CharityShop විනය නීති ~ ඔබේ ඉළක්කයට යන්න මුලින්ම විනය ඉගෙන ගමු

by | May 31, 2021 | විනයනීති | 0 comments

CharityShop විනය නීති ~ ඔබේ ඉළක්කයට යන්න මුලින්ම විනය ඉගෙන ගමු

වඩාත් යහපත් සමාජයක් උදෙසා…

???? වෙනත් අයගේ අදාල නොවන පෝස්ට් වලට CharityShop ප්‍රවර්ධන පත්‍රිකා හෝ රෙෆරල් ලින්ක් කමෙන්ට් කිරීම තහනම්.

???? අනුන්ට සල්ලි ලැබුණු රිසිට් අප්ලොඩ් කරලා තමන්ට රෙෆරල් සොයන්න එපා.

???? අවසරයකින් තොරව පිටස්තර පුද්ගලයෙක්ට ඉන්බොක්ස් CharityShop ප්‍රවර්ධන පණිවිඩ යැවීම තහනම්.

???? වෙනත් ආයතනයක හෝ තවත් කෙනෙක් නිර්මාණය කරගත් පෝස්ට් හොරකම් කර ඒවායෙන් ආදායම් උපයන්න තහනම්.

???? අපගේ මාසයට අදාල රෙෆරල් ලින්ක් එක හැර වෙන කිසියම් ලින්ක් එකක් Share කරන්න අවසර  දුන්නොත් ඇරෙන්න ශෙයා කිරීම තහනම්. ඔබ මේ පෝස්ට් එක දකින CharityShop Team Group Link එක ශෙයාර් කිරීම සපුරා තහනම්.

???? ආයතනික නීති පිළිපැදීමට අපහසු කෙනෙක් වේ නම් කලින් දැනුම් දිය යුතු අතර එසේ දැනුම් නොදී තුන් වතාවක් ට වඩා නීති රීති නීතිරීති උල්ලංඝනය කරන අය සඳහා ක්‍රියාමාර්ගයක් ගනු ලැබේ. ගන්නා ක්‍රියාමාර්ගය එම වැරැද්ද අනුව තීරණය වනු ඇත

???? කිසිම සාමාජිකයෙකුට හෝ වෙනත් කිසිම පිටස්තර පුද්ගලයෙකුට මානසික බලපෑම් කිරීම තහනම්

???? තමන්ගේ ඉහළ තනතුරු වල සිටින අයට ගරු කිරීම සිදුකල යුතු අතර ඔවුන් අභිබවා යාම සිදු නොකළ යුතුය

???? සෑම විටම නිහතමානීව සහ සදාචාරය රැකගෙන වචන භාවිත කළ යුතුය අනවශ්‍ය ආකාරයට වචන භාවිතා කළහොත් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය අප විසින් තීරණය කරනු ලැබේ

???? අසභ්‍ය පින්තූර ශෙයාර් කිරිම හෝ අසභ්‍ය කතාබහ සිදුකිරීම හෝ වෛරී ප්‍රකාශන සිදුකිරීම සාමාජිකයන් අතර සම්පූර්ණයෙන් තහනම්. මෙසේ සිදු වුවහොත් කිසිදු විභාගයකින් තොරව සාමාජිකත්වය අහෝසි කරන අතර අවශ්‍ය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ

???? තමන්ගේ ක්‍රියාකාරකම් තුළින් කිසියම් හෝ වංචාවක් සිදු කරන බවට පැහැදිලි වුවහොත් සාමාජිකත්වය අහෝසි  කරනු ලැබේ

???? අපගේ ආයතනය තුළට පැමිණි පසු විශ්වාසය හා  අවංක භාවය රැක ගත යුතු අතර ඇතුළත ඇති විස්තර පිටත වෙනත් ගෲප්  වෙත ලබා දීම තහනම්

???? සියලු දෙයෙහිම අවසාන තීරණය කළමනාකරණ අධ්‍යක්ෂක සතු වේ

???? කිසියම් හෝ දේශපාලන මතවාද වූ ආගමික මතවාද වලට පදනම් කිසියම් හෝ දෙයක් පළ කිරීම, කමෙන්ට් කිරීම හෝ මෙන්ශන්  කිරීම තහනම්

???? නිත්‍යානුකූල රජයේ ලියාපදිංචි සමාගමක් වන මෙයට ඔබගේ සත්‍ය තොරතුරු ලබා දීම අනිවාර්යය වේ. ෆේක්  හෝ අනවශ්‍ය සම්බන්ධ වීමක් ලෙස දැනුනහොත් විභාගයකින් තොරව සාමාජිකත්වය අහෝසි කෙරේ.

???? ගෞරවනීය ලෙස හැසිරීමේ වගකීම ඔබ සතුය.

???? ලබා දී ඇති නීති හා උපදෙස් ඒ ආකාරයටම පිළිපැදීම සිදු කළ යුතුය

???? මෙතන සාමාජිකයන් අතර තරගයක් නැත සාමූහික වන්න එවිට ඔබ සියලුම දෙනා නිතරඟයෙන් ජයග්‍රහණය කරයි .

???? සාමාජිකයන් අතර ගැටලු ඇති කර ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්

???? වෙනත් ගෲප් වල දේවල්,  ආයතන වල වැඩසටහන් මෙහි ප්‍රවර්ධන කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ මොහොතේම ගෲප් එකෙන් ඉවත්කරනු ලැබේ.

???? අපගේ නීති පිළිනොපැද  ක්‍රියාකර පිටතින් එල්ල වන නීතිමය කිසිදු වරදක් හෝ චෝදනාවක් අප බාර නොගන්නා බවත් එහි වගකීම ඔබ විසින්ම දැරිය යුතු බවත් සලකන්න

???? මුලින්ම වැරැද්දක් පෙන්වා දෙන්නේ CharityShop Family Mesanger Group එක හරහාය. එම වැරැද්ද පෙන්වා දුන් මැසේජ් එක Seen කර පැය 24ක් ඇතුලත එම වැරැද්ද නිවැරැදි කර නොගැනීම, වැරැද්ද පිළි නොගැනීම, එම පණිවිඩයට ප්‍රතිචාර නොදැක්වීම, මග හැරීම, නොසලකා හැරීම කරනවානම් හෝ සමාව ගැනීමට අවශ්‍ය වරදක් නම් සමාව නොගන්නවානම් ඔබගේ CharityShop ගිණුම සහ සාමාජිකත්වය අහෝසි වේ.

✅ තරඟයකින් හෝ වෙනත් ක්‍රමයකින් සාමාජිකත්වය හිමිවූ අයෙක්නම් නැවත සාමාජිකයෙක් වීමට නැවත සම්බන්ධ වෙන දිනයට අදාල සාමාජික ගාස්තුව ගෙවිය යුතුය. නොමිළයේ හිමිවූ සාමාජිකත්වය අවලංගු වේ.  ඔබට ලැබුණු වරප්‍රසාදද අහිමි වේ. (මරණාධාර, උපත් ආධාර, රක්ෂණ ලෝන් වැනි)

නැවත එසේ සම්බන්ධ විය හැක්කේ නැවත විනය නීතී කඩ නොකරන බවට පොරොන්දු වෙනවානම් පමණයි.

✅ ගාස්තුව ගෙවූ අයෙක්නම් විනය නීතියක් කඩ කිරීම වෙනුවෙන් සාමාජිකත්වය අවලංගු වූවානම්  නැවත සාමාජිකත්වය ලබාගන්නා දිනයට අදාල සාමාජික ගාස්තුවෙන් 50%ක් ගෙවා සාමාජිකත්වය ලබාගත හැක. එසේ සම්බන්ධ විය හැක්කේ නැවත විනය නීතී කඩ නොකරන බවට පොරොන්දු වෙනවානම් පමණයි.

???? මෙම ආයතනය තුළ ඇති මානුෂික බව හා සදාචාරාත්මක බව රැක ගැනීම සාමාජිකයන් වන ඔබ සියලු දෙනා සතු වගකීමකි. එය එසේ නොවන බව හැගුණ හොත් අප විසින් ගන්නා ක්‍රියා මාර්ග ඔබ පිළිගත යුතු වේ .

????????????????????????????????????????????????????????????????

CharityShop විනය නීති

ඔබේ ඉළක්කයට යන්න මුලින්ම විනය ඉගෙන ගමු.

CharityShop Team

#2021මැයි31

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments