CharityShop ආයතනයේ පිළිපැදිය යුතු විනය නීති

by | May 19, 2021 | විනයනීති | 0 comments

CharityShop ආයතනයේ පිළිපැදිය යුතු විනය නීති

❎ අනුන්ගේ පෝස්ට් හොරකම් කරලා ඒවගෙන් ආදායම් උපයන්න එපා.

✅ තමන්ගේ පැත්තෙන් සිතන්න. ඔබ කැමතිද ඔබ සල්ලි දීලා හදාගත්ත ඇඩ් එකක් වෙන කෙනෙක් භාවිතා කරනවට? නැහැනේ. අන්න ඒ වගේ වෙන අයත් කැමති නෑ.

CharityShop ඇරෙන්න ලංකාවේ අනික් eMoney ආයතන හැම එකකම ඉන්න අය පෝස්ට් හොරකම් කරනවා. අපි තමයි ලංකාවේ ඕනම ආයතනයකට (තහනම් හෝ වංචා නොකල) ඇඩ් හදලා ඒවා ශෙයාර් කරන එකම ආයතනය. මොකද අපි කුහක නෑ. හැමෝටම උදව් කරනවා.

සත්‍ය සිදුවීම් ඇසුරෙන් කතා කරමු.

✅ Success Lanka ආයතනයේ කිහිප දෙනෙක් අපෙන් ඇඩ් හදාගත්තා. අපේ ඇඩ් වල තියෙන නිර්මාණශීලීත්වයට ඇඩ් එක දාලා දවසක් ඇතුලත මැසේජ් 1000ක් පමණ ආපු අය ඉන්නවා. මාස ගණනක් හැමෝම පෝස්ට් දැම්මත් එකම කතාව මම ඇඩ් එකකින් නිර්මාණය කල සැනින් ඒ අයට රෙෆරල් එන්න පටන් ගත්තා.

හැබැයි ඇඩ් එක දාලා විනාඩි 5න් ඒක උස්සලා. නම, දුරකතන අංක වෙනස් කරලා ඒ අයගේ නම් දාගෙන ශෙයාර් කරනවා. අර ඇඩ් එකේ සුවිශේෂී භාවය එතනින්ම ඉවරයි. ඇයි හැම මනුස්සයම එකමනේ දාන්නේ. Watermark දැම්මහම ඒක කපලා වෙන මොනවා හරි දානවා.

අයින් කරගන්න කියලා දැනුම් දුන්නහම අපිටයි බනින්නේ ඔයාලා කොහොමද කියන්නේ මේක ඔයාලගේ කියලා. අපිට ආයතනයෙන්ලු දුන්නේ.

✅ ඒ ආකාරයටම LKBux වලත් සිද්ධි ගොඩක් වුණා. King of eMoney කියලා එක හොරෙක් දාගෙන ඉන්නවා. පෝස්ට් එකක් දාලා විනාඩි 5න් උස්සනවා. මොකද මේක ඇතුලේ ඉන්නවනේ Fake වලින්. අහපුවහම කියන්නේ අපේ Company එකෙන් අපිට දෙන Common ඇඩ්ලු ඒවා. කම්පැනි එකට මැසේජ් දැම්මහම රිප්ලයි නෑ. එතකොට ලොක්කොමද හොරකම් කරලා තියෙන්නේ අපේ ඇඩ්? එහෙම නැත්නම් ආයතනයේ නම කන කාලකණ්නි ඇඩ් හොරකම් කරලා ආයතනයේ ලොක්කන්ව අහුකරවනවද?

මොනා වුනත් අනික් eMoney ආයතන වල ආයතනයෙන්ම ඇඩ් හදලා දෙන්නේ නෑ. උඹලා කරන දෙයක් කරලා, බල්ලෝ මරලා හරි කමක් නෑ රෙෆරල් ටික හොයාගෙන වරෙන් කියලා තමයි හැම එකකම වගේ උගන්වන්නේ. ඉතිං හොරකමට පුරුදු වෙනවා.

CharityShop සාමාජිකයින්ට හොරකම් කරන්න ඕන නෑ. ප්‍රවර්ධන පත්‍රිකා මේ වන විට 500 ආසන්න ප්‍රමාණයක්. දවසකට 20-40ක් අපි නිර්මාණය කරලා දෙනවා.

වර්ණවත්, සිත ඇදිලා යන පෝස්ට් මාරුවෙන් මාරුවට ආඩම්බරෙන් දාන්න ඔයාලට පුළුවන්. ඒ නිසා ඔයාලා හොරු වෙන්න එපා.

මේ ගෲප් එකෙත් ඉන්නවා අපේ සාමාජිකත්වය ගත්ත හොරු. ඇඩ් හොරකම් කලහම ඒක කරන්න එපා, ඕනනම් රු.100ක් දීලා අලුත් එකක් හදාගන්න කීවහම අපෙන් අහනවා, “ලැජ්ජ නැද්ද අහනවා රු100ට කුණු ලෝභයෙක් වගේ කතා කරන්න”. තව කෙනෙක් ඒ හදපු එකෙන් වාසියක් ගන්න එකට සතුටු වෙන්නලු. “හරි මහත්තයෝ ගෙදරට ගෑණියෙක් ගෙනාවම යාලුවන්ට දීලා නිකන් ගෙනාපු එකනේ, තව කෙනෙක් වාසියක් ලාභයක් ගත්තහම මොකද කියලා Share කරගන්න.” මාසෙට ලක්ෂ 10ක් හොයන මනුස්සයා රු.100ට හොරකම් කරන එක තමයි හිනා යන වැඩේ..

❎ අපි පැහැදිලිව දාලා තියේ ඇඩ් හොරකම් කරන්න එපා කියලා. එහෙම කලොත් ඒ හොරකම ප්‍රසිද්ධියේ පලකරනවා කියලා අපි දැනුම් දීලා තියේ. ඒ වගේ හොරු ටිකකගේ ස්ක්‍රීන්ශොට් මේ පෝස්ට් එකට දානවා.

ඔබත් සල්ලි හොයනවනම් අවංකව හොයන්න. කෝටි ගණන් හොයන්න රු.100ට පාච්චල් වෙන්න එපා.

යහපත් හෙට දිනක් වෙනුවෙන් සදාචාරසම්පන්න වෙන්න…

නීති පිළිපදින්න…

CharityShop Disciplinary rules & ethics

චැරිටිශොප් විනය නීති සහ ආචාර ධර්ම

CharityShop Team

#2021මැයි19

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments