ඔන්න එක දවසක් පාදයක තුවාලයක් තියෙන දැරියක් බොරලු පාරක ඇවිදිමින් සිටියා. ඇගේ යටි පතුලේ ඇති තුවාලය නිසා මහත් වේදනාවකින් තමයි ඇවිද්දේ. ඔහොම යනකොට ඇයට පාර අයිනේ ජීවත් වුණු මිනිසෙක් මුණගැහුණා . ඇය තම තුවාල වූ පාදය ඔහුට පෙන්නුවා . මහලු මිනිසා කැලයට ගොස් ගසකින් පට්ටයක් ගලවාගෙන විත් ඇයට පාවහන් යුගලයක් සාදා දුන්නා . ඇය එය පයලා ගත් පසු තුවාලයේ වේදනාව නැති වෙලා ගියා . දැරිය තමාට පාවහන් යුවල සාදාදුන් මහලු මිනිසාට ස්තුති කරමින් ඔහුගේ ගුණ කියමින් ඉදිරියටම ඇවිද ගියා. පාදයේ තුවාලය ක්‍රමයෙන් සුවපත් වන බව ඇයට දැනුනා.
එසේ යද්දී දැරියට තරුණයෙක් මුණ ගැසුණා . ඔහු ඇගේ දෙපා දෙස බලා ඇය පයලා සිටියේ ගස් පට්ටාවලින් සෑදූ පාවහන් බව දැක සිනාසුනා. ඔහු දැරියට අලුත් හම් පාවහන් යුගලක් තෑගි කළා. ඇය මහළු මිනිසා දුන් ගස් පට්ටා වලින් සෑදූ පාවහන් යුගල විසි කර එම හම් පාවහන් යුගල පැලඳ ගත්තා. ඇයට ඔහුගැන ආඩම්බරයක් ඇති වුණා. මහලු මිනිසාගේ විකාර පාවහන් වලට හිනැහෙමින් ඇය අලුත් පාවහන් පැළඳ සතුටින් ඉදිරියට ඇවිදගෙන ගියා.
එසේ යන විට ඇයට තවත් කෙනෙක් මුණ ගැසුණා. ඔහු ඇයට රිදී පාවහන් යුවලක් පරිත්‍යාග කළා. හම් පාවහන් යුගල ගලවා දැමූ ඇය එම රිදී පාවහන් පැළඳ ඉදිරියට ගියා. එහෙත් ඇයගේ පාදයේ තුවාලයේ වේදනාව වැඩි වෙමින් තිබුණා. ඇය අමාරුවෙන් ඇවිද ගියා.
එසේ යන විට තවත් කෙනෙක් මුණ ගැසී රන් පාවහන් යුගලක් පරිත්‍යාග කළා. ඈ රිදී පාවහන් ගලවා දමා රන් පාවහන් යුගල පැලඳ ගත්තා. ඇය ඔහු ගේ ගුණ වර්ණනා කරමින් ඉදිරියට ඇවිද ගියා . එහෙත් දැරියගේ පාදයේ තුවාලය එන්න එන්නම වේදනා දෙමින් තුවාලයෙන් ලේ ගලන්න පටන් ගත්තා. ඇයට තවදුරටත් ඇවිද ගන්න බැරි වුණා. ඇය වේදනාවෙන් කෑ ගැහුවා. බිම වාඩි වී රන් පාවහන් ගලවා දමා අහස දෙස බලාගෙන කෙඳිරි ගෑවා. එවිට ම අහසේ සිට කවුද ඇයට ඇමතුවා.
“දියණිය නුඹට තව දුර යා නොහැකි වී ඇත්තේ ඔබගේ පාදයේ තුවාලය වැඩි වී ඇති නිසයි. නුඹට මහළු මිනිසා දුන්නේ බෙහෙත් පට්ටා වලින් තැනූ පාවහන් යුගලක්. එය හැඩයකින් යුක්ත නො වුවත් එයින් ඔබගේ පාදය සුව වෙමින් තිබුණා. නුඹ එය විසිකර දමා පැළඳගත් සියල්ලේ තිබුණේ ලස්සන හා මුදල්මය වටිනාකමක් පමණයි. ඒවාවල ඔසු බලයක් තිබුණේ නැහැ ”
“අනේ මට ඒ පාවහන් නැවත ලබා දෙන්න” දැරිය පැවසුවා .
“ඔබ දමා ආ තැනට ආපසු ගොස් එය ගන්නැයි” ඒ හඬ කිව්වා. “මට ආපසු යන්න බෑ මගේ කකුල හොඳටම තුවාල වෙලා. අනේ එය දමා ආ තැන වත් මට මතක නෑ. ඒ මහලු මිනිසාට කියා නැවත පාවහන් දෙකක් හදවා දෙන්න” ඇය ආයාචනා කළා.
“කණගාටුයි ඒ මහලු මිනිසා මිය ගියා” ගුවන දෙසින් ඇසුනා.
මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න ගොඩාක් පාඩම් තියෙනවා. ඔබම තීරණය කරන්න.
අපි CharityShop මේ කතාවට සම්බන්ධ කලොත් මම, ධනේෂ් යනු මහළු මිනිසාය. CharityShop කියන්නේ ගස් පට්ටා වලින් සාදාදුන් ඖෂධීය පාවහන් යුගලයයි. හම්, රිදී සහ රන් පාවහන් යනු අනෙකුත් ඔබව රවටන, විශාල මූල්‍ය වටිනාකම්, හීන පෙන්වන මුදල් උපයන ක්‍රම වේ. බොහොමයක් අය CharityShop සමඟ සම්බන්ධ වෙනවා. අපිව අගයනවා. නමුත් ඉක්මනින් කෝටිපතියෙක් වෙන සිහිනය අපි පෙන්වන්නේ නැහැ. ඉතිං හීන ලෝක මවන වෙන ආයතන මුණගැහුණහම අපිට ගයපු ගුණ අමතක කරලා ඒ ආයතන වෙනුවෙන් ගුණ ගයනවා. ඊට වඩා හීන පෙන්වන එකක් ලැබුණහම කලින් එක අමතක කරනවා. හැබැයි අවසානයේ ඔබ අතරමං වෙනවා. ඔබට නැවත ආපසු අප ලඟට එන්න බෑ. මොකද අපි මූලිකත්වය දෙන්නේ විනයට. අපි දාලා ගියානම් නැවත ඔබට අප ලඟට එන්න බැහැ. මොකද ඔබේ තණ්හාවට, නොහැකියාවට ඔබ අපි ගැන වැරදි මත සමාජ ගතකරන්න උත්සාහ කරලා ඉවරයි.
යමෙක් එසේ අප ගැන වැරදි මත සමාජ ගත කරන්න උත්සාහ කරයිද ඒ පුද්ගලයා මෙම ආයතනයේ කුමන තනතුරක් දැරුවද ඔහුව මේ ආයතනයෙන් නෙරපා දමනවා. මොකද අපි වරදක් නොකිරීම තමයි ඔබ දකින වරද. අපි හරි දේ කිරීම තමයි ඔබ දකින වරද. ඔබට වංචා නොකරන එක තමයි ඔබ අපේ දකින වරද. ඔබ දුක් මහන්සියෙන් හම්බකල මුදල් අපි ආයෝජන ලෙස බාර නොගැනීම තමයි ඔබ අපේ දකින වරද…
නමුත් ඔබ දන්නේ නෑ ඒ හැම දෙයක්ම කරන්නේ ඔබේ යහපතට කියලා…
ඔබට මේ ගෲප් එකේ ඉඳගෙන වෙන ආයතන වල ගුණ කියන්න පුළුවන්. හැබැයි ඔබේ නොහැකියාවට අපේ ආයතනයේ නුගුණ කියනවානම් ඔබට සිදුවෙනවා ඉවත්වෙලා යන්න. සාමාජික ගාස්තුව ගෙවා තිබුණද ඔබට විනය නොමැතිනම් මේ ගෲප් එකේ ඔබට රැඳී සිටිය නොහැක.
ඔබත් එසේ කරන කෙනෙක්නම් ඔබව ප්‍රසිද්ධියේ ඉවත්කරන්නට පෙර ඔබට පුළුවන් ගෞරවාන්විතව ඉවත්ව යන්නට…
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු24 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු25 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)