දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jun 10, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

සතුටින් ජීවත් වෙන්න …

  1. හැකි සෑම විටම පින් දහම් කරන්න……

පින් කරන්න කොහෙන්ද සල්ලි කියලා මගෙන් අහන්න එපා .සල්ලි නැතුව පින් කරන්න පුළුවන් .  පින් කරන්න පංසල් යන්න ඕනමත් නෑ . අපි හැමදාම පුරුද්දක් විදියට තුන් වේල කෑම හදනවා නේද ?  ඔබ මොහොතකටවත් හිතුවද අපි කොයිතරම් ප්‍රමාණයක් කෑම  අපතේ යවනවද කියලා.. කුණු බාල්දිය කෑම වලින් පිරෙනවා..නමුත් පුංචි කුරුළු ලෑල්ලක් හදලා ඒකට ඔය කෑම ටික දාන්න බැරිද අපිට.. කුරුල්ලෝ ලේන්නු  ඇවිත් ඒ කෑම  කනවා බලලා ඒ විදින සතුට  සල්ලි වලට ගන්න බෑ..

හැමදාම නැතත් අපේ ගෙවල් වල වෙනස් කෑම හදනවානේ … ඒවා තනියම නොකා හැම විටම බෙදා ගෙන කන්න .ඒක පුදුමාකාර සතුටක්..අපි දරුවන්ට කොයි තරම් වියදම් කරනවද දරුවෝ ඉල්ලන දේ දෙන්න ..අපි හැම  වෙලේම උත්සහ කරනව ඒ දේවල් අපේ දරුවෝ වෙනුවෙන් දෙන්න…

අන්න ඒ වෙලාවට  ගමේ පංසලේ පොඩි  හාමුදුරුවෝ  මතක් වෙන්නේ නැද්ද ? ගමේ දුප්පත් දරුවෙක් මතක් වෙන්නේ  නැද්ද? තමන්ගේ දරුවන්ගේ සාර්ථකවය ප්‍රාර්ථනා කරලා   ඔවුන් වෙනුවෙන්  පුංචි  පොතක් පෑනක් දුන්නා කියලා  අපි දුප්පත් වෙන්නේ  නෑ .තව වැඩි වැඩියෙන් ලැබෙනවා….. නිදහස් වෙලාවක ගිහින් පංසලේ බෝ මළුව අමදින්න…. හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්…ඒ වගේම ඔබ අත් කර ගන්නේ ආනිසංස ලබන පිනක්….. බස් එකේ යද්දි පෙම්වතුන් හමුවෙනවා නේද ? දෙන්නම හිටගෙන කතා කර කර ගිහින් සීට් එකක් හම්බවුනොත් පිරිමි ළමයා ගෑනු ළමයාට කියනවා වාඩි වෙන්න කියලා…එතන එහා පැත්තේ ඉන්නේ ඔයා නම් අනේ තමන්  නැගිටලා අර පිරිමි ළමයාට ඔයාගේ  තැන දෙන්න…. ඒකත් හිතක් සුවපත් කිරීමේ මහා පිණක්…  අනවබෝධය නිසා බිදිලා යන පවුල් ජීවිත කොයි තරම් තියෙනවද ?  ඔබ දන්න හදුනන යහළු යෙහෙලියන් ඇති ඕන තරම්…. ඒ වගේ වෙලාවක දෙන්නා ව  තවත් කොටවන්නේ  නැතුව අවබෝධ කරල දීලා සමගි කරන්න බලන්න… ඒ වගේම ඔබට හමුවෙන හොද වෛද්‍යවරුන් , ජ්‍යොතිෂවේදීන්,වෙදමහත්වරු  ,නීතිඥ යින් වැනි දැවෙන සිත් වලට සහන සලසන පුද්ගලයන් ගැන නොමිලේ තම සේවය ලබා දෙන මිනිස් සම්පත් ගැන අන් අයවත් දැනුවත් කරන්න .. හැකි සෑම විටම අනිත් අයට උදව් කරන්න….

මේ වගේ පුංචි දේවල් කරන්න අපිට ලොකුවට සල්ලි වියදම් වෙන්නේ  නෑ …තව ටිකක් හිතන්න මේවනි සුළු සුළු පිං රැස් කරලා දෙන දේ කොපමණ මේ විශ්වය තුළ ඇතිද කියලා …කරන්න දේවල් කොච්චර තියෙද්දි ද අපි බලන් හිටියේ කියලා තමන් ම පොඩ්ඩ්ක් හිතලා බලන්න …

පිං කරන්න ඕන ලෝකේ ට පේන්න දහස් ගනන් වියදම් කරලා නෙමෙයි…සෝබනේට පිං කරලා ආනිසංස  බලාපොරොත්තු වෙන්න එපා…..

  1. හැකි සෑම විටම පවුලේ අයත් එක්ක ඇවිදින්න යන්න.

ඕවට කොහෙන්ද සල්ලි කියලා  අහන්න එපා..හැමදේටම සල්ලි ඉස්සරහට දාලා ජීවිතය දිහා බලන්න එපා…. ඔබේ සැමියා , බිරිද දරුවන් සමගින් බහින්න ගෙදරින් එළියට….තුන් හතර දෙන්නා එක්ක මහ පාරදිගේ හරි ටිකක් දුර යන්න … අතරමගදි හමුවෙන පෙට්ටි කඩේකින් හරි වඩයක් කාලා ප්ලේන්ටි ක් බොන්න …. නැත්තන් පොඩි දරුවන් එක්ක අයිස් පැකට් එකක රස බලන්න…. පයින් යන ගමන් වට පිටාව ගැන අවදානය දෙන්න…. ගිමන් නිවා ගන්න පාර අයිනේ ගල් බංකුවක් උඩ හරි වාඩි වෙලා මොහොතක් ඉන්න…. ඔබේ ආදරණීය න් සමග නිදහස් පරිසරයේ පයින්  ඇවිද යන්න ඔබට මහා වියදමක් යන්නේ නෑ….

  1. රහසින් වත් පව් නොකරන්න.

ඔන්න එතනදි කියයි අනේ අපි පව් කරන්නේ  නෑ කියලා.. හදවතට එකගවම හිතන්න අපි කොයිතරම් බොරු කියනවද ? හිස් වචන කියනවද ? අනුන්ට ඊර්ෂ්‍යා කරනවද  ? අනුන්ගේ දුක දැකලා හොද වැඩේ කියලා   හිතනවද ? ඇයි අපිට ඇත්ත කියන්න බැරි..බොරු කියලා ඒ බොරුව වහගන්න උත්සහ කරනවට වඩා දඩුවමක් විදින්න හරි ඇත්තම කියමු.. ඒ වෙලාවට ඒක දුකක් වෙයි… ඒත් පසුකාලීනව එය සතුටු වෙන්න හොද අවස්ථාවක් වෙයි..අනුන්ගේ දියුණුවේදී හදවතින්ම ආශිර්වාද කරන්න එයින්  සතුටක් විදින්න … අනුන්ගේ දුකකදී පිහිට වෙන්න එයා ඔයාට තෑන්ක්ස් කරත් නැතත්  කමක් නෑ තමන් උදව් කරලා  සතුටු වෙන්න…..

4.සුහදත්වය

මෙය බොහෝ දෙනෙක් හිතුවත් අපහසු දෙයක් කියලා හරි පහසුයි .හැමදාම උදේ ට රෑට ගුඩ්මෝනින් ගුඩ් නයිට් කියන්න අපිට වෙලාව නෑ තමයි . නමුත් අපි අනිත් අයට ආමන්ත්‍රණය කරද්දි ඒ අයට ආදරණීය ලෙස කතා කරමු . හිනාවෙද්දි අවංකව සිනාසෙමු . හදවතින්ම අනිත් අයට ආශිර්වාද කරමු. උදව්වක් කලොත් දෙපාරක් නොසිතා ස්තුතියි කියලා කියන්න එහෙම කියද්දි  තරාතිරම බලන්න එපා .අපිට හමුවන ආයතන සේවකයින් සියළු දෙනාට සෙසු සමාජයේ සියළු දෙනාට හිනාවකින් සංග්‍රහ කරන්න …..පුදුමාකාර වටිනා අවස්ථා ඒ ඔස්සේ ඔබට ලැබේවි. ගෙදරට එන අමුත්තන්ට පුළුවන් උපරිමයෙන් සලකන්න.විවේකයක් ලැබුනහම ගමේ දුප්පත්  ගෙදරකට ගොඩවෙලා කතා කරන්න..විවේක වෙලාවට පුංචි දරුවොත් එක්ක ඉන්න .යාළුවොත් එක්ක ඕප දූප කියන වෙලාවේ  එයාලත් එක්ක හොද මතක හිටින වැඩක් කරන්න… සතුට ඔයාව සොයා ගෙන එයි….

  1. මුදල් ජීවිතය කර නොගන්න.

ජීවත් වෙන්න මුදල් අවශ්‍ය බව සැබෑවකි. නමුත් ජීවත් වන්නේ මුදල් උපයන්නට ම  නොවේ…..

එවිට ඔබට විදින්න දුන් ජීවිතය  විදවන්නට සිදු වේ.මුදලටම යට නොවී කෙනෙකුට ඔබේ සේවාව , උදව් , උපකාර අවශ්‍ය විට ලබා දෙන්න …. විදවන ජීවිතය ක ට අස්වැසිල්ලක් ලබා දෙන්න ඔබට  හැකි වේවි….

  1. කාලය කළමණාකරනය කර ගන්න.

හැමෝටම  ඇති ප්‍රබල ම  ගැටළුව අපිට කොහෙන්ද ඕවට වෙලාවක් යන්නයි . වෙලාව අපිට අවැසි පරිදි  හැසිරවීමට මුලින්ම ඉගෙන ගන්න.. කාලසටහනකට අනුව වැඩ කරන්න …පුංචි පුංචි  වැඩ දරුවන්ට බෙදලා  දෙන්න ..තමන්ගේ සියළු වැඩ කටයුතු කර ගැනීමට දරුවන්ට උගන්වන්න. සැමියා උපක්‍රමශීලීව තමාගේ වැඩ වලට හවුල් කරගන්න… දුරකථන ඇමතුම් වලට යොදවන කාලය අඩු කරගන්න. මිලදී ගන්නා සියළු දේට  එක දවසක් වෙන් කරගන්න. කෙටි ක්‍රම සහ විධි භාවිත කරන්න.එක වර වැඩ කිහිපයක් කරන්න…අනවශ්‍ය රූපවාහිනී වැඩ සටහන් නැරඹීම සීමා කරගන්න. සතුටු විය හැකි සියළු අවස්ථා මග නොහැරගන්න..

  1. ඔබ ඔබම වන්න.

අනුකරණයට ගැති වූ විට අපිට අපි විය නොහැක.. අල්ලපු ගෙදරට ගන්නා සියලු දෙය අපට අවශ්‍ය නැත. අපේ ආර්ථික පසුබිම සමාජ පසුබිම හදුනාගෙන ජීවත් වෙමු එවිට ඔබ තුලින් ඔබ හමුවෙයි.

  1. අසාර්ථකත්වයත් ශක්තියක් කර ගන්න…

මේ කතාව කියවා හොදින් අවබෝධ කර ගන්න….

ඉතා දීප්තිමත් පිරිමි ළමයෙක් සිටියා , ඔහු  අධ්‍යාපන කටයුතු වලදි සෑම විටම විද්‍යාවට ලකුණු 100% ක් ලබා ගත්තා .

MBA සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් උණා…පසු කලෙක

ඇමරිකාවේ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා එහි පදිංචි වුණා…

ලස්සන කෙල්ලෙක් එක්ක විවාහ වුණා.

කාමර 5 ක විශාල නිවසක් සහ සුඛෝපභෝගී කාර් මිලදී ගත්තා.

ඔහු සාර්ථක කරවන සෑම දෙයක්ම ඔහු සතුව තිබුණද මීට වසර කිහිපයකට පෙර ඔහු සිය බිරිඳට හා දරුවන්ට වෙඩි තබා සියදිවි නසා ගත්තා..

වැරැද්ද කුමක්ද?

කැලිෆෝනියාවේ සායනික මනෝවිද්‍යා ආයතනය ඔහුගේ නඩුව අධ්‍යයනය කළ විට…

“වැරැද්ද කුමක්ද?”

පර්යේෂකයාට පිරිමි ළමයාගේ මිතුරන් හා පවුලේ අය මුණගැසුණු අතර මෑත ඇමරිකාවේ ආර්ථික අර්බුදය (COVID 19 වසංගතය) හේතුවෙන් ඔහුට රැකියාව අහිමි වූ බව සොයා ගත් අතර ඔහුට මාස කිහිපයක් රැකියාවක් නොමැතිව නිවසට වී සිටීමට  සිදුවිය.

ඔහුගේ කලින් වැටුප් මුදල අඩු කිරීමෙන් පසුවද ඔහුට රැකියාවක් නොලැබුණි.

එවිට ඔහුගේ නිවාස වාරිකය බිඳී ගිය අතර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට නිවස අහිමි විය.

ඔවුන් මාස කිහිපයකින් අඩු මුදල් වලින් දිවි ගලවා ගත් අතර පසුව ඔහු සහ ඔහුගේ බිරිඳ සියදිවි නසා ගැනීමට තීරණය කළහ.

ඔහු මුලින්ම තම බිරිඳට හා දරුවන්ට වෙඩි තබා පසුව වෙඩි තබා ගත්තේය.

පර්යේෂකයන්  නිගමනය කළේ ..

මෙම පුද්ගලයා සාර්ථකත්වය සඳහා හැඩගැසී  ඇති නමුත් ඔහු  අසාර්ථකත්වය හැසිරවීමට පුහුණු වී  නොමැති බවයි…

දැන් අපි ඇත්ත ප්‍රශ්නයට පැමිණෙමු.

ඉතා සාර්ථක පුද්ගලයින්ගේ පුරුදු මොනවාද?

හොඳම සාර්ථක පුරුද්ද වන්නේ….

අසාර්ථකත්වය හැසිරවීම සඳහා පුහුණුව ලබා ගැනීමයි ….

අසාර්ථකත්වය ක්‍රමානුකූලව   හසුරුවා ගන්නා පුද්ගලයින්  තුළ සෑම ගැටළුවකට ම මුහුණ දීමට ශක්තියමත් මනසක් ඇත….

“සාර්ථකත්වය යනු පිළිකුල් සහගත ගුරුවරයෙකි….”

එම ගුරුවරයා  ගුරුමුශ්ටි නොතබාම  අසමත් වීම තුළින්  ඔබට තවත් බොහෝ දේ උගන්වයි……

විදවන ජීවිතය විදීමක් කර ගන්න නම් ඔබේ ජීවිතය ක්‍රමානුකූලව හැසිරවීමට පුහුණු වෙන්න….

සතුටින් ජීවත් වෙන්න …….

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි9 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි10 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

~උපුටාගැනීම් ඇතුලත්ය ~ ඒවායේ අයිතිය කතෲ සතුය~

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments