දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 27, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ඔබ තනියමද ?

තනිකම දැනෙනවද ?

ඇඩෙන්න වගේ නේද ?

හිත රිදෙනවා නේද සෑහෙන්න.

ඇති හොදටම……..

සතුට තියන තැන නෙවෙයී ඔයා ශක්තිමත් වෙන්නේ…… මම ඒක විශ්වාසෙන් කියනවා. කිසිම මොහොතක තමන්ගේ සතුට අනුන් තුලින් බලාපොරොත්තු වෙන්න එපා.

ඒක මෝඩ වැඩක්. ලෝකේ සාර්ථක උන ගොඩක් මිනිස්සු වැඩ කලේ තනියම. අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන්න. තනියම…….

ඔයාට තියෙන්නෙ හරි අප්‍රසන්න අතීතයක් වෙන්න පුලුවන්. කමක් නෑ ඒකට මොකද. ඔයා වර්තමානයෙ නේ මේ ජීවත් වෙන්නේ…..

ඒ හයියම ඇති ඔයාට හැදෙන්න. වෙනස් වෙන්න. වෙනස් විදියට හිතන්න.

ඔයා මොනවද කරන්නෙ ?

ඔයා කන්නේ ….බොන්නේ මොනවද ?

ඔයා යන එන තැන් ? ඒවා මිනිස්සු දැනගන්න අවශ්‍යම නෑ.. හොදට මතක තියාගන්න පුද්ගලිකත්වය තමයී ඔයාගේ ලග තියන වටිනම බලය.. ඒක නොදන්න අයට ඔයාව විනාශ  කරන්න බෑ..

මේ යට තියන වචන ටික කෑ ගහලා කියන්න ඔයාගේ ආත්මෙටම ඇහෙන්න ඔයාගේ  යටි හිතට කියන්න ……

“මම මගේ ගමන යනවා කඩන් වැටෙන්නේ නෑ…. වැටුනත් නැගිටින්න හයියක් මට තියෙනවා” කියලා……..

ප්‍රතික්ෂේප වීම තමයී ඔයාගේ හොදම මෝටිවේශන් එක….

එතන තමයී ඔයාට ඔයාව පේන තැන !

එතන තමයී ඔයාට දරාගැනීම පුරුදු වෙන තැන!

එතන තමයී ඔයාගේ අරමුණ දැනෙන තැන!

එතන තමයී ඔයාගේ හිත හයිය වෙන තැන !

කොටින්ම කියුවොත්

එතන තමා ඔයාට ගොඩයන්න හොදම තැන .!

ඔබගේ දුර්වලතාවයන්ට, අතීතයට දොස් පැවරීම වහාම නවතන්න……….

ඔබ ඒවා ගැන සිතනවා වෙනුවට ඔබ සතු ප්‍රබලතා මොනවාදැයි සොයා බලන්න. ඒවා වෙනුවෙන් වැඩ කරන්න. එම හැකියාවන්ට ස්තූති වන්තවෙන්න………

සරැ කලක් ලබා ගැනීමට නම් කොතරම් දුෂ්කර පසුබිමක් දෙස වුවද ධනාත්මකව දකිමින් ආත්ම විශ්වාසයෙන් නරක කාලය සමග පොරබදිමින් ඉදිරියට ම යන්න …..

අවබෝධයෙන් බැලූ කල අසුභ කාල, සුභ කාල ලෙස කාණ්ඩ කල නොහැක. ඔබ හමුවට පැමිණෙන සියළුම අභියෝග දෙස සිහි නුවණින් බලන්න……එ් සෑම අභියෝගයක් තුළම ඇත්තේ විශ්වය ඔබ වෙත ලබා දෙන රන් දොරටුවකි….  එම අවස්තාව හදුනා ගෙන දොරටුව විරව කර ගැනීම ඔබේ වගකීමය……

Charityshop තුළ ට පිවිසෙන රන් දොරටුව විවර කර ගැණීම ඔබේ හැකියාවයි……එය විවර කර ගැනීමට මග පෙන්වීම අපේ යුතුකම හා වගකීමයි…..හැකියාවන් සිය ගණනකට අවස්ථාවක් ඇති පුණ්‍ය භූමිය තුළට පිවිසීමේ  තීරණය ඔබ සතුයි…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April26 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April27 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments