❎ අනුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් කිරීම තහනම්.
වෙනත් කෙනෙක් ආදායම් උපයන්න අප්ලෝඩ් කල පෝස්ට් එකකට හෝ අපගේ ආයතනයට අදාල නොවන පෝස්ට් එකකට කමෙන්ට් කිරීම තහනම්
✅ තමන්ගේ පැත්තෙන් සිතන්න. ඔබ කැමති නෑ නේද කිසි කෙනෙක් ඔබගේ පෝස්ට් එකකට කමෙන්ට් කරනවාට. ඔබ Notifications එකක් ලැබුණු සැනින් ගිහින් බලනවිට එය ඔබට අදාල නොවන එකක් වූ විට ඔබට කේන්ති යනවා නේද. අන්න එය අනෙක් අයටද ඇතිවෙනවා.
❎ යමෙක් LKBux, WinWin, Success Lanka හෝ වෙනත් eMoney ආයතන වෙනුවෙන් පළකල පෝස්ට් වලට CharityShop ප්‍රවර්ධන පෝස්ට්, රෙෆරල් ලින්ක් හෝ ප්‍රවර්ධන පත්‍රිකා කමෙන්ට් කිරීම සපුරා තහනම්. ඒ මොහොතේම ඔබගේ සාමාජිකත්වය අහෝසි කිරීමට අප ආයතනයට අවසර ඇත. එය ඔබේ පෝස්ට් එකක් වුණනම් ඔබ කැමතිද ඒ අය කමෙන්ට් කරනවාට? නැහැ නේද? අන්න ඒ ආකාරයට සිතන්න.
✅ යමෙක් “ඔන්ලයින් සල්ලි හොයන්න හොඳ ක්‍රම මොනවාද, ශුවර් සයිට් මොනවාද, මටත් ඔන්ලයිස් සල්ලි හොයන්න කියලා දෙන්න” මේ වගේ පෝස්ට් එකක් දාලා තිබුණහොත් ඔවුන් වෙනත් අයගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන නිසා ඔබට CharityShop ගැන කියන්න අවසර තිබෙනවා. ක්ෂණිකව රෙෆරල් ලින්ක් කමෙන්ට් කරන්න එපා.
“CharityShop වලට සම්බන්ධ වෙන්න” කියලා කමෙන්ට් කරන්න. ඉන්පසුව එම පුද්ගලයා ඇසුවහොත් පමණක් විස්තර ලබාදෙන්න.
❎ බදුල්ලේ නතර වෙන්න හොඳ හෝටලයක් කියන්න, අපි බැඳලා අවුරුද්දක් වුනාට තවම ළමයි නෑ මොකද කරන්නේ? ඔය වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් කෙනෙක් පෝස්ට් එකකින් ඔවුන්ට CharityShop වැඩක් තියේද? නැත. එසේනම් අනවශ්‍ය පෝස්ට් වලට කමෙන්ට් නොකරන්න.
එසේ යමෙක් කරයි නම් එම පුද්ගලයාගේ CharityShop සාමාජිකත්වය 5 වරක් දැනුම් දුන් පසු අහෝසි වේ, නමුත් 3 වරකට වඩා කලහොත් ඔබගේ සදාචාරයක් නොමැති කම හේතුවෙන් CharityShop වලින් ලබාදෙන කිසිදු වරප්‍රසාදයක් (මරණාධාර, උපත් ආධාර, ලෝන් වැනි) හිමි නොවේ.
ප.ලි : අනුන්ව හදන්න බෑ. අපි හැදෙමු. සරලව කීවොත් ලංකාවේ අනික් අනික් eMoney ආයතන වල 99%ක් රෙෆරල් හිඟන්නෝ ඉන්නේ. නම් කියන්න ඕන නෑ. ඔක්කොම ආයතන. ඒ ආයතන වල ඉහළ නිළධාරීන් සහ ප්‍රවර්ධනය ඉහළින්ම කරන අයත් එක්ක මං කතාකලා. ඒ අය කියනවා ඒක හදන්න බැරිලු. මේ ලෝකේ බැහැ කියලා දෙයක් නෑ. මං කලා ඒක. අනික් මිනිස්සු රෙෆරල් හොයද්දි, සල්ලි පස්සේ යනකොට, මම ආයතනයේ මාස 5ක් කලේ විනය, සදාචාරය හදපු එක. ඔක්කොම හදන්න බැරිවුණා. ඒත් 90%ක් හැදුවා.
යහපත් හෙට දිනක් වෙනුවෙන් සදාචාරසම්පන්න වෙන්න…
නීති පිළිපදින්න…
CharityShop Disciplinary rules & ethics
චැරිටිශොප් විනය නීති සහ ආචාර ධර්ම
CharityShop Team