දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | May 1, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

ඇත්තටම ජීවිතය

ගලාගෙන යන්නෙම

හරිම වෙනස් විදියට

දවසක සතුටින් පිරෙන මූණූ

තවත් දවසක ඉන්නේ

ඇස් වල කදුළු පුරව ගත්ත ගමන්

ජීවිතේ කියන්නෙම ඉක්මනින්

වෙනස් වෙලා දුක සතුට

අතරමැද ගලා යන දේකට

සමහර වෙලාවට ජීවිතේදී

අපි අපේමයි කියලා

තදින් බැඳීම් ඇති කරගත්ත

දේවල් හරිම ඉක්මනින්ම

අපෙන් දුරස් වෙනවා

ජීවිතේ අපි කැමති හැමදේම

ඒ විදියටම අපිට ලැබෙන්නෑ

ඒකයි යථාර්ථය….

නමුත් ජීවිතේදී ලද දෙයින්

සතුටු වෙන්න පුළුවන් නම්

ඒක කොයිතරම් භාග්‍යයක්ද

ඒත් අපි කරන්නෙම නොලැබෙනා

දේට හැමදාම හූල්ලන එක විතරයි….

ඒ තුළින් ජීවිතේ කලකිරීම

සදහටම ලියවෙනවා..

නමුත් අපිට පුළුවන් නම්

ජීවිතේදි අපිට ලැබෙන

අපි ළඟා කර ගන්ත

දේවල් වලින් සතුටු වෙන්න

අන්න ඒකටයි සතුටින්

ජීවත් වෙනවා කියන්නේ….

අපිට උරුම වන ජීවිතේදී

අපි කැමති හැමදේම

ඒ විදියටම අපිට ලැබෙන්නෑ

සමහර දේවල් කාලයක් පුරාවටම

අසීමිත කැප කිරීම් එක්ක

ලබා ගන්න ඕනි…

නමුත් අපිට පුළුවන් නම්

හැමවෙලාවෙම මූණේ සතුටු

සිනාවක් ගෙත්තම් කරගන්න

ඒක මොනතරම් ආභරණයක්ද

අපේ ජීවිතයට….

මේ සංසාර චාරිකාව තුළ

අපි රැස් කරගත් කුසල අකුසල

වල ආනිසංස එක්ක

ජීවිත ගමන ගෙවෙනවා…

නමුත් සතුට සැනසීම තමන්ට

උදාකර ගන්න පුළුවන්

ළඟ නැති දේවල් ගැන

සිතනවට වඩා තමාට උරුම වූ

දේවල් වලින් සතුට

නිර්මාණය කරගන්න

ඔයාටත් පුළුවන් නම්

ඔයාගේ මූණෙත් විඩාබර

දුක මුසු වූ කදුළු වලට වඩා

සොඳුරු සිනහව සින්නක්කරව ලියවේවි….

පුළුවන් හැම මොහොතකම

තමන් තමන් ගැන

ආඩම්බර වෙන්න….

සමාජයේ ඉන්න අනිත් අය එක්ක

තමන්ව සංසන්දනය නොකරන්න….

ඔබ ඔබම වන්න.

ඔබට පුළුවන් නිවැරදි දේ ඔබ කරන්න….

ඔබේ ජීවිතේ තවකෙකුට

පාලනය කිරීමට ඉඩ නොදෙන්න…..

ඔබේ ජීවිතට මඟ පෙන්වන්නා

ඔබම වෙන්න….

ඕනම කෙනෙක්ට ජීවිතය

දිනන්න පුළුවන් …..

මංපෙත් ඕනි තරම් තියෙනවා

ඒ අතරින් ඔබට ගැලපෙන

නිවැරදි මඟ ඔබම තෝරාගන්න….

සතුටින් ඉන්න කිසිදිනෙක කිසිවෙකුට

ඔබේ සිනහව නැති කිරීමට

ඉඩ නොදෙන්න….

අත්හැර යන,මඟහැරුම් කරන,

හිත් රිද්දන අය ගැන

අනුකම්පා කර

ඔබත් ඔවුන්ගෙන් ඈත් වන්න…

ඔබේ ජීවිතේ  ඔබේ අරමුණ වෙනුවෙන් සතුටින්   කැප වෙන්න….

කිසිදිනෙක කිසිවෙකු මත

යැපෙන්නෙක් නොවෙන්න…

තමාගේ ජීවිතේ නිවැරදි මඟක්

තෝරාගෙන ඒ තුළ ඔබ සකස් කරගත් ඉලක්කයක් වෙත තනිව ගමන් කරන්න….

ජීවිතේ කියන්නේ

අවිනිශ්චිත දෙයක් තමයි..

මොකද දවසක අපි කැමති වුණත් අකමැති වුණත් අපිට යන්න වෙනවා…

ඒක ලෝක ස්වභාවය….

ඉතින් ලැබුණු ජීවිතය

හූල්ලමින් කදුළු පෙරමින්

අවසානයක් දකිනවට වඩා

සිනාවෙන් සතුටින් ගත කරන්න…

කිසිවිටෙක තමාට ලද ජීවිතේ

පරාජ වීම් සිත් රිඳුම් මත

වැලලෙන්නෙකු නොව

ඒවා තම ජීවිතයට

ආශිර්වාදයක් කොට ගනිමින්

ශක්තිමත්ව සතුටින් සිනා වී

තම ජීවිතේට අභියෝගය කරන්නා තමාම වෙමින් ජීවත් වෙන්න…..

එවිට ඔබේ ජීවිතයෙහි සිනහව

සදාකල්හිම නුඹ ළඟින් රැදේවි……..

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April30 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි1 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments