දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Apr 28, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

මදක් සිතන්න…….

මේ ලෝකේ මිනිස්සු කොට්ඨාස දෙකක් ඉන්නවා.

1️⃣ සිත වෙහෙසා වැඩ කරන මිනිසුන්

2️⃣ කය වෙහෙසා වැඩ කරන මිනිසුන්

මින් පළමු කාණ්ඩය සෑම විටම උත්සාන කරන්නේ තමන්ගේ සිත ⁣මෙහෙයවා අන් අයව කළමනාකරනය කිරීම තුළින්  තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමටයි…..

දෙවන කාණ්ඩය සිතන්නේ  අතසෙලවීමෙන් කට සෙලවිය  හැක යන මතයයි. මැරෙන තුරැම වෙහෙසවී වැඩ කළ යුතුයැයි ඔවුන් සිතයි.

මේ දෙපිරිස අතරින් සමාජයේ ඉදිරියෙන් වැජබෙන්නේ කවුරැන්ද???

සිතෙන්නෙක් නොවි සිතන්නෙක් වෙන්න. ඔබ සතු වටිනාම වස්තුව මොළය සහ ඔබට අවශ්‍ය දේ සිතීමේ හැකියාවයි. මොලය කිසිවෙකුට ඔබගේ සිතීමේ නිදහසට බලපෑම් කළ නොහැක. චිත්ත තරංග වල බලසම්පන්නය භාවය කොතෙක්ද යන්න වටහා ගත් අය එය තමා නතු කොට ගෙන එයින් සාර්ථක වුවා මිස කියා පෑවේ ඉන් අතලොස්සකි පමණි. 3% ප්‍රතිශතයක් ඇති  ⁣සුඛෝපභෝගී ජීවිත ගත කරන්නත් ඉතිරි 97% දුක්ඛිත ජීවිත ගත කරන්නත් හේතුව මෙයයි.

ඔබව වෙනස් කළ හැක්කේ ඔබට ඔබගේ සිතුවිලි වලටම පමනයි. කිසි විටක අනෙකුන් සමග තමාව අනුකරනය හා සන්සන්දනය නොකිරීමටවග බලා ගන්න. තමන්ට ලැබී ඇති සුවිශේෂි හැකියාවන් අවධි කරන්න. ඔබ ඔබ වෙනුවෙන් නැගී සිටි කළ අනෙකුත් සියලු බාහිර පරිසරය අදාළ පරිදි වෙනස් වනු ඇත.

මම කවුරැන්ද සොයා ගන්න. තමන්ම සොයා ගත්ත දවසට ඔබ දිනාවි….

රාජාලියා කියන්නේ අවුරුදු 70ක් ජීවත් වෙන පක්ෂියෙක්.එයාට  උපරිම ජවයෙන් වැඩ කරන්න පුලුවන් කාලයක් එනවා. හැබැයී එක්තරා කාලසීමවකදී එයාටත්  ඉතාම දුශ්කර කාලයක් එනවා.අවුරුදු 40ක් වෙනකොට එයාට  තීරණය කරන්න වෙනවා මෙහෙමම මැරිල යනවද !

අළු ගසා දාලා ආයේ නැගිටිනවද ! කියලා. මොකද අවුරුදු 40දී එයාගේ ස්වරූපය වෙනස් වෙනවා. හය්යට තිබ්බ අත්තටු හමට ඇලෙන්න ගන්නවා. පියඹන්න වත් බැරි විදිහට අසරණ වෙනවා. ඒ විතරක් නෙවෙයී. එයාගේ තියුණු නියපොතු කැඩී යනවා.දිග උල් හොට වකුටු වේගෙන එනවා. අවසානෙට මොකද වෙන්නෙ….එයාට ගොදුරක්වත් ලබා ගන්න බැරි වෙන තැනටම පත් වෙන එක.

හැබැයී. එයාට තෝරාගන්න විකල්ප දෙකක් විශ්වයෙන් දීලා තියනවා…..හරියට අපිට වගේම තමයී.

ඔව් ඔයා හරි එයා කැමති නෑ එහෙම ඔහේ මැරිලා යන්න. එයා දන්නවා එයාට තව කල් තියනවා කියලා.හරියට ඔයාලා හිතනවා වගේම එයත් හිතනවා. ඔයාලත් කැමති නෑ නිකන් ලැබුන ජීවිතය ඔහේ ගෙවිලා යනවා දකින්න. මන් හරි නේද ?

එයාටත් ඕන එයාගේ ජීවිතේ ඉතුරු කාලේත් ආපහු නැතිවෙලා ගිය ජවය , රූපය ලබා ගන්න… එයා මොනවද කරන්නේ මේකට ….

එයා තෝරගන්නවා පාලු උස කදු මුදුනක්. සද්ද නැතුව එයා එතනට යනවා…ලේසියි නෑ…. කාගෙන යනවා..  තටු හැලිලා ඇගේ හයිය නැති එයාට හිතේ හයිය ඕනවට වඩා තියනවා අන්න ඒක එයාව ශක්තිමත් කරනවා….

එයා එයාගේ හොට සම්පූර්ණයෙන් ගෙවිලා යනකන්ම සමතලා බිමක පිරිමදිනවා ඇයි ?  0 ඉදන් ආපහු පටන් ගන්න.එයාගෙ හොට සම්පූර්ණයෙන් යථා තත්වයට එනකන්ම උපරිම ඉවසන් ඉන්නවා.එයාගේ ඉවසීම මහ පුදුමාකාරයි….

ඊට පස්සෙ එයා කරන්නේ එයාගේ අලුත් හොටෙන් එයාගෙම ඇගේ අර ඇලිලා තියන පිහාටු එකින් එක ගලවන එක. හිතන්න එපා මේක ලේසියි කියලා. ඒක වේදනාවක්. පුදුම දරාගැනීමක්…….හැබැයී එයා ඒ දේවල් කරේ කා වෙනුවෙන්ද ? කා වෙනුවෙන් වත් නෙවෙයී තමන් වෙනුවෙන්ම…..

ඉතින් එයාගෙ ස්වරූපය ආපහු එයාම හදාගන්නවා.නැවත අවුරුදු 30කට ඉස්සරහට එයාගෙ ආයු කාලය වැඩි කරගන්නවා…. ඒ රාජාලියාගේ කතාව.. තිරිසන් සතෙක්ට එහේම තේරුම් ගිහින් එච්චර දෙයක් කරන්න පුලුවන් උනා නම්. උතුම් මනුශ්‍ය ජීවිතයක් ලබපු ඔයාට මොනවද කරන්න බැරි ?? ……

අමාරු කාලයෙත් කැප වෙන්න උත්සාහ කරන්න……

අමාරු කාලේ කරන වැඩ තමයී කවදාහරි ඔයාට ලස්සන මතකයන් ඉතුරු කරන්නේ….. ආමාරු කාලේ වැඩ කරපු කෙනා තමයී ආපහු කිසිම හේතුවකටවත් කාඩාගෙන  වැටෙන් නැත්තෙ…….

ඉදිරියට යන්න හිතන්න ඕන පහු කරන කාලය ගැන නෙවෙයී..අවසාන ඉලක්කය හා එහි ප්‍රතිඵලය ගැන

සහ එයින් ලැබෙන ආත්ම තෘප්තිය ගැනයී. රාජාලියා ආත්ම තෘප්තිය ලැබුවා.

ඔබ ???

අපි හැමෝටම මේක අමාරු කාලයක්…… හැමදාම මෙහෙම තියෙන්නෙ නෑ. පුලුවන් තරම් ධර්මය එක්ක ඉන්න ඔයා මොන ආගම ඇදහුවත් මට කමක් නෑ. පොඩ්ඩක්වත් ඔයාගෙ මනසට නෙගටිව් වෙන්න දෙන්න එපා. පුංචි  කාලේ කරපු හොබීස් ආයේ පටන් ගන්න. සින්දුවක් දාලා නටන්න. සින්දු කියන්න. ගිටාර් ගහන්න. ලස්සන සින්දු අහන්න. ලියන්න පුලුවන් අය ලියන්න.කව්ද දන්නේ ඉස්සරහට පොතක් එලිදක්වන දක්ශ ලේඛකයා ඔබද කියලා ? දක්ශ ගායකයා ඔබද කියලා.? නිකන් ඉන්න අවශ්‍යද ? නෑ.සොබදහම ඔබව පරීක්ෂා කරනවා නම් ඔයා ඒකට මුහුණ දෙන්න…. අභියෝගය බය නැතුව බාරගන්න…

ඔබේ දක්ශතාවය හදුනගෙන Charityshop සමග සම්බන්ධ වී ජීවිතය ජය ගන්න….

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April27 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April28 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments