සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

by | Apr 1, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

සුභ උදෑසනක්, සාර්ථක දවසක් !

දවසේ සිතුවිල්ල :

Believe in yourself. You are braver than you think, more talented than you know, and capable of more than you imagine.

ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි, ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි, ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා….

ගොඩක් අය තවත් කෙනෙක්ට යම් දෙයක වැදගත් කමක් පෙන්වන්න ලෝකයේ ඉන්න අතිශය දියුණු වුණ පුද්ගලයිනේ නම්, ඡායාරූප භාවිතා කරනවා… ඔවුන් කරපු කියපු දේවල් උපුටා දක්වනවා. ඔබටත් මේ වගේ වෙන්න පුලුවන් කියලා…. ඔය වගේ කියලා දුන්න එකම වැඩසටහනකින්වත් ඒ වගේ අය බිහිවුණාද කියලා ඔබේ බුද්ධියෙන් විමසා බලන්න… ඔබ රැවටුනා, නැත්නම් අනාත වුණා…

ඔබට බිල් ගේට්ස්, බැරක් ඔබාමා, ජැක් මා, මාක් සකර්බර්ග්, ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ වෙන්න බැහැ. යමෙක් ඔබට ඔවුන් කල කියූ දෙයක් පෙන්වනවනම් ඒ ලොකු බොරුවක්. බොරු උද්‍යෝගයක් ඔබ තුල මවලා ඔබව වලට  ඇදලා දාන්නයි ඔවුන් උත්සාහ කරන්නේ… හැබැයි ඒ වගේ අදහස් පතුරවන ඒ ආයතන වල මහ මොළ කාරයින්ගෙන් 1%ක් විතරනම් අර ඡායාරූප වල පෙන්වන අය වගේ 0.00000000000000001%ක් විතර සාර්ථක වෙලා ඇති. ඒ ඔබ නිසා, එක්කෝ ඔබ තවත් මිනිස්සු 100 ගාණනක ජීවිත විනාශ කල නිසා වෙන්න පුලුවන්.

හැබැයි ඔබ කවදාවත් ඒ තත්වයට එන්නේ නෑ…. මෙසේ කීවේ ඔබව අධෛර්යමත් කරන්න නෙමේ. ඇයි ඔබ වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ….

ඔබ ඔබම වෙන්න…

හොඳම උදාහරණය ලංකාවේ ගමක ඉපදුන, තවමත් ගමක අප්‍රසිද්ධව ඉන්න මං ගැන කියන්නම්….

මගේ ජීවිත කතාව නිසා මෙය තරමක් දීර්ඝ වේවි… නමුත් ජීවිතයට යමක් ඕනනම් ඔබට ලංවෙන්න පුලුවන් කෙනෙක්ගේ ජීවිත කතාවක් ආදර්ශයට ගන්න උත්සාහ කරන්න…

මම ධනේෂ් එදිරිසූරිය. තුල්හිරිය කියන ගමේ ඉපදුනේ 1986 වසරේ… එදා ඉඳන් අද වෙනකම් මට හරි හමන් යාලුවෙක් නෑ… මට වෙන අය ගැන හොයන්න වෙලාවක් තිබ්බේ නැහැ. මං ජීවත් වුනේ මගේම ලෝකෙක මගේ හීන හැබෑ කරගනිමින්…

???? නව නිර්මාණ වලට ගත කල ජීවිතය (1995-2012)

පුංචි කාලේ ඉඳන්ම නව නිර්මාණ වලට කාලය වෙන් කලා. 1995-2012 කාලය මම වැඩියෙන්ම  ගත කලේ නව නිර්මාණ වෙනුවෙන්… නොකලහැකියි කියන දේවල් නිර්මාණය කරමින්…

???? මාගේ කාමරයේ දොර විවෘත කිරීමට මා විසින් නිර්මාණය කල අතේ බඳින පටියක් (WristBand with a Proximity Sensor) භාවිතා කල බව.

???? මා අනෙක් අය සමඟ සන්නිවේදන කිරීමට මාගේ අතේ බඳින ඔරලෝසුව (Talking Watch) භාවිතා කල බව.

????️ මාගේ කාමරයේ බල්බ සහ සමහර ඉලෙක්ට්‍රොනික උපාංග මාගේ කටහඬට (Voice Control Appliances) ක්‍රියාත්මක වූ බව.

???? කාමරයේ සමහර උපාංග අත්පුඩියක් මගින් (Clap Control Appliances) පාලන වූ බව.

???? උදෑසන සියලුම විදුලි පහන් ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වූ බව සහ රාත්‍රියේ ස්වයංක්‍රීයව දැල්වුණ බව (Automatic Light Control System – Light Sensitive Systems)

???? ජංගම දුරකතනයට ඇමතුමක් ලැබීමට ප්‍රථම (Pre-Call Informing System) එය දැනුම් දීමට පද්ධතියක් නිර්මාණය කර තිබූ බව.

???? කාමරයට යමෙක් ප්‍රවේශ වන විට/ආසන්න වන විට දැනුම් දීමේ පද්ධතියක් (Motion Sensor control Appliances & Alert system) නිර්මාණය කර තිබූ බව.

???? කාමර අතර සන්නිවේදනය කිරීමට ක්‍රමයක් (Intercom) නිර්මාණය කර තිබූ බව.

???? මාගේ බයිසිකලයට ස්වයංක්‍රීයව මාගේ විධානයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකි බව සහ මා පසුපස පැමිණිය හැකි බව.

???? කාමරයේ සමහර තාක්ෂණික උපාංග පාලනය හස්ථ සංඥාවෙන් (Gesture Control) සිදුකල බව.

ඔබ දන්නවාද තවත් බොහෝ දේ මා විසින් සිදුකල බව සහ ඊට වසර 2-3කට පසු මාගේ පරිගණකය මාගේ කටහඬින් දෙන විධානයන්ට අනුකූලව කටයුතු කිරීමට නිර්මාණය කල බව සහ ඉන්පසු සිය ගණනක් නව නිර්මාණ දිනපතා මා විසින් 2012 වසර අවසාන වන තෙක් නිර්මාණය කල බව සහ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මාගේ ඒ ජීවිතය, විනෝදාංශය අමතක කර සම්පූර්ණ සමාජසත්කාර වෙනුවෙන් ජීවිතය කැප කිරීම ආරම්භ කල බව…. 2012 දී මාගේ මිතුරෙක් මාගේ මේ දේවල් දැකලා මං ගැන පුවත්පතකට ලියූ ලිපියක් නිසා මගේ ජිවීතයේ ලොකු පෙරළියක් සිදු වුණා…

♿ මිනිසුන්ට උදව් කරමින් ගත කල කාලය (2005 – වර්ථමානය දක්වා)

මට හැමවෙලාවෙම ඕන කලේ නිදහස් ජීවිතයක්. උසස් පෙළ අවසන් කල ගමන් මම ගමේ තිබ්බ නැණසල මධ්‍යස්ථානයේ කළමණාකරු ලෙස සම්බන්ධ වුණා. ඒ වන විට ගැණු ළමයි දෙන්නෙක්ට ආදරය කරලා ඒ සම්බන්ධ නතර වෙලා තිබ්බේ.

මං නැණසලෙහි පරිගණක ගුරුවරයෙක් ලෙස කටයුතු කරන විට එක ගෑණු ළමයෙක් මගෙන් ආදරය ඉල්ලා සිටියා… අපේ ගෙදර අයගෙන් අහලා එයා දුන්නා ලියුම ගෙදර අයට පෙන්වලා දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා… එයාගේ නම සමරදිවාකර කරුණානායක චන්ද්‍රසේකර වාසල කුමාරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ DYC.

අපි දෙන්නගේ ආදරය මහ පුදුමාකාරයි. ආදරය ගැන වචනයක් කවදාවත් කතා කරලා නැහැ. දෙන්න එකතුවෙලා අපේ තාත්තගේ උදව්වෙන්, මගපෙන්වීමෙන් ගමේ අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් කරන්න පටන් ගත්තා… ආදර කතාවේ රසවත් දේවල් ගොඩක් තියේ. ඒවා වෙන දවසක කතා කරමු. 2009 ඒ සම්බන්ධය නතර වුණා මම සහ ඇය රැකියාවකට යාමත් සමඟ… මගේ ජීවිතයට ලැබුණ වටිනාම වස්තුවක් වුනේ ඇය. රට වෙනුවෙන් ගොඩක් දේවල් ඇයත් එක්ක සිදුකලා. ඇය වෙන්වුනත් වෙන්වීමෙන් පසුවත් ඇය මට උදව් කලා. දැන්නම් ඇය විවාහ වෙලා. හරි සතුටුයි ඇය ගැන….

2009 මගේ තාත්තා නැතිවුණා. එයා වෙනුවෙන් මට රුපියලක්වත් උපයලා දෙන්න බැරිවුණා. එය මගේ ජිවිතයට ලොකු බලපෑමක් කලා. මුදල් වලට තිබ්බ ආසාව මට නැතුව ගියා. ඒ වෙනකොට මම මගේ TechLabs ආයතනය Nano නමින් ආරම්භ කරලා තිබ්බේ. මගේ හැකියාවන් මත මම ලක්ෂ ගාණක් හෙව්වා. ඔබ දන්නවාද ඒ කාලයේ මාත් එක්ක Client කෙනෙක් කාලය ගත කරන්න මගෙන් වෙලාව වෙන් කරගන්න එක් දිනක් වෙනුවෙන් රු.5,000ක් ගෙවපු අවස්ථාත් තිබුණා. ලැබෙන මුදල් වලින් මං සතුටක් ලැබුවේ නැහැ. ඒ තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න බැරිවුණ නිසා.

ඉතිං මං ඒ මුදල් නැතිබැරි මිනිස්සුන්ට බෙදන්න පටන් ගත්තා… ඒ වෙනුවෙන් මං පදනමක් ආරම්භ කලා. බී. එච්. එදිරිසූරිය ප්‍රජාසත්කාර පදනම නමින්… නමුත් ටික කාලයක් යනකොට හිතට අදහසක් ආවා. ඒ හැමෝම ෆේස්බුක් වැරදි විදිහට භාවිතා කරන නිසා මට අවශ්‍ය වුණා ෆේස්බුක් හරි විදිහට භාවිතා කරලා මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න. අනික මං තනියෙන් කරනවට වඩා එකතු වුනොත් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් කියන හැඟීම මට ආවා.

පදනම ෆේස්බුක් හරහා ආරම්භ කරලා වසරක් යාමට ප්‍රථමයෙන් මට 2013 SUNFO ආයතනය හරහා “සමාජ සේවා” සම්මානය ලැබුණා.

2014දී “ෆේස්බුක්/සමාජ මාධ්‍යජාල භාවිතා කර රටේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් Etisalat ආයතනයෙන් Social Good Award” එක හිමිවුණා.

ඉන්පසු මම මගේ ආයතනය 2015දී SamajaSathkara.lk පදනම නමින් රජයේ ලියාපදිංචි කලා.

2015දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වසරේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා (VAwards – Youth Volunteer of the Year 2015) සම්මානය හිමිවුණා…

ඉන්පසු 2016දී මාව TOYP වසරේ විශිෂ්ටතම තරුණයා සම්මානයේ අවසන් වටයට තේරී පත්වුණා. නමුත් මට වාසනාවක් තිබ්බේ නැහැ විශිෂ්ටතම තරුණයා වෙන්න. උත්සාහය අතහැරියේ නැහැ මම. 2017 වසරේදීත් මම එයට ඉල්ලුම් කලා. 2016 වසරට වඩා සිය ගුණයක් අසරණ මිනිස්සුන්ට 2017 වසරේදි උදව් කලා. අවසානයේදී මම සමාජ සේවා ක්ෂේත්‍රයෙන් “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයා” බවට 2017 වසරේදී JCI ආයතනය මගින් පවත්වනු ලබන TOYP වැඩසටහෙන් තේරී පත්වුණා.

එය මට හිමි වුනේ මගේ නොපසුබට උත්සාහය, කැපවීම සහ මාගේ ෆේස්බුක් මිතුරන්ගේ උදව් උපකාර නිසා…

මට අවශ්‍ය වුණා මගේ ආයතනයට ලංකාවේ හොඳම වෙබ් අඩවිය සම්මානය ගන්න. ලොකු කමට කියනවා නෙමෙයි ඒත් මම දක්ෂ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්. මාගේ නිර්මාණ රටේ හොඳම නිර්මාණ ලෙස තේරී පත් වුවත් මගේම දෙයක්  නිර්මාණය කරගන්න මට බැරිවුණා. ඒ මගේම දෙයක් නිසා මගේ අවශ්‍යතාවය වැඩි නිසා. ඉතිං මං ඒ ගැන හිත හිතා ඉන්නකොට මට එක්තරා ගෑණු ළමයෙක් මුණ ගැසුණා. ඇය කීවා ඇගේ ජීවිතෙත් සමාජසත්කාර කියලා. වෙබ් අඩවිය හදන්න උදව් වෙන්න පුලුවන් කියලා. ඇයත් එක්ක සම්බන්ධය වසර 2ක් පැවතුණා. මුණගැහුණු පළමු සතියේ නිර්මාණය කල වෙබ් අඩවියම වසර 2ක් පැවතුනා. විශිෂ්ටතම තියා කිසි වෙනසක් එහි සිදුවුණේ නැහැ. ආයතනය දවසින් දවස ආගාධයට වැටුණා. ඒත් මම උත්සාහය අත හැරියේ නැහැ. පසුව වෙනත් අයගේ උදව් නැතුව මම මගේ අදහසට වෙබ් අඩවිය නිර්මාණය කලා.

2015/16 වසරේ SLT 01Awards තරඟයේ අවසන් ආයතන 3 අතරට සම්පත් බැංකුව වැනි විශාල ආයතනයක්ද පරාජය කරමින් මා තේරුණත් ජයග්‍රහණය කලේ අද වෙනකන් අභිරහසක්ව පවතින ෆේස්බුක් පේජ්, වෙබ් අඩවියක් නැති කවුරුත් නොදන්න ආයතනයක්. හැබැයි මං උත්සාහය අත හැරියේ නැහැ….

2017/2018 වසරේ මා නැවතත් එයට ඉල්ලුම් කලා. මා “වසරේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය” 2 වන ස්ථානය ලබාගන්න සමත් වුණා… හැබැයි මං ඒත් උත්සාහය අත හැරියේ නැහැ. ඇයි මම දෙක වෙන්නේ. මං විශිෂ්ටයි කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා. මගේ අරමුණ නිර්ව්‍යාජයි කියලා මං දන්නවා…

ඉතිං 2018-2019 වසරේදී මා නැවතත් එයට ඉල්ලුම් කලා. අවසානයේදී මා SLT 01Awards හි වසරේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය/වැඩසටහන, වසරේ විශිෂ්ටතම වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම සඳහා යන 3ම වෙනුවෙන් සම්මාන ලබාගත්තා….

ඒ මගේ නොපසුබට උත්සාහය නිසා. පරාජය භාර නොගත් නිසා…

මගේ ජීවිතයට ආව ගොඩක් අය කලේ ජිවිතය විනාශ කරන්න උත්සාහ කල එක. ඔවුන්ට මගෙන් ලබාගන්න අවශ්‍ය දේවල් ලබාගන්න නොහැකි වුණහම ඔවුන් සිදු කලේ මගේ මේ උතුම් කාර්යය විනාශ කරන්න කටයුතු කල එක. අවසන් වරට ආදරය කල ගැහැණු ළමයි දෙදෙනානම් තවත් උත්සාහ කරන්නේ උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මාව විනාශ කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්… මට හිතෙන එකම දේ “හොඳ වෙලාවට මං ඔවුන්ගෙන් ඈත් වුණේ. මන්ද ඔවුන් සමඟ මා ජීවිත කාලයම ගත කලානම් බොරු ආදරයක් සමඟ ජීවත්වෙන්න වෙන්නේ. යමෙක් යමෙක්ට ඇත්තටම ආදරය කලානම් ඔවුන් ජීවිතයෙන් ඈත් වෙලා ගියාට පසුවත් සතුටෙන් ඉන්නවා දකින්න ආසාවක් තියෙන්න ඕන. තමන්ට නැතිනම් විනාශ කරනවානම් එතන ආදරයක් නෑ. ඒ නිසා මං හරිම සතුටු වෙනවා එවැනි අය මගේ ජිවිතයෙන් ඈත් වුණ එකට.

මට ආදරය කලා කියලා ගොඩක් අය මං ලඟින් ඉන්න කාලයේ මං සාර්ථක කෙනෙක් වුනේ නැහැ. හැමෝම තම තමන්ගේ පෞද්ගලික හේතු මත මගෙන් වෙන්වෙලා ගියාට පසුව තමයි මං සාර්ථක වුණේ. විශිශ්ටයෙක් වුණේ…

අද මං ඉන්න තැන ගැන මං සතුටු වෙනවා…

මං විශ්වාස කලේ මාව…

හැම මොහොතෙම මං මට පුලුවන් කියන ස්ථාවරයේ හිටියා. සාර්ථකත්වය 100%ක්ම තිබුණේ මං ගාවමයි. අන්න ඒකයි ජිවිතේ කවුරු හිටියත්, නැතත්, වෙන්වුණත් අද මං සාර්ථක වුණේ.

හැබැයි මට ඒ සාර්ථකත්වය කරා යන්න ලංකාවේ ලක්ෂ ගාණක මිනිස්සුන්ගේ ආශිර්වාදය සහ මගේ පවුලේ අයගේ ආදරය, රැකවරණය ලැබුණා. අන්න ඒ නිසයි මං ශක්තිමත් වුණේ…

හැමවිටම පරාර්ථකාමී වෙන්න…

ඔබ ගැන විශ්වාසය තබාගන්න

ඔබට දිනන්න පුලුවන්…

අද ධනේෂ් එදිරිසූරිය කියන්නේ නමක් නෙමේ Brand එකක්… සමාජසත්කාර නම් ධනේෂ්….

ඔබේ නම Brand එකක් වෙනකම්ම වැඩ කරන්න…

ඔබට පුලුවන්…

අද මම TechLabs Innovative Solutions International (Pvt) Ltd කියන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. 2006 Future Center නමින්ද, 2009 Nano නමින්ද, 2017 TechLabs නමින්ද තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර තිබූ එය 2021 පෙබරවාරි මාසයේ Private Limited ආයතනයක් ලෙස රජයේ සමාගම් මැදුරේ ලියාපදිංචි කලේ Charityshop වැඩසටහනේ ඔබගේ දිරිමත් කිරීම නිසයි.

විශ්වාසයෙන් ඉන්න, මෙයත් ලංකාවේ ඉහළම තැනකට මං ගේනවා… මං මෙය EarnMoney ලෙස 2019 වසරේදීත් ආරම්භ කලා. එයින් කොටසක් අද මේ වැඩසටහනටත් එකතුවෙලා ඉන්නවා. අද ඔවුන් හොඳ ආදායමක් ගන්නවා. ඒ ඔවුන් මාව විශ්වාස කල නිසා. 2019 එය Fail වුණා. ඒ කලේ ශ්‍රී ලංකාව රජ කල ආයතන මගේ ෆේස්බුක් පේජ් රිපෝට් කලා. ඒ නිසා මගේ ප්‍රොෆයිල් වසරක් බ්ලොක් වුණා. හැබැයි මං අත හැරියේ නැහැ.

උතුම් අරමුණක් පෙරදැරි කරගෙන Charityshop නමින් එය ආරම්භ කලා. අද එයට සමකරන්න පුලුවන්, සාමාජිකයින් වෙනුවෙන් සේවා සපයන ආයතන ලෝකයේ වෙන කොහෙවත් නැති තරම්…. අපි ලංකාවේ 1, නමුත් අපි ලඟට එන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ කාරණා 2ක් නිසා. එක අපි මේ වැඩසටහනින් ලබාදෙන්නේ Active Income එකක් පමණයි. Passive Income නැහැ. ඉතිං නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්න අය මෙයට එකතු වෙන්නෙ නැහැ. අන්තිමේදී වැටුණ වලෙන් ගොඩට එන්න වෙන්නේ. නිදාගෙන ඉඳලා නෙමේ. කාත් එක්ක හරි නිදියලා තමයි. දෙවෙනි කාරණාව තමා අපේ ආයතනයේ ලෙවල් නැහැ. පිරමීඩ ක්‍රමයට මුදල් ලබාදෙන්නේ නැහැ. ඉතිං මිනිස්සු පිරමීඩ වලට ලෝකයාට පෙන්න බැන්නත් හොයන්නේ ඒවා… අන්න ඒ නිසයි අපට පිරිස අඩු….

කමක් නෑ…මං අඩුම තරමින් 200 දෙනෙක්ගේ හරි ජීවිතය වෙනස් කලා. ඒ ඇති මට. මගේ සාමාජිකයෝ ලක්ෂ 10යි කියන්න ඕන නෑ මට. මොකද එහෙම සාමාජිකයෝ ඉන්නවා කියලා කීවත් හැමෝම දන්නවා ඒක බොරුවක් කියලා, අනික එහෙම එකතු කල ආයතන අද මිනිස්සුන්ට සාපයක් වෙලා ඉවරයි. ඒ අය වෙනුවෙන් විරෝධී ගෲප් හදාගෙන ඉවරයි… අපි වෙනුවෙනුත් එහෙම හැදේවි. ඒ අපිට සමාන වෙන්න බෑ කියලා අනික් අයට තේරෙනකොට අපිව විනාශ කරලා දිනන්න උත්සාහ කරාවි…

ඕන කෙනෙක්ට පුලුවන් මාව/අපිව මන්දගාමී කරන්න විතරයි. හැබැයි නවත්වන්න බෑ. ඒකට උත්සාහ කරනන්වත් එපා… මොකද ඔබ  තවම දැක්කේ මේ පොඩි කොල්ලගේ වැඩ වලින් 1%ක් විතරයි. තව 99%ක් එහෙම්මම ඉතිරියි. මං අහංකාරයකින් තොරව අවුරුදු 17-18 පොඩි අයගෙන් පවා උපදෙස් ගන්නවා. දවස පුරා මං කැමති මට හැමොම දැනමුතුකම් දෙනවට. මං දවසින් දවස ඉගෙන ගන්නවා…

CharityShop දවසක විශිෂ්ටතම වැඩසටහන වෙනවා නොඅනුමානයි ! විශ්වාසයෙන් රැඳී සිටින්න. සෙමෙන් ගමනක් යමු. නිදහස් කාලය මාත් එක්ක ගත කරන්න….

ඔබ ගැන විශ්වාස කරන්න.

ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි,

ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි,

ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා….

අපි එකතු වෙලා දිනමු !

ප.ලි : දීර්ඝ වුණාට සමාවෙන්න. ඔබේ ජීවිතයට යමක් එකතු වුණානම් පුංචි කාලයක් වෙන් කරලා එය අකුරු කරන්නත් අමතක කරන්න එපා…

අලුත් අයට කියවන්න නැවත පලකිරීමකි !

#2021මාර්තු31 ටච් කරලා ඊයේ පෝස්ට් සියල්ල කියවන්න.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්… මොකද ඊයේ දවසේ අපේ ගෲප් එකේ ගොඩක් දේවල් සිද්ධ වුණා.

කිසිම දෙයක් මගහැරගන්න එපා..

#2021April1 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)

Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

Managing Director

SamajaSathkara TechLabs

SamajaSathkara.lk

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments