IT යහමග – නිකවැරටිය (මහසෙන් ජාතික පාසල)

by | Apr 23, 2021 | සත්කාර - CSR | 0 comments

IT යහමග – නිකවැරටිය (මහසෙන් ජාතික පාසල)

පාසල් දරුවන් සහ ගුරුවරුන් දස දහස් ගණනකට ෆේස්බුක් සහ අන්තර්ජාලය සමාජයේ යහපැවැත්මට භාවිතා කරන ආකාරය ඉගැන්වීමේ වැඩමුළුව

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන…

ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු…

මෙහිදී අප මූලික වශයෙන් අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි වල, විශේෂයෙන්ම ෆේස්බුක් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් යොදාගන්නා ආකාරයත් අවභාවිතය අවම කරගන්නා ආකාරයත් පෙන්වාදීම සිදුකලා.

මෙදින වැඩසටහනේදී සුවිශේෂී දෙයක් කරන්න මා හට හැකිවුණා. වැඩසටහනට පෙර දිනයේදී සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයේ වූ වී සම්මානලාභීන්ගේ මා පිළිබඳ කල සම්මුඛ සාකච්චාවෙහි වීඩියෝවක් දරුවන්ට පෙන්වන්න හැකිවුණා… එයින් දරුවන් ගොඩක් දිරිමත් වුණා. සමහරක් අය මා ඊට පෙර දිනයන්හීදී රූපවාහිනියේ දැක තිබුණා…

පරිගණක තාක්‍ෂණ, අන්තර්ජාලය, ෆේස්බුක් මේවා අද සමාජයේ නැතිවම බැරි දෙයක් වෙලා. ඒත් මේ දේවල් යොදාගෙන හැමෝම හොඳ දේවල් විතරක් නෙමේ කරන්නේ.

අන්තර්ජාලය, කොටින්ම කීවොත් ෆේස්බුක් නිසා අද ඇතිවී තිබෙන ප‍්‍රශ්න බොහොමයි. පසුගිය වසරේ පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙක් මේ ෆේස්බුක් නිසා සිය දිවි හානි කරගත්තා. සමහර අවස්ථාවලදී ස්ත‍්‍රී දුෂණ, මංකොල්ල කෑම් පවා මේ නිසා සිදු වෙලා තියෙනවා.

ගොඩක් අය තමන්ගේ හතුරන්ගේ චරිත ඝාතනය කරන්න, ආගම් භේද, ජාතී බේද, කැරළි කෝළාහල ඇති කරන්න පවා මෙය යොදාගන්නවා.

ෆේස්බුක් කියන්නේ සම්පතක්. ඇයි අපිට ඒක හරි විදිහට භාවිතා කරන්න බැරි. ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මේ දේවලුත් පතුරන්න අපිට ෆේස්බුක් යොදාගන්න පුළුවන්. ජීවිත විනාශ කරන්න නෙමේ ජීවිත ගොඩනගන්න මෙය යොදාගන්න පුළුවන්.

අපට පුළුවන්නම් ඒක මේ රටේ ඉන්න අපේ අනාගත පරපුරට, අපේ දරුවන්ට උගන්වන්න, මං හිතනවා මේ රට ගොඩක් ලස්සන තැනක් වේවි.

මේ ඔබ දකින්නේ එලෙස අපි ආරම්භ කල වැඩසටහනක්. සමාජසත්කාර සර්වෝදය ෆියුෂන් හා එක්ව මේ ව්‍යාපෘථිය දියත්කලා. මේ සඳහා මූල්‍යමය දායකත්වය දැක්වුයේ ෆේස්බුක් එකේ මිතුරු, මිතුරියන්.

සර්වෝදය ෆියුෂන් ආයතනයෙන් මධුෂාන් විජේරත්න මහතා, මෛත‍්‍රී මල්වත්තෙගොඩ මහත්මිය සහ කොබෙයිගනේ CRASDA පරිගණක ආයතනයේ තිවංක මහතා සහ කසුන් මහතා මේ සඳහා සම්පත් දායකත්වය දැක්වූවා.

IT Yahamaga – Engaging grassroots youth in using Technology Securely – Sarvodaya-Fusion

“Advancement of Technology has contributed to the upliftment of human life in many ways” is a widely agreed upon statement. However, there’s also another side to this story. Now a days, we hear more and more stories about how people, especially youth groups go astray through misuse of technology. These incidents have accelerated to a certain point where most of the parents, especially in the grassroots settings have started to show an aversion towards exposing their children to advanced Technologies.

“IT Yahamaga” is an initiative of Fusion Education (FE) to counter this growing issue. Through this program, we seek to educate grassroots students and IT Teachers about; if used properly, how technology can change our lives and the society we live in for the better. The campaign contains; discussions with the students about incidents where technology has been used as a medium in criminal activities, resulted in social unrest and contributed to social issues such as growing teenage suicides etc. and showcasing of a wide range of success stories where technology, especially social media has been used to bring about positive change in the society as well as personal growth.

The program is funded by Samaja Sathkara Foundation. In addition, Mr. Danesh Maduranga Edirisooriya, the Founder and Managing Director of the Foundation contributes to the program as the main resource person.

With the assistance of FE District Coordinators, IT Yahamaga workshops are planned to be held across the 22 districts Fusion Education operates.

නිර්මාතෘ : Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය

IT යහමග | Securing the SMART Generation

A collaborative project of SamajaSathkara.lk  & Sarvodaya-Fusion

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments