පළමු කොටස කියවා අවසන් කර මෙය කියවන්න…
ශානිකා අක්කගේ අම්මගේ උපන්දිනය වෙනුවෙන් මම ගෙදරට ගිහින් කේක් එක එහෙම කපලා ඉවරවෙලා, තෑගිත් දීලා ඊලඟට වුනේ මේකයි…
අම්මේ, අද අම්මගේ දුව නෑනේ, යමු මාත් එක්ක කැළණි පන්සල් කියලා මම කීවා…
අම්මට ඇඬුනා වගේ…
හරි හරි දැන් ගිහින් සුදු ඇඳුමක් ඇඳගෙන එන්න කියලා මම පිටත් කලා.
අම්මයි, පුංචියි, සෙරේනා දූයි එක්කරගෙන ඊට පස්සේ මම කැළණි පන්සලට ගියා. චූටී දූ මාත් එක්කමයි, අතේ එල්ලීගෙන. හරි පණ්ඩිත ආච්චි කෙනෙක්…. ෆොටෝ බලන්නකෝ….
පුංචි දූ ලව්ව මං පිංකමකුත් කලා. වයසක ආච්චි කෙනෙක් හිටියා. මම රු.100 ක් දුවට දුන්නා ඒක ඒ ආච්චි අම්මට දෙන්න කියලා. දරුවන්ට යහපත් පුරුදු පොඩි කාලේ ඉඳන් හුරු කරන්න ඕන.
අපි නිල් මානෙල් මල්, හඳුන්කූරු, තෙල්, පහන් අරගෙන පන්සලට ගියා. චෛත්‍යයට, බෝධියට, විහාරයට මල් පූජා කලා. පහන් පත්තු කරලා හඳුන්කූරුද පත්තු කලා. අම්මට සතුට කියාගන්න වචන නැහැ. හැමදේම අවසන් වෙලා වැඳලා ආශිර්වාද අරන් උම්මා දෙකකුත් ගත්තා. අම්මව ගෙදර එක්ක ඇවිත් ආයෙත් වැඳලා ආයෙත් උම්මා අරන්, චූටි දූගෙනුත් උම්මා අරන් මම ආපහු දියතලාව එන්න පිටත්වුනේ සවස 5.30ට. ඔක්කොටම කලින් මට ඕන වුනේ උදේට කන්න… දවසටම කාලා හිටියේ නැහැ. අම්මා කන්න කතාකලත් මට පරක්කු වෙන නිසා ආවා…
හිතට හරිම සතුටුයි…
අම්මා කෙනෙක්ට පැය කිහිපයකට හරි පුතෙක් වෙන්න පුලුවන් වුණා…
අම්මගේ මේ උපන්දිනයනම් ජීවිතේට අමතක වෙන එකක් නැහැ… නේද අක්කේ…?
සුභ උපන්දිනයක් අම්මා…
මෙතෙක් කතාව…
අද ශානිකා අක්කගේ අම්මගේ උපන්දිනය. අක්කා මට කතා කලා සති දෙකකට කලින්. මල්ලි අපේ අම්මා වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්ද ඇහුවා. නෑ බෑ මගේ නැහැනේ. අපි දෙන්නා ප්ලෑන් කලා ලස්සන Surprise එකක්.
අක්කා මට දුන්නා අම්මා බලන්න ආස බෞද්ධ පොත් ලිස්ට් එකක්. මම ඊයේ කුරුණෑගල හැම පොත් සාප්පුවකම ඒවා හෙව්වා. නමුත් එකයි හොයාගන්න පුලුවන් වුනේ. අද පාන්දරම කොළඹ ආවා. බොරැල්ල, දෙහිවල, නුගේගොඩ ගිහින් පොත් ටික ගත්තා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලස්සන බුද්ධ ප්‍රතිමාවහන්සේ නමකුත් ගත්තා. අමාරුම දේ ඊලඟට Enchanter Romantic Perfume එකක් හොයන එක. නුගේගොඩ ෆුඩ් සිටි එකේ නංගී මගේ ඇඬුම් මූණ දැකලා ස්ටෝර්ස් වලට ගිහින් පැය භාගයක් විතර ඉඳලා ගෙනත් දුන්නා. ඔය ටික ගන්නකොට 1ත් පහුවෙලා. ඊට පස්සේ මම මගේ ඔෆිස් එකට ගිහින් දේශිකා අක්කගේ උදව්වෙන් තෑගි ටික ලස්සනට පැක් කලා. ලස්සනට Birthday Card එක්කුත් හදාගත්තා. කේක් එකකුත් ඩිසයින් කරලා ගත්තා… 2ත් පහුවුනා. තවමත් උදේ බිව්ව තේ එක විතරයි. ශානිකා අක්කගේ අයියා ඉන්නෙත් අම්මා එක්ක, කැලණියේ. එයාට කෝල් කරලා එනවා කීවා. හැබැයි අම්මා මම එන එක දන්නේ නැහැ. අපි 3.30 වෙනකොට ගියා. ශානිකා අක්කගේ අයියා, අයියගේ වයිෆ්, චූටි දූ සහ පුංචි හැමෝම ගෙදර හිටියා. අම්මා විස්තර දන්නේ නැහැනේ. එයා කාමරේ. මම සාලෙට ගිහින් ඔක්කොම තැගි ටික මේසේ උඩින් තියලා කේක් එකත් ඉටිපන්දම් පත්තු කරලා ලැහැස්ති කලා. එතකොට අම්මා ආවා. මම වැඳලා “සුභ උපන්දිනයක් අම්මා” කියලා උම්මා දෙකකුත් දීලා සුභ පැතුවා. අක්කා මීට කලින් ෆේස්බුක් එකෙන් මාව පෙන්වලා තිබුණා. අම්මා ආසවෙන් ඉඳලා තියෙන්නේ මාව බලන්න.
ඊට පස්සේ මම මැසෙන්ජර් කෝල් එකක් ගත්තා අක්කට. ඊට පස්සේ අපි හැමෝම හැපි බර්ත්ඩේ කියලා කේක් එක කැපුවා. අපි හැමෝටම කේක් කැව්වා. අම්මගේ ඇස්වල සතුටු කඳුළු මම දැක්කා. අර තෑගි ටිකත් දුන්නා. ඒවත් කඩලා බැලුවා. පුදුම විදිහට සතුටු වුනා අම්මා. ඒ ඔක්කොම අක්කා මැසෙන්ජර් කෝල් වලින් බලාගෙන හිටියේ. අක්කටත් සතුටුයි… අම්මට කතා කරගන්න වචන නෑ…
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…
For the first time in World | සමාජසත්කාර සෙනෙහස Gift Delivery Service
අපගේ Delivery Service එක පිළිබඳව විස්තර :
https://www.facebook.com/groups/charityshopteam/permalink/286311926337924/
Follow Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Project of SamajaSathkara.lk