CharityShop Online සම්මුඛ පරීක්ෂණ (අලුත් පරණ සැමටම)

by | Feb 3, 2021 | සම්මුඛ පරීක්ෂණ | 0 comments

CharityShop Online සම්මුඛ පරීක්ෂණ (අලුත් පරණ සැමටම)
ආයතනයට සම්බන්ධ වන සියලුම දෙනා මේ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවීම අනිවාර්ය වේ.
අද සිට TechLabs Innovative Solutions International (Pvt) Ltd. ආයතනයේ Charityshop Sales Team වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම දෙනා ආදායම් ඉපයීමට ලියාපදිංචි වීමට ප්රථම ඔන්ලයින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතුයි.
???? Charityshop වැඩසටහනට සම්බන්ධ වීමට ඔබට තිබිය යුතු සුදුසුකම්
1️⃣ වසය අවුරුදු 18 වැඩි විය යුතුය.
2️⃣ ෆේස්බුක් සහ අන්තර්ජාලය පිළිබඳව සාමාන්ය දැනීම තිබිය යුතුය (නොඑසේනම් රු.2,500ක් ගෙවා අපගේ Online Course එකට සම්බන්ධ වී ඒ පිළිබඳව ඉගෙන ගත හැක)
3️⃣ ඔබගේ ප්රොෆයිල් එක සත්ය තොරතුරු සහ ඡායාරූප ඇතුලත් ප්රොෆයිල් එකක් විය යුතුය. ඔබ අපගේ අලෙවි නියෝජිතයෙකු ලෙස අන්තර්ජාලයේ අපව නියෝජනය කරනවානම් Fake Profile භාවිතය සපුරා තහනම්. ප්රොෆයිල් ඇතුලෙහි ඔබගේ ඡායාරූප 3 වඩා තිබීම අනිවාර්ය වේ.
“Fake Profile වලින් ඔබට ආදායම් ඉපයිය නොහැක”. මෙය අප ඔබට දැනුම් දුන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය.
දැනට ෆේක් වලින් ඉන්න අය මුදල් ඉපයීම් ආරම්භ කර ඇත්නම් හැකි ඉක්මනින් තමන්ගේ නමට ගිණුමක් සාදාගන්න… නොඑසේනම් ගිණුමේ නම වෙනස් කර ඡායාරූප ඇතුලත් කරගන්න.
ඔබගේ මුදල් Withdraw කරන බැංකු ගිණුමේ නමට හෝ නමේ කොටසකට ෆේස්බුක් ගිණුමේ තිබිය යුතුය.
ඔබ යමෙක්ට අපගේ සේවාවක් හෝ භාණ්ඩයක් පිළිබඳව විස්තර කරනවානම්, අපගේ අලෙවි නියෝජිතයෙක් වී අලෙවි කරනවානම් ඔවුන් ප්රථමයෙන්ම ඔබ ගැන විශ්වාසයක් ඇතිකර ගත යුතුය. එසේ නොවුනහොත් ඔවුන්ට අපගේ ආයතනය ගැනද විශ්වාසයක් ඇති නොවේවි.
එම නිසා ෆේක් ප්රොෆයිල් වලින්, මල් වල, ගස් වල, සිංහයන්ගේ, දේශපාලකයින්ගේ, නළු නිළියන්ගේ, ආගමික නායකයින්ගේ වැනි ප්රොෆයිල් පික්චර් වලින් ඉන්න, හෙළයින්, යක්ඛයින්, ප්රින්සස්ලා, ප්රින්ස්ලා, රොක්ස්ලා වැනි අයට මෙයට සම්බන්ධ විය හැක.
Job Description එකේ “මොන ජොබ්ද අනේ මම තාම චූටිනේ, අම්ම දෙන දෙයක් කාලා ඉන්නවා” ලෙස සඳහන් කර ඇත්නම් කරුණාකර එය ඉවත් කරන්න. ලෝකයට විහිළුවක් වන මිනිස්සු අපගේ ආයතනයටද හානියක් කරාවි යම් දවසක.
ඔබ කවුරුන්ද යන්න ලෝකයාට පෙන්වීමට බයයි නම්, ඔබේ අනන්යතාවය සඟවනවානම් ඔබ වැනි කෙනෙක් සමඟ ව්යාපාර කිරීමට අප සහ අනෙක් අය කොතරම් බිය විය යුතුද….
4️⃣ ඔබගේ හැඳුනුම්පතෙහි ඡායාරූපයක්, මාස 3කට වඩා පැරණි නොවන ජල, විදුලි, දුරකථන බිල්පතක්, සෙල්ෆි එකක් එවීම අනිවාර්ය වේ. (KYC Verification)
5️⃣ අපගේ ඔන්ලයින් සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වී වාර 3කට නොවැඩි අවස්ථා ගණනකදී සම්මුඛ පරීක්ෂණයෙන් සමත් විය යුතුය.
6️⃣ සාමාජික අංකයක් ලබාගෙන සාමාජික ගාස්තුව ගෙවිය යුතුය.
7️⃣ සිංහල අකුරු කියවීමට හැකි පුද්ගලයෙක් විය යුතුය. (අපගේ කිසිම වෙබ් අඩවියක් හෝ තොරතුරු දෙමළ හෝ ඉංග්රීසි මාධ්යයෙන් නැත)
????‍???? ඔන්ලයින් සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
1️⃣ මේ ගෲප් එකෙහි පෝස්ට් පළකරන්නේ ආයතනය විසින් පමණි. ප්රථමයෙන්ම ඔබ දිනක්, සතියක් හෝ නොඑසේනම් මාසයක් හෝ වෙන් කර ගෲප් එකේ පෝස්ට් සියල්ල කියවා අවබෝධ කරගත යුතුය. මන්ද සම්මුඛ පරීක්ෂණයේදී අපි ගෲප් එකේ පළකල පෝස්ට් එකකින් ප්රශ්න 3ක් අසනවා. එයට පිළිතුරු ලබාදීම අනිවාර්ය වේ. සම්පූර්ණයෙන්ම කියවා අවසන්නම් පමණක්… ????????????????????????
2️⃣ ඉන්පසු මේ පෝස්ට් එකට Interview Me ලෙස කමෙන්ට් කරන්න.
3️⃣ අපි ඉන්පසු ඔබට දැනුම් දෙන දිනයේදි අදාල වේලාවට අපගේ 0701 456789 අංකයට ඇමතුමක් ගත යුතුය. එම ඇමතුම අතරතුර අප ඔබව Interview කරනු ලබනවා.
????‍???? සම්මුඛ පරීක්ෂණයේ වැදගත්කම කුමක්ද?
1️⃣ ඔබ සම්මුඛ පරීක්ෂණය පළමු වර සමත් වුවහොත් ඔබගේ සාමාජික ගාස්තුව රු.1,000යි. දෙවන වර සමත් වුවහොත් රු.1,500යි. තෙවන වර සමත් වුවහොත් රු.3,000යි. ඉන්පසු ඔබට සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබේ. (ඉදිරියේදි ගාස්තුව වැඩි වීමකදී මෙය තවත් වැඩි වීමේ සම්භාවිතාවයක් ඇත)
2️⃣ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙන කෙනෙක්ට දින 45ක් ඇතුලත ගෲප් එකෙන් මුදල් උපයාගැනීමට නොහැකි වුවහොත් ඔබ ගෙවූ සාමාජික ගාස්තුව ආපසු ගෙවිමට ලෝකයේ ප්රථම වතාවට අප සූදානම්.
????️ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ නොවී ආයතනයට සම්බන්ධ වෙන්න පුලුවන්ද?
ඔව් පුලුවන්, රු.2,500ක් සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ විය හැක. KYC Verification අත්යවශ්ය වෙව්. නමුත් ඔබට අපගේ ආයතනයෙන් මුදල් ඉපයීමට නොහැකි වුවහොත් සාමාජික ගාස්තුව ගෙවනු නොලැබේ. මන්ද අපි ඔබව සම්බන්ධ කර ගත්තෙ ඔබගේ හැකියාවන් පිළිබඳව පරීක්ෂා කර නොවේ. ඔබ සම්බන්ධ වුනේ ඔබේ කැමැත්තට. එම නිසා ඔබේ නොහැකියාවට අපගේ ආයතනයට වගකීමක් ගත නොහැක.
මුදල් ගෙවීමට ප්රථම පෝස්ට් කියවා ඔබ සූදානම්, Interview Me ලෙස පමණක් කමෙන්ට් කරන්න.
???????? කෙසේ සම්බන්ධ වුවත් ආයතනයේ නීතී රීතී වලට අනුකූලව කටයුතු කල යුතුය. අප 3 වරක් ඔබව දැනුවත් කරන අතර ඉන් පසුත් නීතී කඩකලහොත් සාමාජිකත්වය අහෝසි වීම, ආදායම් අහිමි වීම සිදුවිය හැක. ඔබ නිසා ආයතනයේ නමට හානියක් සිදු වුවහොත් ඔබව ආයතනයෙන් ඉවත් කෙරෙනු ඇත. හානිය අනුව නීතිමය පියවර ගැනීමටද ආයතනයට බලය ඇත.
සියලුම උපදෙස්, කොන්දේසි කියවා සම්බන්ධ වෙන්න…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments