දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jun 19, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

පොහොසතුන්ගේ රහස ….

පොහොසතෙක් කියන්නේ  කවුද?

මිනිස්සු සාර්ථක වෙන්න බලපාන ප්‍රබලම කරුණ තමයි විවෘත මනසක් තිබීම. විවෘත මනසක් තියෙන මිනිස්සුන්ට අපි කියනවා පොහොසත් මිනිස්සු කියලා . ඔවුන් සාර්ථකයි.

එතකොට දුප්පත් මිනිස්සු කවුද? මනස සංවෘත (වැසුණු) මිනිස්සු දුප්පත්. ඔවුන් අසාර්ථකයි. බොහෝ මිනිස්සු හරි කැමැතියි මනස වසාගන්න. ඒ කියන්නේ  තමන්ගේ  මානසික නිදහස තමන් විසින්ම නැති කරගන්න. ඒ වගේම තමන් විසින් ම  තමන් කායිකවත් මානසිකවත් හිරකරගන්න. ඔවුන්ගේ ආකල්ප දුප්පත්.

පොහොසත් මිනිස්සුන්ගේ අරමුණු සුවිශේෂයි……

දුප්පත් මිනිස්සුන්ට යාන වාහන, ලොකු ලොකු ගෙවල් ජීවිතයේ ලොකුම හීන බවට පත් වෙද්දී පොහොසත් මිනිස්සුන්ගේ හීන බවට පත් වන්නේ සුවිශේෂී වටිනාකමකින් යුත් වැදැගත් අරමුණු.

දුප්පත් මිනිස්සු තමන්ගේ  වාහනය වෙනුවෙන් ඊළඟ මාසයේ ගෙවිය යුතු ණය වාරික මුදල ගැන කල්පනා කරනවා. දැවැන්ත නිවාස සඳහා ලබා ගත් ණය පියවීමට දිවා රෑ වෙහෙසෙනවා. නිවාස නඩත්තු කිරීමට කාලය යොදවනවා. පොහොසත් මිනිස්සු නිදහසේ වාඩිවෙලා තමන්ගේ සුවිශේෂී අරමුණු ගැන කල්පනා කරනවා. මනසින් පරිකල්පනය කරනවා. සැලැසුම් කරනවා. තමන්ගේ වටිනා කාලය ඒ දේවල් වෙනුවෙන් යොදවනවා.

ලෝකය තුළ වෙනස්ම විදියේ නිර්මාණ බිහි වූයේ එවැනි සුවිශේෂී අරමුණු ඇති පොහොසත් මිනිස්සු නිසා….

දුප්පත් මිනිස්සු අනුන්ගෙන් මුදල් ඉල්ලද්දී පොහොසත් මිනිස්සු අනුන්ට මුදල් දෙනවා. උදව් උපකාර කරනවා. උදාහරණයක් ලෙස බිල් ගේටස් ගනිමු. ඔහු තම ධනයෙන් කොටසක් පරිත්‍යාග ලෙස අනුන්ගේ යහපත උදෙසා යොදවනවා.

දුප්පත් මිනිස්සු ණය තුළින් සැප සම්පත් සොයද්දී පොහොසත් මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් හා හැකියාවන් වලින් ලබන ප්‍රතිලාභ තුළින් සැප සම්පත් අත්විඳිනවා.

දුප්පත් මිනිස්සු තවත් දුප්පත් මිනිස්සු ජීවිතයට මිතුරන් ලෙස එකතු කරගනිද්දී පොහොසත් මිනිස්සු සාර්ථක අදහස් ඇති වැදැගත් පුද්ගලයින් පමණක් ඇසුරු කරනවා.

දුප්පත් මිනිස්සු අසීමිතව වියදම් කරද්දී පොහොසත් මිනිස්සු ආයෝජනය කරනවා.

දුප්පත් මිනිස්සු අසාධාරණයන් ගැන කතා කරද්දී පොහොසත් මිනිස්සු අවස්ථා ගැන කතා කරනවා.

දුප්පත් මිනිස්සු ජීවිතය අවුල් වියවුල් වලින් සංකීර්ණ කරගන්නවා. වටිනාකමින් අඩු බොළඳ අරමුණු එක්ක බැඳෙනවා. අනවශ්‍ය දේවල් එකතු කරනවා. පොහොසත් මිනිස්සු සරළව දිවි ගෙවනවා. නමුත් සංකීර්ණ දේවල් සිතනවා. නිර්මාණය කරනවා. ගොඩනඟනවා.

දුප්පත් මිනිස්සු තම දුර්වලතා ගැන ලතැවෙමින් ඉන්නවා. පොහොසත් මිනිස්සු තම දුර්වලතාවයන්ම තම වාසනාව බවට පත් කරගන්නවා. උදා: මිස්ට’ර් බීන්…

ජාතියම අගාධයට ඇද දැමූ ලංකාවේ ධනාත්මක චින්තනය….

බොහෝ දෙනාගේ Vishion boad වල ඉහළින්ම තිබෙන්නේ කාර් එකක්. එහෙමත් නැතිනම් විශාල නිවෙසක්. දිරා යන යකඩ ගොඩක් හෝ විශාල වශයෙන් නඩත්තු කළ යුතු මහා දැවැන්ත නිවාසයක් ජීවිතයේ ප්‍රබලම හීනය බවට පත් කරගන්න තරම් අපි හීන දීන ජාතියක් වූ හැටි. ගෙවාගන්න බැරි ණය කන්දකට හිරවෙලා මානසික නිදහසකුත් කායික නිදහසකුත් නොමැතිව ජීවත් වන මිනිසුන්ට කුමන පොහොසත් කමක්ද? මිනිස්සු දුප්පතුන් ලෙස ඉපැදී දුප්පතුන් ලෙසම මිය යාමට තරම් අපි අවාසනාවන්ත ඇයි?

ප්‍රබල රටවල සමාගම් කොතරම් ශක්තිමත්ද  යන්න අවබෝධ කරගත හැකි හොඳම උදාහරණය; කිසිම අවශ්‍යතාවයකින් තොරව සුඛෝපභෝගී වාහන හා විශාල නිවෙස් ජීවිතයේ ප්‍රධාන හීන ලෙස ඇට, ලේ, මස් වලටම කාවද්දා තිබීම. අපි දුප්පත් වී බලවත් රටවල් වල සමාගම් හිමිකරුවන්ගේ හීන සැබෑ කිරීමට හැල්මේ දුවන දිවිල්ලක් ධනාත්මක චින්තනය ලෙස ශ්‍රී ලංකාව තුළ කතා කරනවා. එය මහා අවාසනාවක්.

මඳ දුරක් පයින් ගමන් කිරීමට, කුඩා වාහනයකින් තම ගමන් බිමන් සපුරා ගැනීමට, පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කිරීමට, කුඩා නිවෙසකින් සෑහීමකට පත් වීමට නොහැකි වීම පසුපස තිබෙන්නේ ධනාත්මක චින්තනය ද අතෘප්තිමත් තරඟයක්ද කියා බුද්ධිමත්ව අප තේරුම් ගත යුතුයි.

සාර්ථක මිනිස්සුන්ගේ චින්තනය ඊට වඩා හාත්පසින්ම වෙනස්.

ලෝකයේ අති සාර්ථක මිනිස්සු බොහෝමයක් දෙනා සරළ හා පහසු ජීවිත ගෙවූවන්. එයට හේතුව කුමක්ද? කෙනෙකුගේ පරිකල්පන ශක්තිය දියුණු වන්නේ සරළ හා පහසු ජීවිතය තුළ. සාමාන්‍ය මිනිස්සු සිතන රටාව ඉක්මවා ගිය ප්‍රබල චින්තන රටාවක් හිමි ඔවුන් සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළ ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ හීන වෙනස්. බලාපොරොත්තු වෙනස්. සිතන ආකාරය වෙනස්. කතා කරන දේවල් වෙනස්. ක්‍රියා කරන ආකාරය වෙනස්.

ඔවුන්ට තියෙන්නේ විවෘත මනසක්. ඔවුන්ටත් සුපිරි වාහන තියෙනවා. විශාල නිවාස තියෙනවා. නමුත් ඒ සියල්ල ඔවුන්ගේ හැකියාවන් හා නිර්මාණශීලීත්වයට පසුකාලීනව ලැබුණු දායාද. ඔවුන් වාහන වලට, නිවාස වලට ජීවිත ණය ගෙවන්නේ නැහැ. ඒවා ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධානම හීන බවට පත් වෙන්නෙත් නැහැ. ඒවා ඔවුන්ට ජීවත් වීමට, කටයුතු පහසු කර ගැනීමට අවශ්‍ය වන Tools ටිකක් පමණම යි. #Stive Jobs, ඔහු ජීවත් වුණේ කුඩා නිවෙසක. ඔහුගේ කාමරයේ තිබුණේ ඉතාම සීමිත භාණ්ඩ ප්‍රමාණයක්. නමුත් ඔහු ලෝක ප්‍රකට ඇපල් සමාගමේ නිර්මාතෘ.

පොහොසත් මිනිස්සු සරළයි.

ඒ සරළ බව, ඒ නිදහස තුළ ඔවුන් ලෝකය උදෙසා දායාද කරන දෑ බොහෝමයි.

පොහොසත් මිනිස්සු අනුගමනය කරමු. “Open Mind” එකක් හදාගනිමු.

ඒ තුළ නියම සාර්ථකත්වය අත් විඳිය හැකියි. නියම පොහොසත් බව අත් විඳිය හැකියි.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි18 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි19 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments