වෙන ආයතන වල වැඩිපුර ගෙවන්නේ ඔබ ආයතනයට හම්බකරලා දෙන මුදල වැඩි වෙනකොට…
CharityShop අපි වැඩිපුර ගෙවන්නේ ඔබේ මනුස්සකම වැඩි වෙනකොට සහ ඔබ ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න වැඩි වෙනකොට….
ෆේස්බුක් මිතුරන්ගේ ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් විසඳුමක්… (If you need MONEY, we can GUIDE you, we can SUPPORT you, all you have to do is WORK HARD & EARN)
ඔබට අපගේ හවුල්කාර ආයතන වල භාණ්ඩ හා සේවා අලෙවියෙන් එක් විකුණුමක් වෙනුවෙන් ලැබෙන්නේ රු.100-250ත් අතර මුදලක්. නමුත් අපගේ මව් ආයතනය වන TechLabs හි වෙබ් අඩවි නිර්මාණ ව්‍යාපාර වෙනුවෙන්, එය අපගේම ව්‍යාපාරයක් නිසා ඔබට 5% සිට 25% දක්වා කොමිස් මුදලක් ලබාදීමට අප තීරණය කලා. ඒ අනුව එක් ව්‍යාපාරයක් හඳුන්වා දීම වෙනුවෙන් ඔබට පහත ආකාරයට කොමිස් මුදල් හිමිවෙනවා.
1️⃣ අපගේ අවම පැකේජය (රු.25,000) වෙනුවෙන්
ඔබට ලැබෙන අවම මුදල රු.1,250
උපරිම මුදල රු.6,250
2️⃣ අපගේ උපරිම පැකේජය (රු.350,000) වෙනුවෙන්
ඔබට ලැබෙන අවම මුදල රු.17,500
උපරිම මුදල රු.87,500
ඉහත මුදල් ලබාගැනීමට ඔබෙන් අපට අවශ්‍ය වන්නේ ව්‍යාපාරිකයෙකුගේ දුරකතන අංකයක් පමණි. සරළයි. ඔබට ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයෙක් සමඟ කතාකල යුතු වන්නේ මිනිත්තු 5-10 අතර ප්රමාණයකි. ඔබ කැමතිනම් ඔන්ලයින් වෙනුවට ව්‍යාපාරිකයින් මුණගැසීද මෙය සිදුකල හැක.
මෙය අපගේ ක්‍රියාකාරකම් සියල්ල දින 45ක් පුරාවට නොකඩවා සිදු කරන, සියලුම පුහුණු කටයුතු සිදු කරන අයට ලැබෙන වරප්රසාදයකි.
ඔබේ කොමිස් මුදල තීරණය වන්නේ ලෝකයේ කිසිදු ආයතනයක් සිදු නොකල ආකාරයට…
අපි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වෙනස් දෙයක් කරන්න හිතුවා. ඒ තමයි ඔවුන්ට විවිධ නිර්ණායක මත ළකුණු (Points) ලබාදීමක් සිදුකර එමගින් ඔවුන්ට ලැබෙන මුදල් (ඔවුන්ගේ කැපවීම/හැසිරීම මත ඔවුන් උපයාගන්නා මුදල අඩු වැඩි කිරීමට)
Points ලබාදෙන නිර්ණායක. නිර්ණායක වලට ඇතුලත් කිරීමට ඔබගේ අදහස්ද ලබාදෙන්න.
- සමාජසත්කාර පිංකමකට කවදා හෝ රු.5කින් හෝ මූල්‍යමය දායකත්වය දැක්වූ කෙනෙක්නම් – 3 Points
- සමාජසත්කාර පිංකමකට කවදා හෝ ශ්‍රම දායකත්වයෙන් සම්බන්ධ වූ කෙනෙක්නම් – Points 2
- මාසික ආදායම රු.15,000ට අඩු – Points 5
- මාසික ආදායම රු.15,000 – 25,000ත් අතර – Points 2
- පවුලේ පාසල් යන හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් 5 හෝ ඊට වැඩිනම් – Points 10
- පවුලේ පාසල් යන හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් 4 – Points 8
- පවුලේ පාසල් යන හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් 3 – Points 6
- පවුලේ පාසල් යන හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් 2 – Points 4
- ආබාධිත දරුවන් සිටීනම් – Points 5
- ඔබ ආබාධිත නම් – Points 5
- ඔබ Vegetarian නම් – Points 5
- ඔබ Vegan නම් – Points 10
- ඔබ මත්පැන් හෝ දුම්වැටි භාවිතා නොකරන අයෙක්නම් – Points 5
- ඔබ විවාහකයිනම් – Points 2
- ඔබගෙන් යැපෙන්නන් ගණන 8ට වැඩිනම් – Points 2
- ඔබ සිටින්නේ කුළී නිවසකනම් – Points 5
- ඔබ ස්ථීර රැකියාවක් නොකරයිනම් – Points 3
- ඔබ ස්වයංරැකියාවක් කරන අයෙක්නම් – Points 2
- වයස අවුරුදු 70ට වැඩි දෙමව්පියන් සමඟ ඔබ ජීවත්වේනම් – Points 3
- ඔබ කිසිම ආයතනයකින්/බැංකුවකින් ණයක් මේ අවස්ථාව වන විට රැගෙන නැතිනම් – Point 3
- දීර්ඝ කාලීන ප්‍රතිකාර ගන්නා රෝගී තත්ත්වයකින් පෙලෙයි නම් ( වකුගඩු, පිළිකා, මානසික වැනි රෝගී තත්ත්වයන් – Points 5
- කොරෝනා වසංගතය නිසා ඔබගේ රැකියාව/ආදායම් මාර්ගය අහිමි වී ඇත්නම් – Points 10
- ඔබ PCR ව්‍යාපෘතියට පරිත්‍යාග කල අයෙක්නම් – Points 25
- ඔබ සාමාජිකයින් 50 වඩා සම්බන්ධ කල අයෙක්නම් – Points 20
- ඔබ වෙළඳ ව්‍යාපාර 50 වඩා සම්බන්ධ කල අයෙක්නම් – Points 20
ඉහතින් දක්වා ඇත්තේ උදාහරණ වේ. Points ප්‍රමාණය ඔබගේ අදහස් මත වෙනස් කරනු ලැබේ.
ඔබට මෙයට Points එක් කිරීමට අදහස් පළ කල හැක. ඔබේ ප්‍රශ්න අපට යොමු කරන්න. එය පොදු ප්‍රශ්නයක්නම් අප එයට Points ලබාදීමට කටයුතු කරන්නම්.
මේ Points වලට අපි ගෙවන්නේ මෙහෙමයි…
ඔබ අපගේ වැඩසටහන සමඟ එකතුව මුදල් සොයන විට ඔබට ලැබෙන සාමාන්‍ය කොමිස් මුදල 5%ක් ලෙස ගණනය කලහොත් ඉහත Points මත ඔබට ලැබෙන කොමිස් මුදල් වැඩිවේ. Points 10ක් යනු 1%කි. එවිට ඔබට 5% – 15%ත් අතර කොමිස් මුදලක් හිමිවේ. උදාහරණයක් ලෙස ඔබ නිසා අපට රු.100,000ක ව්‍යාපාරික අවස්ථාවක් ලැබුණහොත් ඔබට Points මත රු.5,000 – 15,000ත් අතර මුදලක් ලැබෙනවා. ඔබට ඒ මුදල සොයන්න වෙහෙස වෙන්න සිදුවන්නේ දිනකට විනාඩි 5-10ක් වැනි සුලු කාලයක් පමණයි.
ඔබගේ අනාගත ආදායම තීරණය කරන මූලික පෝස්ට් එක, අදහස මෙය වන අතර පොයින්ට්ස් එක් කිරීමට ඔබගේ අදහස් ලබාදෙන්න… අඩුම තරමින් මේ පෝස්ට් එක 5-6 වරක්වත් කියවන්න…
ඉහත නිර්ණායක අපි කිසිම තෙවන පාර්ශවයකින් තහවුරු කරගන්නේ නෑ. ඔබම තමයි ඉදිරියේදි ෆෝම් එකක් පුරවලා අපට දැනුම් දෙන්න ඕන. ඔබට බොරු කරන්න පුලුවන්.අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපිට බොරු කලාට ඔබේ හෘද සාක්ශියෙන් ඔබට ගැලවෙන්න බෑනේ….
Charityshop Team