දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | May 8, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

” මං ලබා උපන් හැටි !”

මේ කතාව තමුන්ටම හෝ අනුන්ට කියලා නැති කෙනෙක් නැති තරම් නේද? අපි අපේ උරුමෙයි, කරුමෙයි ගැන හරියට වද වෙනවා නේද? ඒ ගැන හරියට දුක් වෙනවා නේද?

හොඳට පේන ඇස් දෙකකුයි, හොඳට ඇහෙන කන් දෙකකුයි, වැඩක් පලක් කරගන්න පුලුවන් අතපය හතරකුයි ලැබිලා… හිතන්න පුළුවන් තරමේ බුද්ධිය කුත් ලබා උපන් අපි අපේ දෛවය ගැන උවමනාවට වඩා කල්පනා කරලා ඒ ගැන කලකිරෙනවා නේද? හැබැයි අතපය හතරවත් උපතින් හරියට උරුම කරගෙන ආපු නැති මිනිස්සු, අපිට වඩා තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා නේද? එහෙමනම් ජීවිත කාලය විදිහට අපට ලැබිලා තිබෙන මේ වටිනා ජීවිත කාලය, කාලකන්නියෙක් වගේ නාස්තිකරලා දාන්නේ නැතුව,සාර්ථක අවසානයක් කරා ගෙනියන්න… ජීවිත කතාවකින් පොඩි පාඩමක් ඉගෙනගන්න…

“දෛවය යනු අවස්ථාව පිළිබඳ ගැටළුවක් නොවේ, ඒ තෝරා ගැනීම පිළිබඳ ගැටලුවකි. එය නැවතී බලා සිටිය යුතු දෙයක් නොවේ, එය හඹා ගොස් ලඟාකර ගතයුතු දෙයක් වන්නේය.”

දෛවයට අභියෝග කරමින් හඹාගිය විල්මාගේ ජීවිත ගමන්…

උතුරු ඇමරිකාවේ ටෙනසි වල, ශාන්ත බෙත්ලෙහෙම් හිදී ඇය 1940 ජූනි 23 මෙලොව උපත ලබන්නේ දුක් කන්දරාවක් උපතින්ම උරුම කර ගනිමින්….

ඇය නොමේරූ ළදරුවකු ලෙස මෙලොව උපත ලබන්නේ, නියුමෝනියාව, රතු උණ සහ පෝලියෝ රෝගයෙන් පීඩා විඳිමින්. මේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන්නේ ඇය, ඇයගේ පියා වූ එඩ්,ගේ  විවාහයන් දෙකෙන් උපත ලද දරුවන් විසි දෙදෙනා (22) අතරින් විසිවන දරුවා ලෙස මෙලොව එළිය දැකීමත් සමඟයි. උපතින්ම පෝලියෝ රෝගයෙන් පීඩා විඳි ඇයට, වම් කකුලේ ඇතිවූ ආබාධයන් හේතුවෙන් ඇවිදීමේදී ආධාරක පාදයක් පවා භාවිතා කරන්නට සිදුවුණා.

වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇයට කිසිදු දිනක තම දෙපයින් නැගී සිටීමට මෙන්ම ඇවිදීමටද නොහැකි වන බවයි.

නමුත් වයසෙන් මුහුකුරායත්ම, ඇයගේ මව බ්ලාන්චේ, ඇයට අපූරු දෙයක් ඉගැන්නුවා. ඒ “තමා විශ්වාස කරන ඕනෑම දෙයක් තමාට කළ හැකි බවත්, එය සිදු කිරීමට අවශ්‍ය ශක්තිය තමා තුළ ගැබ්ව ඇති බවත් ය.” ඇයගේ මගපෙන්වීම වූයේ ආධාරක පාදයක් නොමැතිව ඇයට තම දෙපාවල ආධාරයෙන් ඇවිදිය හැකි බවයි.

තම මවගේ මඟ පෙන්වීම යටතේ ඇවිදීමට පුහුණු වූ ඇය, All-Black Bart High School පාසලට ඇතුළත්ව එහි පැසිපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තා. පැසිපන්දු කණ්ඩායම තුළ ක්‍රීඩා කරද්දී පන්දුව කරා ඇයගේ ගමන් කිරීම ඉතාමත්ම වේගවත් වූ අතර, එය අධ්‍යයනය කල ටෙනසි ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ධාවන පුහුණුකරු එඩ් ටෙම්පල් සමඟ ඇය ධාවන පුහුණුවීම් ආරම්භ කිරීමට පටන් ගත්තා. ඇයගේ වේගවත් ධාවන විලාශය නිසාම ඇයව, ස්කීටර් (Skeeter) යන අන්වර්ථ නාමයෙන් පවා හැඳින්වීමට ධාවන කණ්ඩායමේ සියලු දෙනා පටන් ගත්තා.

වයස අවුරුදු 16දී, ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ලාබාලතම සාමාජිකාව ලෙස ඇය  ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී මීටර් 400X4 සහාය දිවීමේ තරඟයට සහභාගි වී, ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

අවසානයේ ඇවිදීමට පවා නොහැකි යැයි වූ වෛද්‍ය මතය පවා බිඳ දමමින් ඇය ඔලිම්පික් පදක්කම් ලාභිනියක් ලෙස, තම උසස් අධ්‍යාපනය සඳහා ටෙනසි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයට ඇතුළුවී සිව් වසරක් තම පුහුණුකරු සමඟ දැඩි කැපවීමෙන් පුහුණු කටයුතු සිදු කලා.

වසර හතරකට පසු එනම් 1960 දී, ඉතාලියේ  රෝම නුවර පැවති ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඇයට තම සිහිනය රනින් සනිටුවහන් කර ගැනීමට හැකිවුණා. මීටර් 100 අවසන් පූර්ව තරගයේදී තත්පර 11.3ක කාලයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටවූ ඇය මීටර් 100 අවසාන මහා තරඟයේදී සුළඟේ ආධාරය නිසාම තමාගේ වාර්තාව නැවත අළුත් කරමින් තත්පර 11.0කින් තරඟය නිමා කොට රන් පදක්කම දිනා ගත්තා.

එමෙන්ම මීටර් 200 ඉසව්වේදී අවසන් පූර්ව තරඟයේදී වාර්තාගත මිනිත්තු 23.2කින් තරඟය නිමා කොට මීටර් 200 අවසන් තරඟය තප්පර 24.0 කින් නිම කරමින් 1960 ඔලිම්පික් උළෙලේදී තම දෙවැනි රන් පදක්කමද තම ගෙල පළඳවා ගත්තා.

ඊළඟට ඇය ඉදිරිපත් වූ මීටර් 400X4 සහාය දිවීමේ තරඟයේදී තප්පර 44.5ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ද ඇමරිකා එක්සත් ජනපදයට දිනා දීමට ඇය තම දායකත්වය සැපයූයේ තම තෙවන රන් පදක්කම දිනා ගනිමින්. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළකදී ජවන හා පිටිය මලල ක්‍රීඩා තරඟ ඉසව් වලින් රන් පදක්කම් තුනක් දිනාගත් පළමු ඇමරිකානු කාන්තාව බවට “විල්මා රුඩොල්ෆ්” පත්වුණා.

ඇයගේ මෙම දක්ෂතාවය නිසාම ඇය 1960 රෝම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව, මෙන්ම ජාත්‍යන්තරයේ සුපිරි ක්‍රීඩා තරුවක් ලෙසද පත්වී ලොවපුරා ප්‍රශංසාවට ලක් වුණා.

අවසානයේ මාධ්‍ය ඇමතූ ඇය කියා සිටියේ, “මා වෛද්‍යවරුන්ගේ මතය උඩුයටිකුරු කළා. ඔවුන් මට ඇවිදීමට නොහැකි යැයි ප්‍රකාශ කළ නිසා, මම ඇවිදීමෙන් නොනැවතී, 1960 ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වුණා.” යනුවෙන්.

1960 ඔලිම්පික් උළෙලෙන් පසුව විල්මා රුඩොල්ෆ් රූපවාහිනී වැඩසටහන් බොහොමයකට සහභාගි වූ අතර 1960 සහ 1961 වර්ෂයන් දෙකේදීම වසරේ මළල ක්‍රීඩිකාවට හිමි ඇමෙරිකානු සම්මානය ද ඇය දිනා ගැනීමට සමත් වුණා.

1977දී විල්මා රුඩොල්ෆ්,ගේ ජීවිත කතාව පොතක් ලෙස එළි දැක්වීමට කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයුරීන් එම්. ස්මිත් කතුවරිය ලෙස කටයුතු කලා. එම වසර අවසානයේ දී ම රූපවාහිනී චිත්‍රපටයක් බවට ද එය පත්වුණා. 1980දී ආධුනික මලල ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා ඇය “විල්මා රුඩොල්ෆ් පදනම” පිහිටුවා ගත්තා.

තම දෙපයින් පවා ඇවිදීමට නොහැකියැයි වෛද්‍යවරුන් පළ කළ මත උඩුයටිකුරු කරමින්, ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ තම නම රන් අකුරින් සනිටුහන් කොට, ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තම දෛවයට අභියෝග කළ විල්මා රුඩොල්ෆ් 1994 නොවැම්බර් 12 වැනි දින තම 54 වැනි වියේදී උතුරු ඇමෙරිකාවේ ටෙනිසි පළාතේ බ්‍රෙන්ට්වුඩ්,හිදී මොළේ පිළිකාවක් නිසා තම ජීවන ගමන නිමා කලා.

ඇයගේ මරණයෙන් හරියටම දස වසරකට පසුව ඇයගේ රුව සහිත මුද්දරයක් නිකුත් කරමින් ඇමරිකානු තැපැල් සේවය මෙම ඔලිම්පික් ශූරියට රාජ්‍ය ගෞරව පුද කළා.

තම ජීවිත කතාවෙන් ඇය අපට ලබාදුන් පණිවුඩය, ඇගේ වචන වලින්ම කිවතොත්,

“ජයග්‍රහණය අනිවාර්යෙන්ම විශිෂ්ටත්වයේ සංකේතයක්. නමුත් ඔබ  සැබැවින්ම ජීවිතයට යමක් ලඟාකර ළඟා කර ගැනීමේ රහස නම් පරාජයට පත්වන ආකාරය ඉගෙනීමයි. කිසිවෙකු සෑම විටම පරාජයට පත් නොවනු ඇත. ඔබේ දෛවය මත දරුණු පරාජයකින් පසුවත් ඔබට ජයග්‍රහණය තෝරා ගැනීමට හැකිනම්, ඔබ කෙදිනක හෝ අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙකු වනු ඇත.”

විල්මා රුඩොල්ෆ් තම අසාමාන්‍ය විශ්වාසය මත තමාට උපතින් උරුම වූ ආබාධිත බව වෙනස් කළා, මෙන්ම ලෝකය පුරා තවත් එවැනි මානසික ශක්තියෙන් පිරිපුන් මිනිසුන් කොයි තරම් නම් සිටිත්ද? නමුත් උපතින් සියලු ශරීරාවයව නිසි අයුරින් පිහිටි ඔබ, ඔබේ ජීවිතය දෛවයට භාර දී කටයුතු කිරීම සිනහවට කාරණාවක් නොවන්නේද?

ඔබට ඔබේ දෛවය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ දෛවය වෙනස් විය යුතු ආකාරය තෝරාගන්න.

1️⃣ තමා තමාව විශ්වාස කරන්න.

2️⃣ කල නොහැක්ක පරදවන්න.

3️⃣ අනාගතයේ තමා සිටිය යුතු තැන, අද තීරණය කරන්න.

CharityShop, පුංචිම පුංචි අදහසකින් පටන් ගත්ත ගෲප් එකක්. අද 15,000ක් එකතුවෙලා ඉන්නවා අපිත් එක්ක. අනික් හැම eMoney ආයතනයකටම ලොකු Staff එකක් ඉන්නවා. අපේ ආයතනයේ මම විතරයි. තව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණ කිහිපදෙනෙක් උදව් කරනවා. ඒත් අපි කරන මෙහෙය. අපි මිනිස්සුන්ට ලබාදෙන දැනුම ලෝකේ කිසිම eMoney ආයතනයකින් ලබාදෙන්නෙ නෑ. මේ හැම දෙයක්ම අපි නොමිළයේ ලබාදෙන්නේ. නුදුරු අනාගතයේදි CharityShop ලංකාවේ ???????? විශිෂ්ටතම eMoney ආයතනය ලෙස පත් කිරීම මගේ සිහිනයයි. එය දැනටමත් එසේමයි. නමුත් තෙවන පාර්ශවයකින් ඒ ඇගයීම ලබාගන්න දවස වැඩි ඈතක නෙවෙයි.

මම මා ගැන විශ්වාස කරනවා. කල නොහැකි හැම දෙයක්ම මම කරනවා. අනාගතය කෙසේ විය යුතුද යන්න මා තීරණය කර අවසන්…

ඔබත් එසේ කරන්න…

ඔබේ ජයග්‍රහණයද වැඩි ඈතක නොවෙයි.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මැයි7  වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි8 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments