දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | May 7, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

Positive වෙන්න කලින් ඔයා ඉන්නේ Negative ලෝකේක කියලා තේරුම් ගන්න…..

මොනවා කලත් හිතෙන්නේම නෙගිටිව් දේවල් නේද ?….

කොච්චර උත්සාහ කලත් දවසයි දෙකයි, ඊට පස්සෙ අත ඇරෙනවා…….

හේතුවක් දන්නේ නෑ එපා වෙනවා  නේද …?

ධනාත්මකව හිතන්න හිතන්න සෘනාත්මක දේවල් පේනවා වැඩියි   නේද ….?

????මේ ඔයාට තියෙන ප්‍රශ්න….

ඇත්තටම මේවා ප්‍රශ්න නෙවෙයි… ප්‍රශ්න කියලා ඔයාට පෙන්වන්න හදන ඔයාව රූකඩයක් කරලා නටවන ඔයාම පුරුදු කරපු ඔයාගේම යටිසිතේ වැඩක් …..

හොදට අහගන්න …

විවේචනය කරන්න දහසක් වැරදි දේවල් තියෙද්දි මනුස්සයෙක් විශ්වාසයෙන් නැගිටින්න යද්දි ඒ විශ්වාසය බිද වට්ටන්න ලොකු ටෝක්ස් දෙන දාර්ශනිකයන් ඉන්න සමාජයක අපි ඉන්නේ….

විවේචනය වියයුතු දුර්වල තැන් හංගලා වර්ධනය විය යුතු මිනිස්සුන්ගේ අධ්‍යාත්මික නැඹුරුවට පහර ගසන්න තරම් මානසික මට්ටමින් අඩු මිනිස්සු ඉන්න ලෝකේක අපි ඉන්නේ ….

කෙනෙක් සාර්ථක වෙන්න උත්සාහ කරද්දි ඒ මනුස්සයට දාහක් දේවල් කියලා මානසිකව වට්ටන්න උත්සාහ කරන කුහක මිනිස්සු ඉන්න සමාජයක අපි ඉන්නේ ………..

කියන්න මුකුත්ම නැත්නම් වෙලාව හොද නෑ කියලා හරි කෙනෙක් ව වට්ටලා තමන්ගේ  වාසියට කතාව හරවගන්න  උත්සාහ කරන මිනිස්සු ඉන්න සමාජෙක අපි ඉන්නේ …..

මිනිස්සු උතුම් දේවල් කරන රටක ඒ උතුම් දේවල් හංගලා මිනිස්සු කරන අපරාධ විතරක් උලුප්පන මිනිස්සු ඉන්න සමාජෙක අපි ඉන්නේ ……

කොටින්ම කිව්වොත් මේ ඉන්න කුණු ගොඩෙන් එලියට එන්න දශමෙකින් වත් උත්සාහයක් ගන්න තව කෙනෙකුට ඉඩ නොදෙන මිනිස්සු ඉන්න  සමාජෙක අපි ඉන්නේ .

මොකද මිනිස්සුන්ට ඕන කුණු කුණු තමයි බහුතරයකගේ ආදායම් මාර්ගය  කුණු තමයි බහුතරයකගේ දියුණුව , කුණු තමයි බහුතරයකගේ ප්‍රසිද්ධිය,

සරලවම කුණු තමයි බහුතරයකගේ  පැවැත්ම…….

ඉතින් එහෙම සමාජෙක ඉන්න ඔබට , මට ඒ කුණු අතුගාලා දානවා කියන්නේ එක තප්පරෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි….

පලවෙනිම දේ අපිට ලෝකෙම කුණු අයින් කරන්න බෑ  ….

අපි උත්සාහ කරන්න ඕන අපේ කුණු ටික අයින් කරගන්න…..

හැබැයි එහෙම කරන්න , කරන්න වටේ ඉන්න කුණු තියෙන මිනිස්සු ඔයා ලගට තව කුණු විසි කරයි. ඒ වෙලාවට කරන්න ඕන ඔයාගේ  උත්සාහය අත් හරින එක නෙවෙයි ……

ඔයා තව උත්සාහවන්ත වීමයි.

සමාජය කොහොමත් සෘනාත්මකයි. ඔබ දකින අහන කතා කරන සියලූම දේවල් නිරන්තරයෙන්ම සෘනාත්මකයි….

ඉතින් මනස නිරන්තරයෙන්ම සෘනාත්මක වෙනවා කියන්නේ අමුතු දෙයක් නෙවෙයී ….ඒ වගේම ඔයාට විතරක් තියෙන පුද්ගලික ප්‍රශ්නයකුත් නෙවෙයි

ඒ සෘනාත්මක වීම නවත්වන්නම තමයි මේ උත්සාහය ඔයා කරන්නේ…..

වෙනස තියෙන්නේ පිරිසකට උවමනාව තියෙනවා පිරිසකට උවමනාව නෑ .

උවමනාව තියෙන කෙනා සෘනාත්මක සහ ධනාත්මක කියන දෙකේ වෙනස දන්නවා….

ඒ නිසාම ඔයා හිතට පුරුදු කරන්න…. උත්සාහ කරන ධනාත්මක දේවල් එක්ක ඔයාට මුලු ලෝකෙන්ම නිරන්තරයෙන්ම දකින්න අහන්න ලැබෙන සෘනාත්මක දේවල් සැසදන්න…..

අන්න එතකොට ඔයාට හිතෙනවා කොච්චර ධනාත්මක උනත් හිත සෘනාත්මක පැත්තටම යනවා කියලා….

නෑ…..  ඒක නෙවෙයි ඒ වෙන්නේ. ඔයා ධනාත්මක සහ සෘනාත්මක බව හොදින් අවබෝධ කර ගනිමින් ඉන්නවා. කල සහ නොකල යුතු දේ ඔබ හොදින් වෙනස වටහා ගන්නවා…..

හිතන්න ,

ඔයාට ඉන්නවා යාලුවො 10 දෙනෙක් . ඒ අතරින් එක්කෙනෙක් ධනාත්මකව හිතනවා…

අනිත් 9ම සෘනාත්මකව හිතනවා. ඔයා මේ 10ම ආශ්‍රය කරනවා. එතකොට ඔයාට ධනාත්මක දේවල් ඇහෙන්නේ එක කෙනෙකුගෙන් විතරයි.

හැබැයි ඔයාට 9 දෙනෙකුගෙන්ම සෘනාත්මක දේවල් අහන්න ලැබෙනවා…

මේකෙන් දේවල් දෙකක් අපිට අවබෝධ කරගන්න පුලුවන් .

01, ඔයා මෙච්චර කල් හැමදේම සෘනාත්මකවම දකින්න පුරුදු වෙලා හිටපු නිසා ඔයා ධනාත්මක දේවල් දකින්න දන්නෙ නෑ . ඒ නිසාම ඔයාට ධනාත්මක දේවල් ලැබෙන්නෙ නෑ . හැබැයි දැන් ඔයා එක්කෙනෙක්ගෙන් හරි ධනාත්මක චින්තනය අහනවා..

එතකොට ටිකින් ටික හරි ඒ අවබෝධය ඔයාට ලැබෙනවා….

අන්න එතකොට ඔයාට මේ ධනාත්මක සහ සෘනාත්මක කියන සිතිවිලි දෙකේම වෙනස තේරෙන්න පටන් ගන්නවා……

අන්න එතකොට ඔයාට වැඩියෙන්ම ලැබෙන සෘනාත්මක සිතිවිලි වැඩි බව ඔයාට හොදින් තේරුම් යනවා…..

02 , ඔයා ධනාත්මක වෙන්න භාවිතා කරන්නේ එක යාලුවෙක් විතරයි . හැබැයි ඔයාව සෘනාත්මක කරන්න 9 දෙනෙක් ඉන්නවා . අන්න එතකොට ඔයාගේ  ඔලුවට වැඩියෙන්ම එන්නේ සෘනාත්මක ආකර්ෂණයන්…. ඔයා කරන්නෙත් ඒ දේවල් …. අහන්නෙ දකින්නේ  කතා කරන්නේ හැම දේම ඔයා වැඩියෙන්ම දකින දේ….

අන්න එතකොට ඔයාගෙ ධනාත්මක නැඹුරුවට ඔයා එන්න පරක්කු වෙනවා….

මොකද අපි දන්නවනේ  අපි වැඩියෙන්ම ආශ්‍රය කරන අය වගේ තමයි අපිවත් නිර්මාණය වෙන්නෙ කියලා….

අපි වැඩියෙන්ම බලන ෆිල්ම්ස්, අහන සිංදු මේ හැමදේම අපේ හැගීම් වලට එකතු වෙන දේවල් …..

ඉතින් ඔයා දන්නවනේ යටිසිත ට කතා කරන භාශාව තමයි හැගීම් කියලා … ඉතින් ඔයා නිතරම විදින්නේ සෘනාත්මක හැගීම් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ  යටිසිත නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙ ඒ දේවල් ඔයාට ආකර්ෂණය කරන්න ….

ඉතින් හිතේ ස්වාභාවයම කොහොමත් සෘනාත්මකයි….  ඒ හිතේ හැටි මිසක් ලෙඩක් නෙවෙයි …. . හැබැයි අපිට පුලුවන් එයාව ධනාත්මක කෙනෙක් විදියට පුහුණු කරන්න….මොහොතක් භාවනාවකට යොමු වෙලා බලන්න …..

ඇත්තටම ඒකෙන් කරන්නේ ඔයා දකින සහ ඉන්න සෘනාත්මක ලෝකෙන් ඔයාව මොහොතකට ඔයා මවාගන්න ධනාත්මක ලෝකෙකට අරන් යන එක …..

ඒ නිසා ඔයාට තියෙන්නේ ප්‍රශ්නයක් නෙවෙයි   ඔයාට තියෙන්නේ අවශ්‍යතාවයකට මූලාරම්භයක්.

CharityShop අපි හැමවෙලාවෙම ධනාත්මකයි. අපේ කණ්ඩායමත් එහෙමයි. ඔයාලට වැටෙන්න නොදී ඔයාලව බලාගන්න හැම වෙලාවෙම ඔයාලව ධනාත්මක දේවලින් පුරවන ගෲප් එකක් අපි. ඉතිං ඔබේ ජීවිතය වළ පල්ලට ඇද දමන සෘනාත්මකව දේවලින් ඈත් වෙලා අපිත් එක්ක ජීවිතය හදාගන්න අදම ආරම්භයක් ගන්න…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මැයි6 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි7 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments