ඕනෑම දේකට ඇති දැඩි අවශ්‍යතාවය සාර්ථකත්වයේ ආරම්භය වේ.
එක්තරා තරුණයෙක් තමන් කරන කාර්යය සාර්ථකත්වයට පත්වන්නේ කෙසේදැයි සිතමින් සිටියා.
ඔහු මේ ගැන දැන උගත් පුද්ගලයෙකුගෙන් අසා දැන ගත් යුතු යැයි කල්පනා කලා. එසේ සිතා ඔහු අසල ගමක සිටින බුද්ධිමතෙක් හමුවීමට ගොස් ඔහුගෙන් මේ ගැන විමසා සිටියා.
“දරුවා එය කියා දීම පහසු කටයුත්තක් නොවේ. ඔබට එය දැනගැනීමට අවශ්‍යම නම් කරුණාකර හෙට උදේ හිරු නැගීමට පෙර අසවල් ගඟඅසලට පැමිණෙන්නැයි” ඔහු පැවසුවා.
උදේ රැයින්ම තරුණයා ගඟ අසලට පැමිණියා. බුද්ධිමතා ද ගඟ අසලට පැමිණ සිටියා. ඔහු තරුණයා කැටුව ගඟේ පපුව ප්‍රදේශයට පමණ වතුර එන තෙක් ගැඹුරට ඇවිදගෙන ගියා. හුස්මක් ගෙන දිය යට කිමිදෙන ලෙස ඔහු තරුණයාට පැවසුවා. තරුණයා එසේ කලා. එවිට ඔහු තරුණයාගේ හිස තදින් අල්ලාගෙන නැවත එලියට ඒමට අපහසු වන සේ තබා ගත්තා. හුස්ම ගැනීමට අපහසුව තරුණයා දැඩි ලෙස දැඟලුවා. පසුව ඔහු කෙසේ හෝ හිස වතුරෙන් එළියට ගෙන කෑ ගැසුවා.
“ඔබ කුමක්ද ඒ කලේ? මාව මරන්න හැදුවෙ ඇයි?” තරුණයා ප්‍රශ්න කලා.
“ඔබ ජලය තුල සිටින විට ඔබට අත්‍යවශ්‍ය උනේ මොනවද?
ඔබ මොනව වෙනුවෙන්ද දැඟලුවෙ?” බුද්දිමතා ඇහුවා.
“හුස්ම” තරුණයා පැවසුවා.
“ඒක තමයි සාර්තකත්වයේ රහස. ඔබට යමක සාර්ථකත්වය අවශ්‍ය නම් ඔබ හුස්ම ගැනීමට දැගලුවා සේම ඒ දේ වෙනුවෙන් මහන්සි වෙන්න. වෙන ක්‍රමයක් නෑ”.
අන්න ඒ වගේ Charityshop කියන්නේ Freelancing Platform එකක්. ඒ නිසා ඔබ එයින් මුදල් ඉපයීමට මහන්සි වෙන්න ඕන. නිකන් හිටියට මුදල් ලැබෙන්නේ නැහැ…
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු19 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු20 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)