මේ ඉන්නේ නිකිණි නේත්‍රා පැහැසරණි දුව. වයස අවුරුදු 4යි. මොන්ටිසෝරිත් යනවලු. උප්පත්තියෙන්ම කොන්දෙහි ගෙඩියක් සහ මොළයේ වතුර එකතුවෙන රෝගයෙන් ඉපදීලා ඉන්නේ. කොන්දේ ගෙඩිය ඉපදුන ගමන් ඉවත් කරලා. මේ ගෙඩියේ ප්‍රතිඵලයක් ලෙස ස්නායු තෙරපීම නිසා මේ දරුවට ඇවිදින්න බැහැ. මොළයේ සිට මුත්‍රාශයට බටයක් (Shunt) දාලා තියෙන්නේ මොළයේ එකතුවෙන වතුර ඉවත්වෙන්න. එය කිහිපවරක්ම ඉවත් කරන්න වුනාලු. වෛද්‍යවරු කියන්නේ අවුරුදු 12කට වඩා ජීවත්වෙන එකක් නැ කියලා. හේතුව මේ දුවගේ හිස් කබල එකතුවෙලා (හා වෙලා) නැහැලු . මොළය වර්ධනය වෙන විට එය හිස් කබළෙන් එළියට එනවලු.
පියා කාර්යාල සහයක රැකියාවක් කරන්නේ. මේ දරුවාගේ අසනීපය වෙනුවෙන් ලෝන් අරන් නිසා මාසෙකට රු.1,500ක් වගේලු පඩිය අතට එන්නේ දැන්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. තව පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ගොඩක් ආර්ථික අපහසුතා මැද දිවිගෙවන පවුලක්.
අපි කලකට ඉහතදී මේ දුවට සැත්කමක් කලා.
සැත්කමට කලින් අපි මේ දුවව කැළණි පන්සල් එක්ක ගියා. ඉන්පසුව අපි The Central Hospital එකට ඇඩ්මිට් කලා. සතියක් පමණ රෝහලේ හිටියා. සැත්කමට වියදම් වුණ ලක්ෂ ගණනක් සම්පූර්ණ වියදම ෆේස්බුක් යාලුවෝ අපි එකතු වෙලා තමයි ගෙව්වේ
රෝහලේ හිටිය සෑම දිනකම උදේ, දහවල්, රාත්‍රියේ මම දුවව බලන්න ගියා.
දස දහස් ගණනක් ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ආශිර්වාදයෙන් නිකිණි දූ සැත්කමෙන් පසු ගෙදර එක්ක ආවා. ඊට පස්සේ 3-4 වතාවක් බෙහෙත් ගන්න සහ තුවාල වල මැහුම් කපන්න ගියා.
සති කිහිපයකට පස්සේ මම ආපහු දූව බලන්න ගියා.
රෝද පුටුවට වෙලා අවුරුදු 4ක් හිටිය දුව දැන් තනියෙන් දුව පැන ඇවිදලා සෙල්ලම් කරනවා දැක්කහම ඇස් වලට කඳුළුත් ආවා. දුවට විශේෂ සපත්තුවක් හදලා දාලා තියෙන්නේ. එයින් ශරීරය සමබරව තියාගන්න පහසුයි.
අම්මා, තාත්තා හැමෝටම පිං දුන්නා. මේ දුවට මෙලෙස දුව පැන ඇවිදින්න පුලුවන් වුණේ ෆේස්බුක් ඔයාලා නිසා. අපි හැමෝගෙම ආශිර්වාදයෙන් දුවට දීර්ඝායුෂ ලැබේවා.
ප්‍රාර්ථනා අරමුදල | Prarthana Fund
බරපතල රෝගාබාධ සඳහා ආධාර
අපගේ තවත් එක් සමාජසත්කාර මෙහෙවරක්…
Project of SamajaSathkara.lk