල් අහිමි වන්නවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි

මොහොතක් සිතන්න….

~ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. ~

ඉතිං ඔබත් අදම සිතන්න CharityShop කියන්නේ මවකගේ ගර්භාෂයේ වගේ. ඔබට තනිව වැඩෙන්න අවශ්‍ය හැමදේම CharityShop වලින් දෙනවා. ඔබට අවශ්‍ය පෝෂණය පිටින් ලබාදෙනවා. ඉතිං ශක්තිමත්, නීරෝගීව වැඩෙන එක ඔබට භාරයි.

මට අද සිට ඔබට වෙන් කරන්න තියෙන කාලය සීමිතයි. නමුත් ඔබට තනිව ගමනක් යන්න බැරිකමක් නෑ…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April10 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April11 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments