“වැරැද්දක් නිසා පසුතැවෙනවද?”
ඔයාගෙ අතින් යම් වැරැද්දක් සිදු වුණොත් ඔයා පසු තැවෙනවා. දුක් වෙනවා. ඔයා හිතනවා “ඇයි මං මෙහෙම වරදක් කළේ……..?” කියලා. ඔයා හැම දේම අතහැරල පැත්තකට වෙනවා.
ඔයාට යමක් වරදින්න ඇති. මනුෂ්‍යයෝ වෙච්ච අපිට වැරැදීම් වෙනවා කියන එක සාමාන්‍යයි. නමුත් හිතන්න! ඔයා ඒ නිසාම දුක් වෙනවා කියන්නේ , ඒ ගැන පසුතැවෙනවා කියන්නේ ඒ වරදට ඔයාගෙ හිතින් ඔයා විරුද්ධයි කියන එක. ඔයා ඒ වරද නැවත කරන්න අකැමැතියි කියන එක. නමුත් එක වැරැද්දක් කරල ඒ ගැන කිසිම පසුතැවීමක් නැතිව ඒ වැරැද්දම නිතර නිතර කරනවනම් එතැන තමයි පසු තැවෙන්න ඕනම තැන. මොකද? ඔයා වැරැද්දට ලැජ්ජාවක් හෝ බියක් නැති නිසා.
ඔයා වැරැද්දක් කරන්න ඇති. ඒ වැරැද්ද නිසා පසුතැවීමෙන් ලොකු දුකක් විඳින්න ඇති. ඔයාට රිදෙන්න ඇති. ඔයා මානසිකව වැටෙන්න ඇති. නමුත් ඔයාට සතුටු වෙන්න කරුණක් තියෙනවා. දැන් ඔයා දන්නවා වැරැද්දේ විපාක මොන තරම් පීඩාකාරීද කියලා . ඔයාට වරදින් නැගී සිටින්න ඕන කියන අදහස දැඩිව ඔයාගෙ හිතට දැනෙනවා.
ඔයා පුදුම වාසනාවන්තයි. ඔයා මේක කියවන්නේ වරදින් නැගී සිටින්න ඕනෑ කියන දැඩි අවශ්‍යතාවයක් හිතේ තියාගෙන.
අපිට ජීවිතේ වරදින තැන් තියෙනවා. අපි කඩාගෙන වැටෙන තැන් තියෙනවා. අපිට රිදෙනවා. ඒ රිදවීම අපිට කියාදෙන්නේ පාඩමක්. රිදීම් බිඳීම් නැති කිසිම කෙනෙක් මේ ලෝකෙ කිසිම ජයග්‍රහණයක් ලබලා නැහැ. ලෝකයේ හැම විශිෂ්ට ජයග්රහණයක්ම ලැබුවේ වැටිච්ච මිනිස්සු. පරාජය වෙච්ච මිනිස්සු. වරදින් නැගී සිටින්නට දැඩි ඕනෑකමක් තිබුණු මිනිස්සු.
ඒ අය හැමදේම දැනගෙන හිටියේ නැහැ. ඒ අයට මේ ලෝකෙ හැම සම්පතක්ම තිබුණෙ නැහැ. එක දෙයක් තිබුණා.
ඒ “සිහිනයක්”
ලෝකයම “ඔබට බැහැ” කියද්දි ඒ අභියෝග කඩාගෙන ඉස්සරහට යන්න පුදුම ගැම්මක් තිබුණු නිසා ඒ අය සාර්ථක වුණා.
අපිව පහලට ඇදලා දාන්න ඕනෑ තරම් මිනිස්සු ඉඳීවි. ඒ අය අපිට ඇඟිල්ල දිගු කරාවි. “ඔයාට ඕක කරන්න බැහැ” කියාවි. පුංචි වැරැද්දක් අල්ලගෙන “ඔයා දැන් වැරැදිකාරයෙක්” කියාවි. අනිත් අය කැමැතියි ඔයා හැම දාම එකම තැන හිරවෙලා කොටු වෙලා ඉන්නව දකින්න.
ඇයි ඒ අයට දිනුම දෙන්නෙ……..?
අනිත් අය කියන දේට වඩා අපේ හදවත අභ්‍යන්තරයෙන් නැගෙන හඬට සවන් දෙමු. අපි ජීවත් වෙන්න ඕන විදිය අපි මනසින් දකිමු. අපේ සාර්ථකත්වය අපි මනසින් දකිමු. අපේ ජයග්‍රහණ අපි මනසින් දකිමු. අපි සිහින මවන තරමට ඒ සිහින වලට මාවත් විවර වෙනවා.
හිතේ තියෙන පසුතැවීම ම ශක්තියක් කරගෙන නැගිටිමු …..
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April8 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021April9 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)