දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

by | Jun 18, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

වයස අවුරුදු 92ක් පමණ වන මහලු මිනිසෙක් අද මහලු නිවාසයකට ඇතුල් වුණා. ඉතා ප්‍රසන්න අයෙක් වූ ඔහු තමන් ගේ පෙනුම ගැන ගොඩක් සැලකිලිමත් වුණ අයුරක් පෙණුනා.

වයස අවුරුදු 70ක් පමණ වූ ඔහුගේ බිරිද ටික කලකට පෙර මියගොස් ඇති අතර එයින් පසු මෙපමණ  කලක් ඔහු තනිවම ඔහුගේ නිවසේ වාසය කර තිබෙනවා.

පැය කීපයක් මහලු නිවාසයේ ආලින්දයේ රැදී සිටි ඔහුට අවසානයේ ඔහුගේ කාමරය සූදානම් බව පැවසුවා. එවිට සතුටින් සිනාමුසුව  ඔහු හැරමිටියේ ආධාරයෙන් සෙමින් සෙමින් විදුලි සෝපානය දෙසට පැමිණියා.

කාමරයට පැමිණීමට පෙරම මම ඔහුට ඔහුගේ කාමරය විස්තර කලා. කාමරයේ ජනේල් වලට දමා ඇති තිර වල සිට සියලුම ලොකු කුඩා දේ විස්තර කර අවසානයේ ඔහු සතුටින් සිනාසුණා..

“මම එයට ගොඩාක් කැමතියි !” සුරතල් බලු පැටවෙකු දුටු විට සතුටු වන අවුරුදු 8ක දරුවෙකු මෙන් මහත් උද්‍යෝගයෙන් ඔහු පැවසුවා.

“මහත්මයා, ඔබ තවම ඔබගේ කාමරය දුටුවේත් නෑනේ… මදක් ඉවසන්න, තව ටිකකින් අපි ඔබේ කාමරයේ.” මම ඔහුට කීවා. “මම මගේ කාමරයට කැමති වීමට එය සියැසින් දැකීම අවශ්‍ය නෑ දරුවා…” ඔහු පිලිතුරු දුන්නා.

“සතුට කියන දේ මම කලින්ම තෝර ගන්නවා, කාමරයට මම කැමතිද, නැද්ද ? කියන දේ කාමරයේ තියන ගෟහ භාණ්ඩ මතවත් කාමරයේ ඇති සුන්දර දේවල් මතවත් රඳා පවතින්නේ නෑ… එය රඳා පවතින්නේ, මම එම කාමරය දැකීමට බලාපොරොත්තු වන ආකාරය මතයි.”

“මම මගේ කාමරයට ඉතා කැමති බවට මේ වන විට තීරණය කර අවසානයි, සෑම දිනයකම උදෑසන අවදි වන විට මම එම තීරණය ගන්නවා.”

“අවශ්‍ය නම් මට උදෑසන නින්දෙන් අවදි වුණු  මොහොතේ පටන් යහන මතට වී, මගේ දුර්වල ශරීරයේ රිදුම් දෙන ස්ථාන ගණන් කරමින් ඒ ගැන දුක් වෙමින් ඉන්න පුලුවන්, එහෙමත් නැත්නම් වයස 92ක් වූ පසුවත් මගේ ශරීරයේ හොදින් ක්‍රියා කරන ස්ථාන ගැන සිතමින් සතුටු වෙන්න පුලුවන්…”

“ජීවිතයේ සෑම දිනයක්ම ත්‍යාගයක්… මට මගේ ඇස් දෙක විවෘත කරන්න පුලුවන්. ඒ සෑම දිනකම මම මගේ නව දවස පිලිබදව අවධානය යොමු කරනවා, ජීවිත කාලය පුරා මා ලබා ඇති සුන්දර මතකයන් සිහිපත් කරනවා…”

ජීවිතයේ සතුට සදහා පහත කරුණු සිතට ගන්න.

  1. ඔබේ හදවතින් වෛරය ඈත් කරන්න.
  2. ඔබේ සිතෙන් ශෝකය ඉවත් කරන්න.
  3. ජීවිතය සරල කර ගන්න.
  4. වැඩියෙන් දෙන්න.
  5. අඩුවෙන් බලාපොරොත්තු වන්න.

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි17 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි18 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

ඡායාරූපය : ප්‍රවර්ධනය සඳහා භාවිතා කර ඇත. සමාජසත්කාර පදනම සතු ඡායාරූපයකි. ඩවුන්ලෝඩ් කර භාවිතා කිරීම සපුරා තහනම්.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments