CharityShop Reseller ~ ඔබේ භාණ්ඩ හෝ සේවා අප හරහා අලෙවි කරගැනීමට අවශ්‍යයිද? (නීති – රීති)

by | Jun 15, 2021 | විනයනීති | 0 comments

CharityShop Reseller ~ ඔබේ භාණ්ඩ හෝ සේවා අප හරහා අලෙවි කරගැනීමට අවශ්‍යයිද? (නීති – රීති)

✅ ඔබගේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනවානම් ඔබ අපගේ Reseller License එක ගත යුතුය. එයට වාර්ෂිකව රු.3,000ක් ගෙවිය යුතුය. නොඑසේනම් CharityShop Lifetime පාඨමාලාවට සම්බන්ධ විය යුතුය. එවිට වාර්ෂිකව ගෙවීමක් නැත. අමතර ආදායමක්ද හිමිවේ.

✅ අපගේ අවශ්‍යතාවයන් මත සේවාවන් Resell කරන Dialog, Mobitel වැනි තෙවන පාර්ශවීය ආයතන සමඟ ගණුදෙනු කරනවානම් ඒවා අපගේ ලියාපදිංචි විය යුතු නැහැ. සරළවම අප ඒවායේ සේවා අපගේ ආයතනයට ලාභයක් ඇතිව නැවත අලෙවි කරනවා පමණි.

✅ ඔබ යම් භාණ්ඩයක් අපට Resell කිරීමට දෙනවානම් ඔබ මුල් නිෂ්පාදකයා හෝ මුල් බෙදාහරින්නා (Distributor) විය යුතුය. (උදා : චීනයෙන් ගෙනා යම් භාණ්ඩයක් තව තොග වෙළෙන්දෙක්ගෙන් යම් සිල්ලර වෙළෙන්දෙක් මිළදිගත් පසු ඔබ ඔහුගෙන් එය මිළදිගෙන කොමිස් තබාගෙන අපට අලෙවි කල නොහැක)

✅ අතරමැදියන්ට Reseller කෙනෙක් ලෙස සම්බන්ධ විය නොහැක.

✅ දේශීය දේවලට මුල් තැනක් ලබාදේ. සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග, ඖෂධ, චීන භාණ්ඩ වැනි දේ අලෙවි නොකෙරේ.

✅ සදාචාරසම්පන්න නොවන හෝ යට ඇඳුම් වැනි බොහෝ අයට ප්‍රසිද්ධියේ අලෙවි කිරීමට අපහසු භාණ්ඩ සාමාජිකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට භාරගනු නොලැබේ.

✅ අවම රු.100කවත් කොමිස් මුදලක් ලබාදිය නොහැකි භාණ්ඩ Resell කරනු නොලැබේ.

✅ ඔබ දැනට භාණ්ඩය හෝ සේවාව විකුණන මිලට වඩා රු.1ක් හෝ අඩුවෙන් අප ආයතනයට Resell කිරීමට ලබාදිය යුතුය.

✅ ඔබගේ ව්‍යාපාරික වෙබ් අඩවියේ, ෆේස්බුක් පිටුවේ හෝ මුද්‍රිත මාධ්‍ය වල පලකල ඇති මිළට වැඩියෙන් අප අලෙවි කරනු නොලැබේ. ඊට රුපියල් 1ක් හෝ අඩුවෙන් තමයි අප අලෙවි කරනු ලබන්නේ. එවිට එය මිළදී ගන්නා පාරිභෝගිකයාට පාඩුවක් නොවේ.

✅ ඔබ අප වෙනුවෙන් මිළ වැඩිකර සඳහන් කරනවානම් පාරිභෝගිකයන්ට අසාධාරණයක්  සිදු කිරීමට උත්සාහ කිරීම යන කරුණ මත අප ඔබව සම්බන්ධ කරගනු නොලැබේ.

✅ සමහර තෙවන පාර්ශවීය ආයතන හරහා අප ලබාගන්නා සේවාවන්ට පමණක් (Payment Gateway, Credit Card Machines, SMS Gateways, Reload App) අප හරහා ලබාදෙන අලෙවියෙන් පසු සේවාව හෝ සම්බන්ධීකරණය වෙනුවෙන් අප සාධාරණ මුදලක් වැඩියෙන් අලෙවි කරනු ලැබේ.

✅ ඔබ අපගේ Reseller කෙනෙක් ලෙස සම්බන්ධ වූ පසු ඔබට අපගේ 200කට අධික Reselling කණ්ඩායම නොමිළයේ හිමිවනු ඇත.

✅ වසරකට රු.60,000 වඩා වටිනාකමින් යුත් ප්‍රවර්ධන පත්‍රිකා ඔබ වෙනුවෙන් නිර්මාණය කර දෙනු ලැබේ.

ඔබගේ භාණ්ඩ අප හරහා අලෙවි කරගැනීමට අවශ්‍යයිනම් කතා කරන්න 0701 10 10 10

CharityShop Team

#2021ජූනි15

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments