“අයියෝ………මට මැරෙන්නමයි හිතෙන්නෙ”
“ඇයි මේ ප්‍රශ්න මටම……..?”
අපිට යම් යම් ප්‍රශ්න ආවම අපි මානසිකව කඩාගෙන වැටෙනවා. හරියට ශක්තිමත්ව වැඩී තියෙනන රූස්ස ගහක් කඩාගෙන වැටෙනව වගේ. අපි හිතනවා “ඇයි මේ ප්‍රශ්න මටම……..?” කියල. අපිට විසඳුමක් පෙනෙන්නෙ නැහැ.
ඒක හරියට මේ වගේ. පුංචි කුණු ගොඩක් තියෙනවා. කෙනෙක් ඒකට ගිණි තියනවා. ටික වේලාවකින් ඒ ගිණි ගොඩ වටේ දුමාරයක් හටගන්නවා. තවත් ටික වේලාවකින් ඒ දුමාරයෙන් විශාල ප්‍රදේශයක් වැසී යනවා. දැන් අර පුංචි ගිණි ගොඩ පේන්නෙ නැහැ. කෙනෙක් මේ විශාල දුමාරය දිහා බලල “අයියෝ……..මේ තරම් ගින්නක් කොහොමද නිවන්නෙ…?” ඔහු බියෙන් ඈතට යනවා.
අන්න ඒ වගේ තමයි. අපිට ප්‍රශ්නයක් ආවම අපි ඒ ගැන අසීමිතව කල්පනා කරල ඒ ගැන අනවශ්‍ය සිතුවිලි කන්දක් හදාගන්නවා. ඒකෙන් වෙන්නෙ සැබෑ ප්‍රශ්නය යටපත් වෙලා අනවශ්‍ය අවුල් සිතුවිලි ජාලයක් හැදෙන එක. එවිට අපට ප්‍රශ්නය විසඳන්න තියෙන කිසිම මාර්ගයක් පේන්නෙ නැහැ. අපි ප්‍රශ්නය විසඳනවා වෙනුවට ප්‍රශ්නයට දුරින් ඉඳගෙන මේ අවුල් ජාලාව දිහා බලාගෙන ඉන්නවා. දැඩි මානසික පීඩනයකින් ජීවත් වෙනවා.
කෙනෙක් ඉන්නවා. ඔහු දැනගන්නවා මේ දුමාරය මැද තියෙන්නෙ පුංචි ගිණි ගොඩක් කියල. ඔහු මේ දුමාරය හරහා ගොස් ගිණි ගොඩ නිවල දානවා. දැන් දුමාරයත් නැති වෙලා යනවා.
අපි ප්‍රශ්න දිහා බලන විදියක් තියෙනවා. බොහෝ විට අපි හැමදාම එකම කෝණයකින් ප්‍රශ්නය දිහා බැලුවොත් ඒ ප්‍රශ්නයට විසඳුමක් පෙනෙන්නෙම නැහැ. නමුත් අපි විවිධ කෝණ වලින් ප්‍රශ්නය දිහා බැලුවොත් අපට පුලුවන් ප්‍රශ්නයට උත්තර හොයාගන්න.
ප්‍රශ්නයේ නරක පැත්ත මෙනෙහි කළා නම් ඒ ප්‍රශ්නයේම හොඳ පැත්තකුත් මෙනෙහි කිරීම අපි ප්‍රශ්නයක් දිහා බලන වැදැගත් කෝණයක්.
මෙහෙම,
“එයා මාව දාල ගියේ මගේම හොඳට…දැන් මං නිදහස් කෙනෙක්. මේ නිදහස පාවිච්චි කරල මම පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන”
එහෙම හිතන තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. සාර්ථකව , ශක්තිමත්ව ජීවිතයේ ඉස්සරහට යද්දි සියදහස් ගානකගේ මුවට හිනාවක් රැගෙන එමින් ජීවිතයම සමාජ සත්කාර වලට කැප කරනවා..එක් කෙනෙක් ඔහු දාලා ගියා කියලා ඔහු තනි උනේ නෑ..අද සිය දහස් ගානකගේ ආදරය සෙනෙහස ඔහු විදිනවා ….
අපි හිතන විදිය වෙනස් කරගත්තොත් බොහෝ ප්‍රශ්න වලින් අපට ගොඩ එන්න පුලුවන්. තරමක් දරුණු ප්‍රශ්නයක් නම් උපදේශකවරයෙකුගෙන් උපදෙසක් ගන්න සිදු වෙයි. නමුත් මුල් ම වැදැගත් දේ තමයි ප්‍රශ්නයකින් ගොඩ එන්න පුලුවන් කියන දේ විශ්වාස කිරීම.
ප්‍රශ්න එන්නෙ ජීවිතය ශක්තිමත් කරන්න. ඔබ ඒවාට ජවසම්පන්නව මුහුණ දෙන්න ඕන. මොකද අනාගතයේ විශිෂ්ට ජයග්‍රහණ ලැබෙන්නේ ශක්තිමත් මිනිසුන්ට.
නරියෙක් සිංහයෙකුට අභියෝග කළොත් ඌ ඒකට කලබල වෙන්නෙ නැහැ. මොකද සිංහයා දන්නව තමන් නරියාට වඩා ශක්තිමත් කියල. ඒ නිසා ප්‍රශ්නවලට වඩා තමන් ශක්තිමත් කියල හිතමු.
සිංහයෙක් වගේ ජවසම්පන්නව නැගිටිමු ????
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April6 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021April7 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)