දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | May 15, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

අපි ධණාත්මක වෙන්න අනුගමනය කරන්න ඕන මූලික පියවරයන් 03 ……

01 තමන් පිළිබදව දිනපතා ස්වයං විවේචනයක යෙදීම….

02 තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා දිනපතා ස්වයං යෝජනා ඉදිරිපත් කර ගැනීම……

03 තමන් තුළ ස්වයං විනයක් ගොඩ නගා ගනිමින් එදිනෙදා කටයුතු සිදු කිරීම……

01 තමා පිළිබද ස්වයං විවේචනයක යෙදීම……

අප විසින් දවස ආරම්භයේ සිට දවස අවසාන වන මොහොත දක්වා අප අතින් සිදුවන වැරදි අඩුපාඩු පිළිබද විමසුමක් කර ගැනීම අනිවාර්යෙන්ම සිදු කර ගත යුතුයි ඒ වැරදි අඩුපාඩු පිළිබදව තමන් විසින් ස්වයං විවේචනයක යෙදීම සාර්ථක වීමට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් අනුගමනය කල යුතු අනිවාර්ය පුරුද්දක්.. අපි මේ සමාජේ ජීවත් වෙන මිනිසුන් සමග ආයතන සමග නිතර ගණුදෙනුවල යෙදෙන අය අපි අතින් අපි දැනුවත්ම හෝ නොදැනුවත්ම වැරදි අඩු පාඩු වෙන්න පුලුවන්.. එහෙම නොවෙන්න බැහැ නේද. අපි පෘථග්ජන මිනිස්සු. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක්.. නමුත් අපි බොහෝ වෙලාවට කරන්නේ අපි අතින් සිද්ද වෙන වැරැදි අඩුපාඩු අනෙක් අය පිට පටවනවා කෙස් පැලෙන තර්ක විතර්ක වාද විවාද කරලා තමුන් නිවැරදි බව පෙන්වීමට උත්සාහ කරනවා….ඒ වැරැද්ද නිවැරදි කරගන්නේ නෑ.  ඒ නිසා අපේ අතින් ඒ වැරැද්ද අඩුපාඩුව හෙට දිනයේ උනත් වෙන්න පුලුවන් කරන්න පුලුවන්.. අන්න ඒ අවස්ථාවන් එම වැරදි අඩුපාඩු හදා ගෙන සාර්ථක නිහතමානී පුද්ගලයෙක් වෙන්න තමයි මේ ස්වයං විවේචනය වැදගත් වෙන්නේ ..බොහොම හොදින් තේරුම් ගන්න අපි මේ ස්වයං විවේචනය කරගන්නේ අපි අපි සමග අපේ හිත සමග.. ඉතින් මේක අපි කතා කර කර හෝ කෙනෙක් සමග කියමින් කරන දෙයක් නෙවෙයි ඒක නිසා ලැජ්ජා වෙන්නත් වෙන දෙයක් හිතන්නවත් දෙයක් නෑ.. මේ දේ සිදු කිරීමෙන් ඔබ ඔබේ වැරදි අඩුපාඩු දුර්වලතා නිවැරදිව හදුනා ගන්නවා වගේම හෙට දිනයේ එම වැරැද්ද නොකර සිටීමටත් වග බලා ගන්නවා….

02 ස්වයං යෝජනා   ..

සාර්ථක පුද්දලයෙක් වෙන්න තවත් අතිශය වැදගත් ⁣පුරුද්දක් තමයි මේ ස්වයං යෝජනා කියන්නේ..තමුන් කරන ව්‍යපාරය එහෙම නැත්නම් රැකියාව සාර්ථකව කරගෙන යෑමට මේ ස්වයං යෝජනා බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.. ඒ විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික ජීවිතය විවාහ ජීවිතය පවුල් ජීවිතය සාර්ථක කරගන්න මේ කරුණු ⁣ඉවහල් වෙනවා.  තමන් කරන රැකියාව හෝ ව්‍යපාරය ගැන තමන් තරම් දන්න වෙන කෙනෙක් නෑ …ඒක නිසා ඒ ගැන අනුන්ගේ උපදෙස්  වලට අනුව වැඩ කරනවට වඩා තමන් විසින් සිත සමග සාකච්ඡා කරලා කරනු ලබන යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතාම සාර්ථක වෙනවා…. මොකද තමන් ගැන තමන්ගේ ධාරිතාවය ගැන නියම තක්සේරුව තියෙන්නේ තමන්ට.. මේතනදී මම අදහස් කරන්නේ නෑ අන් අයගේ උපදෙස් අවවාද පිළිගන්න එපා කියලා…..අනිවාර්යයෙන් ම අන් අයදෙන අවවාද උපදෙස් ගැන ඔබ දෙපාරක් අවදානය යොමු කළ යුතුමයි …

විශේෂයෙන්ම Charityshop සමග වැඩ කරන ඔබට මගේ උපදෙස් ගොඩක් වටීවි..මොකද මම ඔබට උපදෙස් දෙන්නේ අත්දැකීමෙන්…විශ්වාසයෙන් …

03 ස්වයං විනය

යහපත් හොද පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න ඇති කරගන්න ඕන හොද දෙයක් තමයි මේ ස්වයං විනය කියන්නේ.. විනය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්කෝලේ යන කාලේ ඉදලා අහනවා ඉගෙන ගන්නවා නමුත් ඉතින් කීයෙන් කී දෙනාද හරියට විනයානූකූලව කටයුතු කරන්නේ..පොදුවේ අපි  විනයානූකුලව කටයුතු කරන්නේ කාට හරි තියෙන බයකට එහෙම නැත්නම් දඩුවම් ලබන්න තියෙන අකමැත්ත තව ලැජ්ජා වෙන්න අපහසුතාවයට පත් වෙන්න තියෙන අකමැත්ත නිසා.. නමුත් ස්වයං විනයක් ඇති කරගන්න පුද්ගලයා විනය රකින්නේ ඉහත දක්වන ලද කිසි දෙයක් නිසා නොවෙයි හරි දේ හරියට කරන්න උත්සාහ කරන නිසා….තව පැහැදිලිව කියනවනම් ස්වයං විනයක් සහිත පුද්ගලයා තමා කරන කටයුතු ගැන නිසි අවබෝදෙකින් සහ වගකීමකින් කටයුතු කරනවා.. ඔහු විනය රකින්නේ එයින් සමාජයට යහපතක් වෙන නිසා එ් යහපත ඉටු කරන්න.. අවංකත්වයෙන් යුතුවයි.. එයයි සැබෑ විනය.. නැතුව කොන්ඩේ කොටට කපලා රැවුල හරියට කපලා හොදට ඇදලා පැලදලා ඉන්න එක විතරක් නෙවෙයි…..

මම ඔබට යෝජනා කරනවා ඉහත විස්තර කරන ලද කාරණා තුන සම්බන්දයෙන් බොහොම සද්භාවයෙන් හරියට මාසයක් කටයුතු කරලා බලන්න ඔබව අදහා ගන්න බැරි විදියට වෙනස් පුද්ගලයෙක් කරනවා.. මම මේක කියන්නේ අත්දැකීමෙන්.. විශේෂයෙන් මතක තියාගන්න තමන් අතින් වරදක් උණා හෝ කරා නම් අනිවාර්යෙන්ම එම අවස්ථාවෙම ඒ වරද පළමුව පිළිගන්න නිහතමානි වෙන්න… දෙවනුව ඒ වරද සකසගන්න .. ඒ සදහා ඔබ ඔබේ සිත දැඩි කරගන්න….. එහි ප්‍රතිඵල ඔබට අනිවාර්යෙන්ම ලැබෙනවා…

ඔය තුනෙන් CharityShop වලට ගොඩක් වැදගත් වෙන්නේ විනය. ඔබට ඒක නැත්නම් ඔබේ සාමාජිකත්වය අහෝසි වෙනවා.

ඔය කාරණා 3 පිළිබඳව උනන්දු වෙන්න. ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021April14 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021April15 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments