දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | May 13, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ විදිය තමයි ඕනෑම දෙයක් පිටතින් බලලා විනිශ්චය කිරීම..ඒ ගැන අර්ථකථන ඉදිරිපත් කිරීම …ඒ අනුව බොහෝ වෙලාවට සිද්ධ  වෙන්නේ විවේචනය කිරීම සහ  හෙළා දැකීම , චෝදනා කිරීම, අපහාස උපහාස කිරිම …

“අර කතාවක් තියෙන්නේ පෙනෙන හැම දේම ඇත්තනම් අපිට ලෝකේ තේරුම් ගන්න විද්‍යවක් අවශ්‍ය නැහැ කියලා”….

අපිට අපේ විදියට ජීවත් වෙන්න ..එහෙම නැත්නම් මට මම වෙන්න විශාල බාධාවක් තමයි මේ අනුන්ගේ කතාවල් වලට අපි දක්වන අනිසි බිය..මට මම වෙන්න අවශ්‍ය නම් මට මගේ විදියට ජීවත් වෙන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රමය අතික්‍රමණය කරන්න ඕන… ඔබට නෙලුම් මලේ කතාව කියන්න ගැන සිතන්න …….

නෙලුම් මලක් කවදාවත් වතුර යට පිපෙන්නේ නැහැ..නෙලුම් මල පිපෙන්නේ වතුරෙන් උඩට මතුවෙලා… නෙලුම් ගසක් වතුරේ හැදී වැඩෙමින් එහි තිබෙන මඩ සහ අනෙකුත් දේවලින් පෝෂණය උනාට පස්සේ  එයින් හට ගන්න නෙලුම් මල වතුරෙන් උඩට මතුවෙලා බොහොම අලංකාර මලක් ලෙස පිපී හාත්පස සුවදවත් කරනවා… අලංකාර කරනවා…ඉතින් කවුරුත් ඒ මලේ සුවද විදිනවා සහ එහි අලංකාරය විදිනවා හැරෙන්න එය හැදී වැඩුණු අපිරිසිදු ජලය මඩ සහිත ඒ ස්ථානය ගැන කතා කරන්නේ නැහැ..ඒ සුවදවත් අලංකාර මල් නිසා එම ස්ථානයට අලංකාරයක් වටිනාකමක් එක් කරනවා පමණයි …

ඔබත් මඩේ පිපී හාත්පස සුවදවත් කරන නෙලුම් මලක් වෙන්න……

නෙලුම් මලක් වගේ වෙන්න නම් ඔබ ඔබම විය යුතුයි ..ඔබේ අණ දෙන්නා ඔබව මෙහෙය වන්නා ඔබම විය යුතුයි ..ඔබේ සිතිවිලි ඔබේ දැක්ම ඔබේ ක්‍රියාවම විය යුතුයි ..එවිටයි ඔබේ සිතිවිලි ඔබේ දෘශ්‍යමාන යථාර්ථයක් බව පත්වෙන්නේ …කෙටියෙන් කියනවනම් ඔබ ඔබේ නිර්මාපකයා විය යුතුයි …..

අපි ඕන තරම් මෙහෙම කතා අහලා තියෙනවා නේද ?

අහවල් ව්‍යාපාරිකයා අපේ ගමේ. අහවල් ප්‍රසිද්ධ වෛද්‍යවරයා අහවල් ප්‍රසිද්ධ ගුරුවරයා අහවල් ප්‍රසිද්ධ ගායකයා නලුවා අපේ ගමේ අපේ පලාතේ කියලා කියන මිනිස්සු …සමහරවිට ඔබත් එහෙම කියලා ඇති..මේ ලියන මම අපේ පලාතේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන හරිම ආඩම්බරයෙන් වෙන අය සමග කියලා තියෙනවා…සමහරු මම දැකලවත් නැති පුද්ගලිකව හදුනන්නේ නැති අය..

ඉතින් ඔබත් නෙලුම් මලක් වගේ ඉහලට එසවුනාම…එහෙම නැත්නම් පවතින තත්ත්වය අතික්‍රමණය කරලා සාර්ථක පුද්ගලයෙක් උනාම..ඇත්තටම ඔබව නොදැකපු අය පවා ඔබ ගැන කියලා ආඩම්බර වෙයි ..ඔබට පුලුවන් බැරි නැහැ අවශ්‍ය වෙන්නේ ධනාත්මකව සීතීම ධනාත්මකව දැකීම, උත්සාහය, කැපවීම පමණමයි…

උඩුගම් බලා යන ධෛර්යවන්ත මිනිස්සුට ගං ඉවුරේ සිට සිනාසෙන්නන් අදාල කර ගන්නම එපා…….

නරඹන්නන් ඔබට  බොහෝ දේ පවසාවි…නමුත් ඔබ කරන දෙය විශ්වාසයෙන් කරන්න….එවිට

නිසැකව ම ඔබ සාර්ථක වනු ඇත……….

CharityShop විශ්වාස කරන ඔබ කවදාවත් පැරදෙන්නේ නැහැ. සමාජය කියන මඩ ගොහොරුවෙන් උඩට එන්න, කැපී පෙනෙන්න,  CharityShop උපදෙස් පිළිපදින්න.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මැයි12 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි13 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments