“”නැගිටින්න????️”
“සිහින මවන්න බය වෙන්න එපා”
අපි යම් දෙයක් කරන්න පටන් ගන්නකොටම “අනේ ඕක ඔයාට බැහැ…වෙන දෙයක් කරන්න” කියල ඇතැම් අය කියනවා.
ඔයාටත් මේ ගැන බොහෝ අත්දැකීම් ඇති. ඒ අය ඔයාට කියනවා “ඔයාට බැහැ” කියල. ඒ අය ඔයාට කියනවා “ඔයා ඕක කළොත් ඔයාගෙ කාලය අපරාදෙ” කියල. ඒ අය ඔයාට කියනවා “ඕක තේරුමක් නැති වැඩක්” කියලා. ඒ අය ඔයාට කියනවා “නවතින්න” “වැටෙන්න” “එක තැනකට වෙලා ඉන්න” කියලා. නිතරම නැහැ, බැහැ, එපා කියන සමාජයක අපි ජීවත් වෙන්නෙ. ඒ සමාජය කැමති නැහැ ඔයා ඔයාගෙ සිහිනය දිනාගන්නවට.
ඔයාගෙ ඒ ලස්සන සිහින කීයක් නම් අනිත් අය කියන දේවල් නිසා මනස තුළම මිය යන්න ඇතිද? ඔයා මනසින් චිත්ත රූප මවද්දි අනිත් අය වල් පල් කතා කරනවා. ඔයා වැඩ කරන්න පටන් ගන්නකොට ඒ අය ඔයාට පහර පිට පහර දෙනවා. ඔයා “මෝඩයෙක්” කියනවා. ඔයාගෙ චිත්ත රූප කඩල බිඳල දානවා. අවසානයේ ඔයා චිත්ත රූප මවනවා වෙනුවට ඒ සමාජයත් එක්කම එකතු වෙලා වල් පල් කතා කරනවා. කාලය කා දමනවා. එක්කෝ ඒ සමාජයට දොස් නගමින් අසාර්ථකත්වයම ආකර්ෂණය කර ගන්නවා.
කෙනෙක් හැකියාවන් උපදවා ගන්නවා. තවත් කෙනෙකුට උපතින්ම හැකියාවන් පිහිටලා තියෙනවා. නමුත් ඒ කිසිම හැකියාවකට අභියෝග කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.
ඔයා ගමේද?, නගරයේද?, දුප්පත් ද, පොහොසත් ද?, උපාධියක් තියෙනවාද? , නැද්ද? ඒ කිසිම දෙයක් ඔයාගෙ සිහින වලට බාධක විය යුතු නැහැ. ඒ කිසිම දෙයක් ඔයාගෙ හැකියාවන් වලට බාධක විය යුතු නැහැ.
ඔයා සිහින මවන තරමට ඔයාගෙ මනස ඔයාගෙ අරමුණු ග්රහණය කර ගන්නවා. අනාගතයේ දී උපරිම ඵල නෙලන්න නම් නොබියව සිහින මවන්න ඕන. ඒ සිහින ලියන්න ඕන. කවි කරන්න ඕන. රූප සටහන් අඳින්න ඕන. රූප එකතු කරන්න ඕන. ඔයාගෙ සිහිනය ප්රබලවම ඔයාගෙ මනසින් අත්විඳින්න පටන් ගත්තොත් ඔයා නොසිතූ විදියට ඒ සිහිනය දිනාගන්න මාර්ග විවර වේවි. ඔයා නොසිතූ ආකාරයේ අලුත් අදහස් උපදීවි. ඔයා නොසිතූ විදියට ඔයාට උපකාර ලැබේවි.
ඔයාට ඒ දේ කරන්න පුළුවන්
එහෙනම් ඉතින් දැන් වැඩ පටන් ගන්න.
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April7 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021April8 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)