දිනක් කළුකුමෙක් හරකෙක් සමග කතා කරමින් සිටියා.
“මම කැමතියි අර ගහ මුදුනටම යන්න. ඒත් මට එච්චර ශක්තිය නෑනේ ” කළුකුමා පැවසුවා.
“ඇයි ඔයා මගේ මලපහ ආහාරයට ගන්නෙ නැත්තෙ . ඒවායේ ගොඩක් පෝෂක කොටස් තියෙනවා ” හරකා පැවසුවා.
කළුකුමත් ඒ යෝජනාවට එකඟ වෙලා හරකාගේ මලපහ ආහාරයට ගත්තා. ඒවායෙන් ඇත්තටම ශක්තිය ලැබුණු කළුකුමා පලවෙනි දවස අවසානයේ ගසේ යටම අත්තට නැග ගත්තා . ඊළඟ දවස ඊළඟ අත්තට නැග ගත්තා. මේ විදියට දින කීපයක් යන කොට කළුකුමා ගසේ මුදුනටම නැග්ගා. ගසේ මුදුනටම නැග කලුකුමා ආඩම්බරයෙන් වටපිට බලමින් ඉන්න අතරේ දඩයක්කාරයෙක්ගේ ඇස ගැටුනා. ඊළඟ මොහොතේ දඩයක්කාරයා කළුකුමාට වෙඩි තියලා මරලා දැම්මා.
මෙයින් ඉගෙන ගත හැක්කේ පහත් වැඩ, පන්දම්, කැපිලි කෙටිලි ඔබව ඉහලට ගෙන යනු ඇත. නමුත් ඔබට එහි රැඳීමට නොහැක .
ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු29 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.
අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
Charityshop Team
#2021මාර්තු30 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)